වෙලාව රෑ නවයයි තිස් හයයි..
ටිකක් රෑ නිසාමද කොහෙද මුලු පරිසරයෙම තියෙන නිශ්ශබ්ද කම පොඩ්ඩක් ම නෙවෙයි , ගොඩාරියක් මට කොන්ෆොටබල් !
ඇත්තටම හැම කෙනෙක්ටම හැම දවසකම මේ ෆීලින්ග් එක දැනෙන්න ඕනි. අපි මුලු දවසම අපිට වැඩක් තියෙන ඒවටයි වැඩක් නැති ඒවටයි වෙන් කරනවා... අනේ අපේ පුංචි මනුස්ස ආත්ම වලට මතක නෑ අපි හුස්ම ගන්නවා කියලවත්. කෙනෙක්ට කියන්න පුලුවන් හුස්ම ගන්න නිසානෙ අපි හොදට ඉන්නෙ කියලා! ඒත් ඒක වෙනස් හරිද ? අපි හැමෝටම වෙලාවක් තියෙන්න ඕනි , ඔයා අද මොනවද කළේ කියල හිතන්න , අහසෙ හැදෙන වෛවර්ණ අමුතු අමුතු මැජික් දිහා බලන්න , රෑ මැද ඇහෙන අමුතුම නිස්සබ්දෙ අහන් ඉන්න , කුරුල්ලො කෑගහනවා අහන්න.. තව... , සතුටින් හුස්මක් ගන්න , හරියට උදේ නැගිට්ට ගමන් අපිට ලැබෙන තත්පරය වගේ ඒ හුස්ම හිතේ තියෙන සේරම බර එක්ක එළියට දාන ගමන් ලැබෙන මිලි තත්පරේක සැහැල්ලුව විදින්න... ඔව් අපි හැම කෙනෙක්ට ම අවස්ථාවක් ලැබෙන්න ඕනි!
එක දෙයක් ගැන හිත යොදවන්න අමාරුයි... දැන් ටිකකට කලින් දැන ගත්තා අලුතින් එන බැන්ටැන් ඇල්බම් එකේ නම අරිරන්ග් කියල!! ඒත් මෙතෙන්ට ආවම හීනියට දුකක් ආවා ඉස්සරහ කේපොප් ෆෑන්ෆික්ශන්ස් ඊරා එක මතක් වෙලා... හ්ම් !! , දැන් ඒවයින් වැඩක් නෑ.... හැමදේම වෙනස් වෙනවනෙ ඉතින් කොහොමත්!
Elfie_