දන්නවද,
සමහර හමුවීම් තිබුනා
ඒවා හිතට තදින්ම වැදුනු.
ඒත් හිතෙන් බැදෙන්න,
ළගින් දැනෙන්න,
ඇස්වලට පේන්නම ඉන්න ඕනිද?
නෑ කවදාවත් නෑ.
බැඳීමක් ශක්තිමත් වෙන්නේ
දුරින් තියෙද්දි විතරයි.
අපි කොච්චර හීන මැවුවත්
ළඟින් ඉන්නකොට තේරෙයි
මිනිහා කවුද කියලා.
මම ආසම,
සැබෑ ස්වරූපය පෙන්නන මිනිස්සුන්ට.
කවදාවත් දැකලා නැති වුනත්,
මටත් ඔයාව දැනුනා.
ඒ මන් ආසම මනුස්සයෙක් විදිහට.
ඉතින් මගේ පළිඟු යාළුවේ,
දවසක අපි හම්බෙනකන් මේ මිතුදම පරිස්සම් කරගමු.
ස්තූතියි හැමදේටම!❤️
මීට,
ඔයාගේ බ්ලූබෙරි යාළුවා.