Wattpad bl කතා කියවලා වෙච්ච මරුම සීන් එකක් කියන්නද..
අපේ ගෙදර එදා පාටියක්.මගෙ බොක්කේ ෆිට් එක වෙච්ච මල්ලි කෙනෙක් එදා පාටියට ආවා. මිනිහා මට වඩා අවුරුද්දයි බාල. අපේ අක්කයි ඌයි අරවා මේවා කියව කියව ඉද්දි මාත් එතනට වෙලා ස්ටෝරියක් කියෝ කියෝ හිටියා. smut සීන් එකක්....ඒ වෙලාවේ අම්මා කතා කරලා මං ගියා ෆෝන් එක එහෙම්මම තියලා. ඇවිත් බලද්දි මිනිහා ඒක කියවනවා යකෝ!!! ඌ ඇහුවා මං එහෙම කතා කියවනවද කියලා.. මට අම්බානට බය හිතුණා අප්පා.. හොඳ වෙලාවට කොල්ලා විවෘත මනසක් තියෙන එකෙක්. මං ඉතින් ඔව් කියෝනවා, තව ලියනවා කියලත් කිව්වා.
ඒක හෙන ලැජ්ජා සහගත සිද්ධියක් අප්පා.. නිකන් අර රෑට නිදාගෙන ඉද්දි ඇයි මං එහෙම කරේ කියලා හිතෙන විදිහේ එකක්. වැට්පෑඩ් කොමියුනිටි එකේ ඈයෝ ඔය වගේ ඒවා ගැන පරිස්සම් වෙන්න ඕනෙ ඇහ්. මොකද ලංකාවේ හැමෝම ඒවගේ දේවල් තේරුම් ගන්නේ නෑනේ..