ස්වීට්හාට්ස්,
ඔයාල හොදින්ද ? අද දවස කොහොමද ? ඔයාල හැමෝටම සතුටෙන් සනීපෙන් ඉන්න ලැබෙන්නෝනි:)
අද දවසෙ මට වුන දෙයක් නිසා මේක කියන්න හිතුනෙ.....ඔය 'බය' කියන දේ තියෙනව නේද.ඔන්න ඔය බය නිසා අපිට ගොඩක් හොද අවස්ථා මගහැරෙනව.
ගොඩක් වෙලාවට අපි අපෙ කම්ෆර්ට් සෝන් එකෙන් එලියට යන්න බයයි.හැබැයි ඒ බය හිතෙන මොකක්ම හරි අභියෝගය මගඇරල දාලා පාඩුවේ සැනසීමෙන් ඉන්නවට වඩා, කරන්න එපාමයි කියල හිත බල කරන දේ කොහොමහරි කරන්න ට්රයි කරන්න.කම්ෆර්ට් සෝන් එකෙන් එලියට ඇවිත් බය හිතෙන,අපහසුතාවයට පත් වෙන දේවල් කරන්න පටන් ගත්තම තමයි තේරෙන්නෙ අපි හීන මවන ලෝකෙ තියෙන්නෙ මෙතන නේද කියල..
මං අද අවුරුදු ගානක් තිස්සෙ කරන්නම බෑ කියල පස්සට දාලා හිටපු එක්තරා දෙයක් තනියම ගිහින් ට්රයි කරල බැලුවා.
හැබැයි එතනට ගියාට පස්සෙ තමයි මට හිතුනෙ මේක හිතපු තරම් අමාරු දෙයක් නෙවෙයිනෙ කියල.බය කියන්නෙ මායාවක්..ඒ වගේ බෑ හිතෙන දේවල් කලාම ලැබෙන තෘප්තිය වෙන කිසිම දේකින් ගන්න බෑ.! බය කියන්නෙම අපෙ වයිබ්රේෂන් එක අන්තෙටම ඇදල දාන හරි නෙගටිව් දෙයක්.ඒ නිසා ඔයාලත් බය හිතුනත් බය නෑ වගේ ඉන්න..බැහැමයි කියල හිතෙන දේ කෝමහරි කරන්න.
ඉතින්,එහෙම හිතුවක්කාර මිනිස්සුන්ට තමයි සොබාදහමත් ආදරේ!
මං වගෙ ඉන්ට්රොවර්ට්ස්ල තවත් සිටී ද? අපි කතා කරමු.
You know what...,
In a gentle way,You can shake the world !
❤️
ඔයාලව අමතක වෙලා නෙවෙයි හොදද..
හෙට අප්ඩේට් දෙන්නම්.ආදරෙයි!