"Let everything be settled that has been a whole mess over this year, and let every heart be healed, before the next fresh beginning.."
මම මාසේ පලවෙනිදාම මගේ ඩයරි එකේ එහෙම ලිව්වා. ඒත් කවුද හිතුවෙ නරකම දේක වුණත් හොඳක් දකින්න පුලුවන් කියලා.. ඇත්තටම සමහර වෙන්වීම් සිද්ධ වෙන්නේ අපේම හොඳට.. ඉතින් ඒ පලවෙනිදා මම ලියපු දේ ඇත්ත වුණා වගේ නෙවේද? මම ඉල්ලුවෙන් මුලු අවුරුද්ද පුරාම අවුල් වෙලා තිබුණු දේවල් හරි ගැස්සිලා අලුත් ආරම්භයක්.. ඉතින් ලැබුණෙත් එහෙම දෙයක්නෙ.. එක තැන පල් වෙන එකේ තේරුමක් නැහැ.. ඒත් ගොඩක් අය
තමන්ට ඒ පුරුදු තැන දාලා යන්න කැමති නැහැ.. විශ්වාස කරන්න එහෙම මිනිස්සුන්ට ලස්සන අනාගතයක් ලැබෙන්නෙ නැහැ! හරිම පාර හොයගන්න වගේම, වැරදි පොර අතහරින්නත් ධෛර්යය තියෙන්න ඕන..
අන්තිමටම කියන්නෙත් ඉතින් එබැවින් නවතිමි.. හදින් පිටමන් නොකරමි.. කියන්නෙත් මහා ගොන් කතාවක් කියලා අහවල් එකටද හදවතේ තියන් ඉන්නෙ..? මම නම් කියන්නෙ නෑ, ආදරෙයි ඒත් ආයෙ ඒපා කියලා.. එපා නම් එපා.. එතන ආදරේ මගුලක් නෑ ආය..
මීට දුක හිතිලා කේන්ති ගියපු
තාරාවා..
(Chrimson)
2025.12.09