ඕතර් අක්කි S2 එකක් දෙනවා කියලා මෙන්ෂන් කරලා තියෙනවා දැක්කා කලිනුත්. ඔයා මුලදී හිතුවට කෙටියට කතාවක් දෙනවා කියලා දැන් අදහස් ගලනකොට නවත්ත ගන්න බෑ නේද :)) එකෙන් නේද සාෂාගෙ කතාව පටන් ගන්නවා ඇත්තෙ. එයාට happy ending එකක් දෙනවා කිව්වා නේ. happy ending ගත්තහම එක එක විදිහේ ඒවා තියෙනවා. මම හිතනවා එයාට කෙනෙක් හම්බෙයි කියලා. මම ප්‍රාර්ථනා කරනවා එයා කොල්ලෙක් වෙන්න කියලා. මේ කතාවේ දැනට අපි දන්න චරිත වල ස්වභාවයට වඩා වෙනස් චරිතයක් තියෙන කෙනෙක්. මම තේරෙන්නේ නෑ ඇයි කියලා ඒත් මට හිතෙනවා කෙල්ලෙක් ගෙන් ලැබෙන ආදරයට වඩා සාෂාට කොල්ලෙක්ගෙන් එයාට වටින ආදරයක් ලැබෙයි කියලා. කොල්ලො අවංකවම ආදරය කරන්න පටන් ගත්තහම ඒක මාරම ස්ට්‍රෝන්ග් බොන්ඩ් එකක් කියලා හිතෙනවා. මම සාෂාට රාධේ ලැබෙන්න කියලා හිතලා නෑ.. ගොඩක් වෙලාවට කතාව කියවන කොට හිතුණේ එයාට වෙනස්ම විදිහක කොල්ලෙක් ලැබෙන්න ඕන කියලා. මොන හේතුවක් නිසාද කෙල්ලෙක්ව මගේ හිතින් ප්‍රතික්ෂේප වෙනවා එතනදී. මම රුක්ෂාන්ව එයත් එක්ක ෂිප් කරා ඒත් රුක්ෂාන් ගේ චරිතෙ ගැන අපි ගොඩක් දන්නේ නෑනේ. ඊලගට දිශාන් එක්ක.. එයාව ගැලපෙයි කියලා හිතුනා ගොඩක්. ඊළගට මගේ ඇස් දෙකට අහු වුණා දේව්ට අයියා කෙනෙක් ඉන්නවා කියලා. එතකොට මට හිතුණා එයාවත් හොදයි කියලා... සාෂාට එයාට වඩා ටිකක් ලොකු කෙනෙක් මුණ ගැහෙනවා නම් හොදයි කියලා එතනදී හිතුණා.. එයාව බලාගන්න matured love එක්ක දෙන්න පුළුවන් කෙනෙක්. ඉතින් දැන් හිතේ දිශාන් , දේව්ගේ අයියා එක්ක නැව් දියඹට දාලා මම තනියම සතුටු වෙන්වා. ඒත් කෙල්ලොත් ඉන්නවා නේ (╯︵╰,) අනේ සාෂාව කෙල්ලෙක්ට ලැබෙයි කියලා හිතද්දී අනේ එපා දුකයි දෙන්න බෑ අප්පා...!
මේවා මගේ උපකල්පන ඕතර් අක්කා. වැඩිය හිතන්න එපා ඔයා අකමැති ඒවා නම්... ලස්සනට S2 ලියලා අලුත් අවුරුද්දටද...රීඩර්ස්ලට දෙන්න.... :))