
Emzdirary
නංගි අද තමයි මම බෝසිළු කියවලා ඉවර කළේ.. පටන් ගත්තේ පෙරේදා.. පුදුම ලස්සන කතාවක්.. පුදුම ලස්සනත් නෙවෙයි මට ඒකට කියන්න, හරිම අර්ථේ ගේන වචනයක් එන්නේ නෑ.. මම comment එකකුත් දැම්මා.. ඒත් ඔයාට දකින්න මේක ලියන්න හිතුනා.. මම අනුරාධපුර ඉපදිලා හැදුන වැඩුන ගෑණු ළමයෙක්.. කතාව මැද තිබුණ මධ්ය විද්යාලය මගේ හිතට ඉතාමත් ළඟයි.. ගෙයින් එළි බැහැලා ටිකක් දුර යද්දී පේන මහ සෑය, අනිත් පැත්තට හැරිලා යනකොට හම්බෙන නුවර වැව් ඉස්මත්ත.. මේවා මගේ හිතට මාර ළඟයි.. අනුරාධපුරෙන් එළියට මම ආවේ මොරටුව කැම්පස් එකට යන්න.. ඒ එළියට ආවා ආවාමයි දැන් කැම්පස් ගමන ඉවර වෙලත් සෑහෙන්න කල්, ජොබ් එකත් එක්කම කොළඹ ගම කරගෙන මෙහෙ ජීවත් වෙන්න අරන් දැන් කාලයක් වෙනවා.. ඒත් මගේ මුලු හිතම තවම තියෙන්නේ පුරේ.. මේ කතාව කියවනකොට මට දැනෙන homie feeling එක මෙහෙමයි කියලා විස්තර කරන්න අමාරුයි.. ඔක්කොමත් හරි writing style එක.. කලාතුරකින් කෙනෙකුට පිහිටන හරිම පැහැදිලි, විස්තරාත්මක, කියවන්න ගත්තම නවත්තන්න හිතෙන්නේ නැති, මොකක්දෝ ආකර්ෂණයක් තියෙන writing style එකක්.. දක්ෂයි! මට කියන්න තියෙන්නේ සරලවම එච්චරයි! තව, දිල්මෙත් කියන්නේ ආදරේ කරන හිතක් එක මොහොතකින් දිය කරලා දාන්න පුලුවන් පුදුමාකාර චරිතයක්! තව තව ලියන්න, වචන කවදාවත් හිස් වෙන්න එපා කියලා මම ප්රාර්ථනා කරනවා.. ආදරෙයි❤️ එක ප්රශ්නයක්, ඔයා රජරට ද?

fragrant_freesia
@Emzdirary මාත් පුරේක තමයි ඉන්නෙ නම් ඒත් අනුරාධපුරේ නම් නෙමෙයි... ඒත් අක්කා වගේම මාත් පුදුම ආදරෙයි රජරටට. හේතුවක් දන්නේ නෑ ඒත් මං ලංකාවේ යන්න කැමතිම රජරට, ත්රිකුණාමලය.... මේ දිස්ත්රික්ක දෙක එක්ක නිකන් මාව බැඳිලා වගේ තියෙන්නේ...
•
Reply