" නිහඩ දරාගන්නා !! "
දවස තිස්සේ හීන වෙනුවෙන් කැප වෙන ඔයාටයි මේ වචන !
ඔයා ...! ඔව් ඔයා ..
මන් දන්නවා.
ඔයා දන්නෑ කියලා මං දන්නවා.
ඔයා කොයිතරම් ශක්තිමත් මනුස්සයෙක් ද කියන්න ඔයා දන්නෑ..
පුන්චි කාලේ ඉදන් මේ වෙනකන් ඔයා කොයි තරන් ප්‍රශ්න ගොඩකට මුහුන දීලා ඇත්ද. නොගැලපෙන මිනිස්සු එක්ක තිබ්බ සුහදකම් කොයිතරම් වේදනාකාරී වෙන්න ඇත්ද .. ජීවිතේ ඇතැම් මතක ඔයාට අදටත් කොයිතරම් නම් අමිහිරි ඇත්ද ..
සමහරු එක්ක පැය ගනන් කරපු සාකච්ඡා කොච්චර නම් විඩාබර වෙන්න ඇත්ද ...
ඔයා කියන්නේ කව්ද කියන්න ලෝකෙට පෙන්නන්න කරපු උත්සහයන් කීයක් නම් අසාර්ථක වෙන්න ඇත්ද..
හිත හදාගන්න තව කෙනෙක් එක්ක දුක බෙදාගත්තත් කව්රුත් ම ඔයාගේ ඒ ප්‍රශ්නවලට විසදුම් දුන්නෑ .. ඒ හැමදේටම මූන දුන්නේ ඔයා .. ඔයාම විතරයි ! කට්ට තනියෙන් හීන හබාගෙන මේ යන පාර ඔයාට කොච්චර නම් අමාරු ඇත්ද ..
ඔයා ඒ මූන දීපු සමහරක් අමාරු තැන් ගැන අදටත් කව්රුත්ම දන්නෑ .. ඔයාට අමතක උනාට මං දන්නවා , ඔයා තරන්
' නිහඩ දරාගන්නෙක් ' මේ ලෝකේ තවත් නෑ.
ඉතිං අතාරින්න හිතන හැම මොහොතකම ඔයාවම හයියෙන් අල්ලන් ඉන්න..
හීන බලන් ඉන්නේ ඔයා දිනනකන් !
ඒ හීන හැබෑ උන දවසට ඔයා තරන් සතුට වෙන මනුස්සයෙක් මේ ලෝකේ කොහෙවත්ම නැති වෙයි.
.................
මට එක්සෑම් ලමයි :"((
එක්සෑම් ඉවර උන ගමන් කෝඩු අප්ඩේට් අරන් මං එනවා ඔයාලව බලන්න..
එතකන් පරිස්සමෙන් ඉන්න !
ආදරේට ආදරෙයි ❤️✨️
~ ගිමා .