මට පෙම් කරන
මා පෙම් නොකරන
'ඔහුව' පසෙකලා..
මා පෙම් කරන
මට පෙම් නොකරන
'ඔහු' වෙත හඹායමි..
මා පෙම් නොකරන
'ඔහු' ගේ වදනකඳු
අහක දමමි..
මා පෙම් කරන
'ඔහු' අහක දැමුවද
මා වදන් ලියමි..
සුසුම්ලමි..
දෑස් අයා බලා සිටිමි..
ළඟ ඇති දෑ අගේය
අල්ලන්ට බැරි සඳට වඩා
බවද දනිමි...
එහෙත් ,
පලුඳු නොවුණු දියමති හද
තවත් බලාසිටීමට
අර අදියි නම්,
මා කියා කුමක් කරන්නද??
#වස්සානවර්ශා
2024.09.08
ඔයලා මාත් එක්ක තරහත් වෙලා ඇති ළමයි..
ඒකට ඇත්ත වශයෙන්ම සමාවෙන්න.. මට ඊලඟ අවුරුද්දේ ALs.. ඉතින් මට මං ගැන හිතන්න කාලෙ හරි.. අවුරුද්දක් ඉවසන්න. ඔයාලා කවුරු කවුරු මාත් එක්ක ඉදියිද නැද්ද දන්නේ නෑ.. හැමෝටම මෙච්චර කල් හරි බලන් හිටියට ස්තූතියි.. මට සමහරවිට කලාතුරකින් එක චැප්ටර් එකක් වගේ දෙන්න පුලුවන් වෙයි.. මං බලන්නම්.. ALs ඉවර වුන ගමන් මං එන්නම්..
ආදරෙයි ♥️
Kim son joon