" ජීවිතය නම් පැඳි පෙළෙහි තනුව ගලපන්නට ඉඩ ලබා දුන් මායාකාරී හදවත් උදෙසා මෙසේ ලියා තබමි!!!~"
අවාරෙක හසරක් නොදැන ගිය
මාවතක කෙලවරක් නොපෙනෙන
විඩාබර වූ ගොළු හිතක් හට
දැනෙනවා තනිකමේ උණුහුම
නිමක් නොපෙනෙන මාවතක දුර
සිහින දොරඟුලු බිඳ දමාගෙන
මා වෙතම ආ සොඳුරු සිහිනය
කිමද දැනුනේ ගොළු හිතක හඬ?
හිතක් පමණක් ගොළු වුනත් කිම
ගැහෙනවා මේ හදවතේ ඉම
මවෙත ආ ඒ පුංචි තුහිනය,
පුදුමයිද? මේ තමයි කාලය..
සිහින දුන් ඒ පුංචි තුහිනය,
මලක් වී නුඹ බැබලියන් හෙට
නැවත පැමිණෙන තෙක් වසන්තය,
රකින්නට ඔබ අවසරයි මට!
#BLU
ඉතින් කොහොමද? හොඳින් ඉන්නවද? වැඩ අස්සේ හිර වෙලා ඉන්න මිනිස්සුන්ට කලාව මාර මත්ද්රව්යක් නේ. ඉතින් මේක මම ලිව්වෙත් එහෙම ඉද්දි <හෙහෙ>.. විශේෂයෙන්ම මම මේක කියන්න කැමති.. මම මේක ලිව්වේ හොඳම යාළුවා කියලා නමින් හඳුන්වන බැඳීමට නමක් නොදුන්න පුංචි කෙල්ලෙක්ට..ඉතින් ඔයාලත් කැමති නම් මේක ඔයාලාගෙ ළඟම කෙනාට යවන්න! ඒනම් හැමෝටම සුභ දවසක්!~