ආදරේ පෙරළා අකුරු කරන්නට

දුයිෂෙන් පොහොසත් වුනානම්

කිසිදා නොලියවෙනු ඇත

හදවත් මහගොඩක් ස්පර්ශ කල

ඒ කිසිදා නොගැයූ නොගැයවෙන

ආදරණීය ගුරුගීතය...



නොරිකො සංට හැකිවුනිනම්

හුස්ම මියෙන්නට පෙර
හමුවෙන්නට දෙවොන්දරා සංව

කොහිද එහි මලවුන්ගේ
අවුරුද්දක්

කිටිකිටියේ ඇස්වලින්
කදුලු වස්සන...



ආදරේ නාමයෙන් පණ පිදූ රොමීයෝ

ජුලියට්ව ජයගත්තනම්

කොහිද එහි පුරාවෘතයක්

ආදර පුරාවෘත රැසකට
හේතූපාදක වන....



හුස්ම මියැදෙන තප්පරෙත්

ප්‍රේමයට හුස්ම දුන් ජැක් මහසයුරට බිලිනොවුනානම්

කොහිද එහි ශෝකාන්තයක්

ටයිටැනික් කියූ සැනකින් සිත්සතන් නවතන...



ආදරේ හරිම අව්‍යාජයි

හිමි නොවන බව දැන දැනම

හුස්මටත් වඩා පෙම් කරන
හිත්වල....



ඉතින් මන් අදටත් විශ්වාස කරනවා

ආදරේ මහගොඩක්
තිබුණෙම

හිමිව හිනැහුණු හිත්වලට වඩා

මගහැරී රිදවපු

හිත්වල..



✏️ සයූ සාහීර්‍යා
  • zhanyi world
  • RegistriertDecember 24, 2024



1 Leseliste