shwe_min

අලුතෙන් කවි & නිසඳැස් 15ක් එකතු කළා යාළුවනේ ☺❤✨
          	
          	P.S :- අවෝඩ්ස්වලට මාවමෙන්ෂන් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි ☺❤❤✨✨
          	https://www.wattpad.com/story/367072987

shwe_min

මං මේක uninstall කරන්න හිතුවා කෙල්ලනේ. දෙසැම්බර් 20න් පස්සේ ආයෙම මතුවෙන්නම්. කියන්න මොනාහරි තියේ නම් කියලා යන්න.
          
          හැමෝම පරිස්සමින් ඉන්න. මං ඔයාලට ගොඩක් ආදරෙයි ❤✨

_Ji_yunnie_

@shwe_min හී හී අනිවාර්යෙන්ම ❤
Reply

KimSiRa630

@shwe_min අනිවාර්යයෙන්ම පැට්ටෝ... හොඳට වැඩ ටික කරගන්න...
Reply

just_a_senophile

අනිවාර්යෙන්...
            හොඳ⁣ට Exam කරන්න❤️
Reply

shwe_min

ඕනි මගුලක් වෙච්චදෙන් කියලා ආයෙ පොත් ටික ප්බ්ලිෂ් කරන්න හිතෙනවා. ආසාවෙන් ලියපු කතා ටික ඩ්‍රාෆ්ට් ලිස්ට් එක අස්සට වෙලා තියෙනවා දැක්කම දුකයි. :( 
          
          ඔයාලා මොකද කියන්නෙ ඒ ගැන? ආයෙ කතා ටික දාන්නද? මට කවර්ස් චේන්ජ් කරන්න නම් වෙලාව නෑ හැබැයි
          
          P.s. 
          Gamebooks කියවලා තියෙන අය / කියවන්න ආස අය ඉන්නවද?

choi_hyemin_

@shwe_min මං නම් කවර්, නේම් හරේ මෙහේ වෙනස් කරා.. අයින් කරේ නෑ බැකප් තියෙන හින්දා
Reply

Black_White003

@shwe_min හේටර්ස්ලා බටසට තවත් මඩ ගහන්න බලන් ඉන්නේ ඒක නිසා ටිකක් ඉවසන්න පැංචෝ
Reply

Dewkookie04

@shwe_min  තාම එපා නේද සතියක් විතර ඉමු ❤
Reply

shwe_min

FF ටික දැනට අයින් කරනවා..... මං ගාව ඒවයෙ බැකප් නැති නිසා කතා ටික පරිස්සම් කරගන්න මට ඒවා unpublish කරන්න වෙනවා.... Memeland එකයි Anniversary priject එකයිත් දැනට අයින් කරනවා ඒවත් BTS related හින්දා... 
          
          කවි පොත් ටික අයින් කරන්නේ නෑ. ඒවයෙ LGBTQ rights ගැන මං ලියපු තැන් තියෙනවා. ඒත් ඒවා මං එහෙමම තියනවා. LGBT Community එක කියන්නෙ මගේම ෆැමිලි එක. මං ඒ වෙනුවෙන් ලියපු දේවල් කිසිම හේතුවක් නිසා අයින් කරන්නේ නෑ. ඒවට ඕනි කෙනෙක් රිපෝට් ගහපුදෙන් මට ඒකට කමක්නෑ ඒ ගැන බයකුත් නෑ.
          
          හැමදේම හරි ගිය දවසක් ආවොතින් අයින් කරපු පොත් ටිකත් ආයෙම දාන්නම්. මං මෙතනට ගොඩක් ආදරෙයි. මේ මට ජීවිතේ හම්බුණ තැන. ඉතින් මට මෙතන දාලා යන්න දුකයි. මං මෙතනට ගොඩක් ලෝබයි. ඒත් මේක තාවකාලිකද සදාකාලිකද කියන්න නොදන්න සමුගැනීමක්.... 
          
          හැමෝම පරිස්සමින් ඉන්න ❤✨
          ආදරෙන්,
          ශ්වේ (shwe_min)

choi_hyemin_

@shwe_min ඒක හොඳයි ඒයි :)
Reply

_KimAnyaH_

@shwe_min බලන් ඉන්නව ❤️❤️
Reply

Love_for_fantasy

@shwe_min අපි ඔයත් එක්ක ඉන්නව කෙල්ලෙ ❤️
Reply

shwe_min

සේරම තිත්තයි දැන්!! ඇත්තටම මීට අවුරුදු දෙක තුනකට කලින් මෙතන කොච්චර ලස්සනට තිබුණද....
          
          තමන්ගෙ පාඩුවෙ කතාවක් ලියන් ඉන්න මිනිස්සුන්ටයි කතාවක් කියවලා ඕතර්ට කමෙන්ට් එක දීලා එතනින් එහාට පැත්තකට වෙලා පාඩුවෙ ඉන්න අයටයි තමා කෙළවෙන්නෙ එක එකාගෙ නාඩගම්වලින්! 
          
          https://vt.tiktok.com/ZS2B8oAJt/
          
          මේක රිපෝට් කරන්න හැමෝම.... :(
          

Yoon_Sugi

@shwe_min ඉස්සර මෙතන තමා ටිකක් හරි සැනසීමෙන් හිටියෙ...
Reply

Dewkookie04

@shwe_min වගකීමක් නැති මිනිස්සු ශික් පර්සනලි මාව නිකම් මැරුව වගේ දැනෙන්නෙ 
Reply

shwe_min

මම, මම ම ද කියලා මටම දැන් හරි පුදුමයි......
          
          පැය තිස් පහකට කලින් ගෙවුණ ඒ විනාසකාරී හෝරාව මතක් වෙන වාරයක් වාරයක් ගානේ, ආයෙ මං මාව විනාශ කරගන්න යන්නෙ නැහැ කියලා මටම පොරොන්දු වෙන්න මං උත්සාහ කරනවා.....
          
          හිතුවට වැඩිය ගොඩක් මාව බිඳිලා. ඒත් මං ආයෙම නැගිටින්න උත්සාහ කරනවා.......
          
          හිත සැහැල්ලු වෙන පොතක් කියවන ගමන් , සැහැල්ලු මියුසික් එකක් අහලා මං මාව සනීප කරගන්න උත්සාහ කරනවා.....
          
          ජීවිතේ කියන පොතේ , මාස තුනක පරිච්ඡේදයක් සදහටම වහලා දාන්න ලොකු උත්සාහයක යෙදෙන ගමන් මං ආයෙම හීන හොයාගෙන යන විදිහ ගැන හිතනවා......
          
          විශ්වාසය , බැඳීම් කියන වචන හිතළුවක්ම උන මොහොතක මං මගේ අනාගතේ ගැන බැරෑරුම් විදිහට හිතන්න ගන්නවා..... ඒ වෙනුවෙන් මහන්සි වෙන්න ඕනි නිසාම , අමාරුවෙන් උනත් හිත එක තැනකට අරන් ආයෙමත් මං පාඩම් පොත් එක්ක තනිවෙනවා....
          
          ඇත්තටම ජීවිතේ කියන්නේ හරි පුදුමාකාර තැනක්..... සමහර දේවල් සිද්ධවෙන්නෙ අපි හිතනවට වඩා හුඟක් වේගයෙන්....!

yukinochu

@shwe_min thank karanna deyak n nangi ❤ 
Reply

shwe_min

සමහර දේවල් අල්ලාගෙන ඉඳලා ඇතිවුනාම ගොඩක් මිනිස්සු කාටවත් නොකියා අතුරුදහන් වෙනවා.... ඒක තාවකාලිකද නැද්ද කියලා තීරණේ වෙන්නේ එයාලා මොනවගේ දේවල් කොච්චර කාලෙකටද දරාගත්තේ කියන එක මත.... ඇත්තටම "දරාගැනීම" කියන දේට සීමාවක් තියෙනවා....
          
          සමහර මිනිස්සු අතුරුදහන් වෙන්නේ අපි ඉස්සරහා රඟපාලා ඇතිවුනාම... එයාලා අතුරුදහන් වෙන්නේ අපේ විශ්වාසෙත් නැතිකරගෙනම....
          
          විශිෂ්ට ගණයේ ව්‍යාජ රංගනයක අවසන් ප්‍රතිඵලය නික්ම යෑම.......
          
          ඉදිරියට සමහර විට නැවත අපි හමුවේවි...
          නැතිනම්...
          කවමදාවත් නැවත හමුනොවේවි......... ✨