Kim seo jin's POV
රෙස්ටුරන්ට් එකෙන් කෑම කාලා ඉවර වෙලා අපි තුන් දෙනයි , ක්යුන්ග්සූයි එයාගෙ යාලුවෝ දෙන්නයි ඔක්කොම අපි ඇවිදගෙන ගියා. ක්යුන්ග්සූ ගෙ අමුත්තක් පේන්න ගත්තා. නිකන් අමාරුවෙන් වගේ බඩ අල්ලන් හිටියේ. හිටිහැටියෙම එයා පැත්තකට ගිහින් වමනේ දැම්මා.
" ක්යුන්ග්සුයා දෝ ග්වෙන්චනායෝ ?" මම එහෙම ඇහුවෙ එයාගෙ පිට අතගාන ගමන්.
" එකපාරටම මොකද උනේ. කවුරු හරි ගිහින් වතුර ගේන්නකෝ "
" නෑ නෑ මම හොදින් කාපු ගමන් මම ස්ප්රයිට් බෝතලයක්ම බිව්වනේ ඒකයි මේ "
බේඛ්යුන් වතුර බෝතලයක් මට ගෙනත් දුන්නා. මම ඒක හෙමීට ක්යුන්ග්සූ ට පෙව්වා. ලග තිබ්බ බෙන්ච් එකකින් එයාව වාඩි කරලවල මමත් එතනින් වාඩි උනා. ටික වෙලාවක් යද්දි එයාට නින්ද ගිහිල්ලා. එයාගෙ ඔලුව මගේ උරහිස උඩට වැටිලා තිබ්බේ.
' අනේ මෙයා මෙහෙම ඉන්නකොට මාර කියුට්. ලාවට ඇස් වහගෙන . කට ටිකක් ඇදේ ගිහිල්ලා🤭 පොඩි බබෙක් වගේ හරිම හුරතල් . ' මම ටිකක් අනිත් උදවිය දිහා බැලුවා. නිකන් අපි දිහා බලන් හිටියේ නොමිලේ ෆිල්ම් පෙන්නනව වගේ. දැන් ඉතින් මෙහෙම දිගටම ඉන්න බෑනෙ. මම හෙමීට ක්යුන්ග්සූ ව ඇහැරවන්න හැදුවා .
" යාහ් ක්යුන්ග්සුයා ක්යුන්ග්සුයා නැගිටින්න අපි යන්න ඕන " ප්රතිචාරයක් නොමැත 🤭.
" ක්යුන්ග්සුයා අපට මෙතන ඉන්න බෑනේ කෝ නැගිටින්නකෝ "
" ආ ඔව් ඔව් ඇයි ඇයි .. අහ් මට නින්ද ගිහින් නේද චේසොන්හම්නිදා "
" අහ් ඒකට කම්ක් නෑ දැන් ඔයාට හොදයි නේද "
" ඔව් දැන් හරි "
" හ්ම්ම් කෝකටත් හෙට ඉස්කෝලෙ යන්න එපා ගෙදරට වෙලා ඉන්න "
" ඔව් ක්යුන්ග්සුයා අපි ඔයාව බලාගන්නම් " ක්යුන්ග්සූ ගෙ යාලුවො පැන්න ගමන් කිව්වා. ඉස්කෝලෙ කට් කරන්න හරි ආසයි වගේ.
" නෑ නෑ ඔයාලා හෙට ඉස්කෝලෙ යන්න ගිහින් ඉස්කෝලෙ කරපු වැඩ ඇවිත් ක්යුන්ග්සූ ට කියන්න "
![](https://img.wattpad.com/cover/251164860-288-k404258.jpg)
YOU ARE READING
ONLY YOU ( Completed ☑️)
Fanfictionදගකාර කෙල්ලො තුන්දෙනෙක් ... හැන්ඩ්සම් කොල්ලො තුන් දෙනෙක් .. ඒ හය දෙනා අතර එකතුවෙන එක්තරා කපල් එකක් 🌚. ඒ දෙන්න වෙන් කරන්න හදන කෙල්ලෙක් . කෙල්ලව ලබාගන්න බැරුව වෛරයෙන් බැදුනු කෙනෙක්. අන්තිමට කොහොමහරි එයාල කරදර වලින් ඈත් වෙලා එකට ජීවත් වෙනවා 💗.