අදනම් පට්ට කම්මැලි දවසක්. උදේ ඉදන්ම ගොරව ගොරව හොදටම වහිනවා. ජන්කූක් විතරක් මේ මහ රෑ ඇහැරෙගන. ලොකු බ්ලැන්කට් එකකුත් ඔළුවෙ ඉදන්ම පොරවගෙන කොල්ලා ඇදේ එහාට මෙහාට පෙරළුනා.
සීතල නම් කියනවා ජන්කූක් ගිහින් නිදාගන්න කියලා. ඒත් මේ නිහඬ රෑ වැස්සට කොල්ලා ආසයි. කවදාවත් ඉවර වෙන් නැති ගාණට වහින වැස්ස දිහා බලාගෙන ඉන්න එකත් හරි ආස හිතෙන දෙයක්.
ජන්කූක් ටිකක් වෙලා එළියෙ වහින සද්දෙ අහගෙන හිටියා. කොල්ලට දැනුනෙ ලොකු පාළුවක්. ඊටපස්සේ ජන්කූක් හෙමිහිට ගිහින් මේසෙ ගාව තිබ්බ ජනේලෙ ඇරියා. එළියෙ හොදටම විදුලි කොටනවා. ලොකු සීතලක් එක්ක සිරිකඩ බිංදු ඇවිත් කොල්ලගෙ මූණෙ වදිනවා. ඒත් ජන්කූක්ට නම් ඒක ගානක්වත් නෑ වගේ.
කිසිම දෙයක් නොපෙනෙන කට්ට කළුවරේ තොරතෝංචියක් නැතුව වැටෙන වැහි බිඳු දිහා කොල්ලා ඔහේ බලන් හිටියා.
ඒත් ජන්කූක්ට වැඩිවෙලා ජනේලෙ අරගෙන ඉන්න හම්බුන්නෑ. කොහේදෝ ඉදල ආපු හීතල හුළගක් කොල්ලව වෙලාගත්ත. තවත් හිටියොත් නම් ගල් වෙන්න තමයි. ජන්කූක් ජනේලෙ වහල ඇවිත් ආයෙමත් ඇදේ ගුලිඋනා. ටිකක් වෙලා යනකොට බ්ලැන්කට් එක ඇතුලෙ උණුසුමට කොල්ලට නින්ද යාගෙන ආවා.
එතකොටම කවුදෝ මන්දා හයියෙන් ජන්කූක්ගෙ දොරට තඩිබානවා. කොල්ලා උඩ ගිහින් ඇහැරුණා.
"මේ මහ රෑ මොකාද ආවෙ?"
කොල්ලා ටික වෙලාවක් එහෙමම හිටියා. ඒත් සද්දෙ නම් නවතින පාටක් නෑ වගේ.
"ෂිට් මොකාද මේ දොර කඩන්න හදන්නෙ?"
ජන්කූක් බැන බැනම දොර පැත්තට ඇවිදන් ගියා. කෝකටත් කියලා කොල්ලා ළග තිබුණු කොස්සකුත් ඇදල ගත්තා.
දැන්නම් දොරට ගහන සද්දෙ නැවතිලා. එළියෙ වහින සද්දෙ ඇර වෙන කිසිම සද්දයක් නෑ. කොල්ලා හිමීට දොර ඇරලා බැලුවා.
"කෝ මොකෙක්වත් නෑනෙ"
එළිය පට්ට කලුවරයි. කොල්ලා ෆෝන් එකේ ෆ්ලෑෂර් එකත් ඔන් කරගෙන එළියට බැස්සා.
"කවුරු හරි ඉන්නවද?"
ජන්කූක් එහෙම අහන ගමන්ම ටිකක් ඉස්සරහට ඇවිදන් ගියා. එතකොටම පළාතම දෙදරන තරම් සද්දෙකුත් එක්ක විදුලි කෙටුවෙ කොල්ලගෙ හිතම හිරිවට්ටමින්. ඒත් එක්කම මුළු පළාතෙම විදුලිය විසන්ධි වුණා. අවට තිබ්බ හැම විදුලි පහනක්ම නිවිලා ගියා.
YOU ARE READING
Ghost Girl || Completed
Fanfictionමහ රෑ අහම්බෙන් හම්බුන අභිරහස් අමුත්තියක්? මියුසික් වෙනුවෙන් කැපවෙන කොල්ලො හත් දෙනෙක්? ලුහුබදින පරණ මතකයක්? මේ සේරම අස්සෙන් ගලන් යන අපූරු ආදරයක්... ගෝස්ට් ගර්ල්... කියවලා බලමුකො මොකද වෙන්නේ කියලා 😊