Episode 02

453 94 8
                                    


Namjoon: අන්න අරයා තමා මට කොස්ස දුන්නෙ...
In yeop: Y/n!!!! මෙයා මේ කියන්නෙ ඇත්තද?
Y/n: yahh Namjoon!!! ඔයා music room එකේ එක්කෙනෙක් ද??? Sorry InYeop මම දැනගෙන හිටියෙ නෑ... මෙන්න මෙහෙ දෙන්න කොස්ස... ආයෙ දෙන්නෙ නෑ ඉල්ලන්නත් එපා...
Y/n කොස්ස උදුරගෙන නැවත Media room එකට යයි. මෙම සිද්දිය දෙස music room එකේ සිටි jin සහ suga ද බලා සිටියි.
Jin: ලැජ්ජ නැද්ද namjoon media room එකෙන් කොස්ස ඉල්ල ගත්තෙ?
Namjoon: දැන් ඔයා කියන්නෙ මට කොස්සක් ඉල්ල ගන්න තකහනියක් පහලට යන්න කියලද...
Jin: නෝන්ඩිනෙ දැන්...

පාසල ආරම්භ වෙයි. සුපුරුදු පරිදි ලමයි සියලු දෙනා අද්‍යාපන කටයුතු සිදු කරමින් සිටී.
(English period එක)
English teacher: හරි අද අපි group work එකක් කරන්න යන්නෙ...
එහෙම කිව්ව english teacher ලමයි දෙන්නා ගානෙ groups හදයි. කුමන හෝ වෙලාවේ හොද කමකට මට සෙට් උනේ Namjoon ය. 'මෙයා ඉතින් වැඩ්ඩා නෙ මට අතවත් තියන්න ඕනෙ වෙන එකක් නෑ... මට කොහොමත් english බෑනෙ... ඉතින් group activity එකක් කියලා මම මොනා කරන්නද...'

English teacher: හරි දැන් මම english වලින් story එකක් පටන් ගන්නවා... ඒක ඔයාල continue කරන්න ඕනෙ... මුලින්ම කතාව ලියල ඉවර කරන group 3 නෙන් හොදම එක තෝරනවා....
Teacher එසේ පවසන විට අනිත් ලමයිද තම group එකේ අනෙක් සාමජිකයා ලගට ගොස් පුටු තබාගෙන ඉදගෙන ලෑස්ති වෙන ලදි. මම ද namjoon ගේ මේසය ලගට ගොස් ඔහු ගේ ඉදිරියෙන් පුටුව තබා ගෙන වාඩි විය.
English teacher: හරි පටන් ගන්න...
Activity එක කරන්න පටන් අරන් විනාඩි කිහිපයක් ගියත් namjoon කිසිවක් නොලියමින් පෑනෙන් මේසයට තට්ටු දමමින් කල්පනා කරමින් සිටී. 'එහ් මෙයා අද ඇදේ අනිත් පැත්තෙන් නැගිටලද ඇයි මෙයා මුකුත් ලියන්නෙ නැතුව ඉන්නෙ?' මම ඔහු දෙස බලා කල්පනා කරමින් සිටි.
Namjoon: මේ... ඔයාට මොකක් හරි idea එකක් තියේද මේ කතාව continue කරන්න... ඔයාට පුලුවන් නම් මට කතාවක් හදලා කියන්න මම translate කරන්නම්... මට කතා හදනවා වගේ වැඩ බෑ...
Y/n: ahh කතාවක්ද ඉන්න...
මම කතාව සාදමින් සිටින අතර ඔහු එය english වලට translate කරයි. මම කවදාවත් හිතුවෙ නෑ පන්තියෙ පලවෙනියයි අන්තිමයයි එකට group work එකක් කරද්දි එයාට පොඩි වත් උදව්වකට අන්තිමයා ඕන වෙයි කියලා. අපි දෙන්නා එකතු වී කතාව ලියා අවසන් කලේ තුන් වෙනි ස්තානයටය. Teacher පලමු තුන් දෙනාගේන කතා කියවා හොදම එක තෝරමින් සිටියි.
English teacher: හරි මම දැන් කියන්න යන්නෙ හොදම කතාව ලියලා තියෙන්නෙ කව්ද කියලා....... හොදම කතාව ලියපු group එක.... Namjoon ගෙයි Y/n ගෙයි group එක...
පන්තියෙ ලමයි අත්පුඩි ගසමින් කෑගසයි.
Namjoon: ඇත්තටම ඔයා ඒ හදපු කතාව ලස්සනයි.
Y/n: Heeee... Thank you
සුලු වෙලාවකින් පාසල අවසන් වේ. මට පැවරුණු රාජකාරියේ හැටියට media unit එක අස්පස් කිරීමට ගියේය. Media unit එකේ rules වල හැටියට උදේ හවස දෙකේම හැම බඩුවක්ම පිහිදාලා අතුගාන්න ඕනෙ ' aishhh මල විකාර' ඕනාවට එපාවට එහි තිබූ බඩ ආදිය පිහිදමමින් සිටිද්දී මගෙ අතින් mic එකක් බිම වැටී දෙකට වෙන් වුණි. "අපොයි! දැන් මොකද කරන්නෙ...?" බිම වැටුනු කෑලිදෙක අතට ගත් මට තේරුණේ එය කැඩී නොව හයිකරන තැනකින් වෙන්වී ඇති බවයි. "අම්මෝ ඇති යාන්තම් කැඩිලා නැද්ද කොහෙද..." මම ඒ කෑලි දෙක හයි කිරීමට try කරත් එය කර ගැනීමට බැරිවිය. " දැන් මොකද කරන්නෙ... Mic එකේ මේ කෑලිදෙක හයිකරන්න දන්න කෙනෙක් මේ වෙලාවෙ කොහෙන්ද හොයන්නෙ" මම මටම පවසා ගනිමින් media unit එකේ දොරෙන් එලිය බැලූ විය දුටුවේ music room එකට ඉදිරියේ ඇති බංකුවේ Namjoon ඉදගෙන පොතක් කියවමින් සිටින බවයි. මේයාට කියලා මේක හයිකරගන්න පුලුවන් වෙයි. කියා සිතූ මම හොරෙන් හොරෙන් දෙපැත්ත බලමින් පූස් අඩි තියමින් ඔහු ලගට ලං වුනේ මෙය media unit එකේ වත් music room එකේවත් කවුරුවත් දැනගත්තොත් ප්‍රශ්නයක් වෙන නිසාය.
Y/n: eh මට මේක පොඩ්ඩක් set කරලා දෙන්නකො...
Namjoon: අහ්හ්... කෝ දෙන්න
වටපිට බලා  namjoon එය හයිකරීමට අතට ගත් විටම පහල සිට jin සහ suga කතා කරමින් උඩට එන හඩ ඇසෙයි. මම ටාස් ගාලා media room එකට දුවගෙන ගියේ namjoon ගෙ අතේම mic එක තියෙද්දීමය.
Jin: අහ්හ්... මොකෝ මේ mic එකක් අතේ තියාගෙන? අපි මේ ආවෙ music room එක වහල ගෙදර යන්න මට හිතුන ඔයත් මෙතන වෙන්න ඇති කියලා...
Namjoon: අහ්... නෑ මේ mic එක අතේ තියන් සින්දුවක් කියන්න practice කලා... ඔයාලා යන්න මම music room එක වහගෙන එන්නම්...
Suga: පොඩ්ඩක් ඉන්න... පොඩි කාලෙ ඉදන් ඉස්කොලේ mic වලින් සින්දු කියපු ඔයා මොකද මේ හදිස්සියෙ mic එකකින් සින්දු කියපු නැති කෙනෙක් වගේ mic එකක් අරන් practice කලේ?
Namjoon: දන්නෙ නැද්ද පොඩි ආසාවක් ආවා...
Suga: aha
Jin: හරි හරි ඕක ඇතුලෙන් තියන්න... අපි මේක වහලා යමු...
Namjoon: නෑ මම තව පොඩ්-
Namjoon තවපොඩ්ඩක් ඉදලා එන්නම් කියන්න ගියාට එය කියා අවසන් කිරීමට ඉඩ නොදුන් jin ඔහුගේ අතේ තිබ්බ mic එක උදුරා music room එකට දමා දොර වසයි.
Jin: මෙන්න මෙහෙ වරෙන් බන් යන්න...
Jin Namjoon ගේ අතින් ඇදගෙන පහලට එක්කන් යයි. Suga ද ඔවුන් සමගම යයි. මේ අවස්තාවේ මම media room එකේ සිට දොරෙන් එබී මෙය දෙස හොරෙන් බලා සිටියේය.
"අපොයි! අපේ mic එක! මම දැන් කොහොමද ඒක ගන්නෙ..."
ඔවුන් තුන්දෙනා පහලට ගිය පසු media room එකෙන් එලියට පැමිණි මම music room එකේ ජනේලයෙන් එබී mic එක තබා ඇත්තේ කොහෙදැයි බලයි 'අම්මෝ ඇතියාන්තම් ජනේලෙ ඇරලා ගන්න පුලුවන්' මම music room එකේ ජනේලය හිමින් හිමින් ඇර අත දිගුකර එය ගැනීමට හදන විටම කවුරුන් හෝ මගෙ shirt එකේ පිටිපස්සෙ බෙල්ල හරියෙන් අල්ලනවා දැනුණි.
"කෝ බලමු කවුද මේ හොරගෙඩියා කියලා..." ඒ පිරිමි හඩට මම හිමින් හිමින් හැරී ඔහු දෙස බැලුවෙමි. 'අපොයි Jin'
...........................................
(සුලු මොහොතකට පෙර)
Jin namjoon වත් ඇදගෙන පහලට යයි. Suga ද ඔවුන් සමගම යයි. මේ අවස්තාවේ namjoon ට නැවත පැමිණ අර mic ක Y/n ට ලබාදීමට අවශ්‍යය.
Jin: අපි අද රෑට karoke යමුද?
Suga: පස්සෙ දවසක බලමු... මට නිදිමතයි අප්පා...
Jin: ඔයාගෙ නිදිමත කවදාවත් නැතිවෙන එකක් නෙවේ කියලා මතක් උනාම... 
Jin පවසමින් තනියමම හිනා වෙයි.
Namjoon: අප්පටසිරි...
Jin: ඇයි?
Namjoon: මගෙ පොතක් music room එකේ මේසෙ උඩ තිබ්බා ගන්න අමතක උනානෙ... මට යතුර දෙන්න jin මම ටක්ගාලා ගිහින් අරන් එන්නම්...
Jin: අනේ ඔයාගෙ ටක්ගාලා යෑම... ඔහොම ඉන්න මම දුවලා අරන් එන්නම්...
Namjoon: නෑ මම ගිහින්-
Namjoon පවසා අවසන් වෙන්නටත් පෙරම jin නැවත music room එක ඇති building එක දෙසට දුවගෙන යයි.
" jin පොඩ්ඩක් ඉන්න!" namjoon කෑගසමින් පස්සෙන් දුවගෙන යයි.
................................................
මගෙ shirt එකේ පිටිපස්සෙ බෙල්ල හරියෙන් අල්ලා හොරෙකු දෙස බලන ආකාරයට jin මා දෙස බලා සිටියි.
Jin: අඩේ මෙන්න වැඩක්... ඒ පාර media unit එකේ උන් music room එකෙන් බඩු හොරකම්
කරන්නත් පටන් අරන්ද?
Y/n: නෑ.... නෑ... එහෙම දෙයක් නෙවේ... පොඩ්ඩක් අහන්නකො මම කියන එක...
Jin: හොරකම් කරන්න ගිහින් අතටම අහුවෙලා තව නිදහසට කාරනා කියන්නත් එනවා...
Namjoon: yahhh Jin... ඔය... කෙල්ලව.... අතඅරින්න....
Namjoon හති දමමින් පවසයි.
Jin: Eh?
Namjoon: ඉන්නකො මම කියන්නම් ඇත්තටම උනේ මොකද්ද කියලා...
Namjoon සිදුවූ සිද්දිය පවසයි.
Jin: පොඩ්ඩක් ඉන්න එතකොට namjoon ඔයා කියන්නෙ මම අර දැන් ටිකකට කලින් ඇතුලෙන් තිබ්බෙ media unit එකට අයිති mic එකක් කියලද? ඇයි ඔයා ඒක මට කලින් කිව්වෙ නැත්තෙ? අනේ මන්දන්නෙ නෑ namjoon ඔයා නම්... ඉන්න ඉන්න මම අරන් දෙන්නම් ඒක...
Jin Music room එකේ දොර ඇර mic එක ගැනීමට යයි. තාමත් හති දමන namjoon දෙස බැලූ මම " ඔයා හොදින්ද?" යැයි ඇසූවිට ඔහු "ඔව් ඔව්..." කියා පිලිතුරු දී කොරිඩෝවේ ඇති බංකුවෙන් වාඩිවිය. Mic එක රැගෙන පැමිණි jin එය මා දෙසට දිගු කලේය. හොද ලමයා හිනාවක් Jin ට දැමූ මම mic එක අතට ගෙන "Thank you" ලෙස පවසා media room එක දෙසට හිමින් හිමින් ඇදුනෙමි.

First SongWhere stories live. Discover now