💜 Chapter 23 💜

1.9K 254 59
                                    

Author's POV

නම්ජුන් කියපු දේ ඇහුනේ නෑ වගේ යුන්ගියා ඇවිත් පුටුවේ වාඩි උනා.
යුන්ගියත් වාඩි වෙච්ච එකේ මං විතරක් මොකටද හිටගෙන ඉන්නේ කියලා හිතලා සෙයියත් ගිහින් වාඩි උනා.

අනිත් උන් ටිකට හිතා ගන්න බෑ මොකද්ද උනේ කියලා.
පුපුර පුපුර ආවා, කතා නොකර වාඩි උනා.
දැං අනිත් එවුන්ටත් එක්කම ඔරෝනවා.

මේ මොන මල විකාරයක් ද🙄🙄🙄.

"සෙයියා මොකෝ මේ???" තෙව්වා ඇහුවේ සෙයියා ගෙන්.
ඒත් මේ කෙල්ල නෝ කතා නෝ සිනා නේ.

"යුන්ගියා මොකද්ද උනේ කියලා කියන්නකෝ" හෝබියත් කිව්වා.

"අන්න අරයා ගෙන්ම අහගන්න එකයි ඇත්තේ" යුන්ගියා පුපුර පුපුර කිව්වා.

"මං මොනවා කියන්න ද🧐🧐🧐 ඒක මගේ වැරැද්දක් නෙමෙයි නේ" සෙයියා ටත් තද වෙලා.

"එහෙනම් මගෙද????" යුන්ගියා දාගෙන රවනවා.

"මේ මෝඩ පූසො ඔයා එතෙන්ට ආවේ නැත්තං මං මීට වඩා හොඳට එනවා" සෙයියත් අතාරින පාටක් නෑ.

"මාත් හොඳටම දැක්කනේ බේරිලා එන විදිහ. මං හිටියේ නැත්තං අද ඉවරයි. ඒත් මේකිගේ කට" යුන්ගියත් බනිනවා.

"මං කාගෙන්වත් උදව් ඉල්ලුවේ නෑනේ. පැන පැන දෙන්න එපා" ඒ සෙයියා.

"ආහ් දැන් එතකොට මෙතන තියෙන ලොකුම ප්‍රශ්නෙ මං තමුසෙට උදව් කරපු එක ද🤔🤔🤔" යුන්ගියත් ඇහුවා.

"නැත්තං වෙන මොකද්ද. හරි වැඩ්ඩා කියලා වෙන්නැති හිතන් ඇත්තේ" සෙයියා තාමත් කියෝනවා.

අනිත් සෙට් එකට දැං මඤ්ඤං වගේ.
මොකද ඉතින් මුන් දෙන්නා කියවන්නේ මොනාද කියලා ඒ සෙට් එකට තේරෙන්නේ නෑනේ.

"දෙන්නම නවත්තනවා ඕක...... දැන් අපිට හරියටම කියනවා මොකද්ද උනේ කියලා" ජිනයියා පොඩ්ඩක් සද්දෙ දැම්මා.

එකට නං දෙන්නම කට වහ ගත්තා.

"හරි මං කියන්නං" යුන්ගියා එහෙම කිව්වත් තාම හිටියේ හොඳටම කේන්තියෙන්.

යුන්ගියා කට්ටියට මුළු කතාවම කිව්වා.
මේ මෝඩ පූස් තඩියා කිසි ලැජ්ජාවක් නැතුව අර කිස් කරපු කෑල්ලත් කියලා දැම්මා නේ.
මේකට ගානක් නැති උනාට ඒ කෑල්ල කියපු වෙලාවේ අනිත් එවුන් ටික "ඕ............................" කියලා කෑ ගහපු සද්දෙ ට සෙයියා නං උඩ ඉඳලා කකුල් දෙක ගාවටම රතු උනා.
අන්තිමට කතාව කියලා ඉවර උනා.

♡♡♡ High School Romance ♡♡♡ ( Completed ✅ )Where stories live. Discover now