💜 Chapter 51💜

1.3K 206 72
                                    

Author's POV

දවස් ගානක ට්‍රිප් එකෙන් පස්සෙ අද තමයි කට්ටිය ආපහු ඉස්කෝලේ යන්නෙ.
වෙනදා වගේම අදත් කට්ටිය ලෑස්ති වෙලා ඉස්කෝලෙට ගියා.
ඉස්කෝලේ ඇතුලට යද්දිම කට්ටියට ඉස්සරහට හම්බුනේ ලීව.

"ඔප්පාආආආආ............." සෙනා ඉතින් හැමදාමත් වගේ දුවගෙන ගිහින් ලීගෙ කරේ.

"කොහොමද පැටියෝ....." ලීත් ඉතින් එයාගෙ චූටි නංගිව බදාගෙන නලලට කිස් එකක් දුන්නා.
( වැඩී වගේ නේ 😁 )

අනිත් අය නං ඒක දිහා බලං බල හිනා උනත් ජිමින්ට නං ඒක සතුටක් උනේ නෑ. කොල්ලට හිතුනේ එයා මෙච්චර කල් හිතපුවා ඇත්ත උනා කියලා.
කොල්ල තවත් එතන ඉන්න ඕන උනේ නෑ.
එයාට ඕන උනේ මේ හැමදේම දාලා එතනින් දුවන්න.
ඈතට, ඈතට, ඈතටම...........
මේ කිසිම කෙනෙක් නැති තැනකට.......

"ම.... මං වොශ් රූම් එකට ගිහින් එන්නං"
ජිමින් යන්තං බොරු හිනාවක් දාලා එහෙම කියලා වෙන කවුරුවත් මුකුත් කියන්න කලින් එතනින් දිව්වෙ ඒ හදවත කෑලි කෑලි වලට කඩාගෙන වැටෙද්දි.

"මේ.... සෙන්......"
ජිමිනා ගියාට පස්සේ ලී කවදාවත් ම නැති විදියට ඇඹරි ඇඹරි කතා කරන්න ගත්තා.

"මොකෝ ඔප්පා මේ" සෙනා එහෙම ඇහුවෙ කොල්ලගේ ක්ෂනික වෙනස් වීම නිසා.

"සෙන් මම කෙනෙක්ට ආදරේ කරනවා, මට ඕනෙ එයාට ඒක කියන්න, මට බෑ තවත් නං මේක හංඟගෙන ඉන්න 🥺"
ලී එකපාරටම කියා ගෙන ගියහම සෙන් විතරක් නෙවෙයි වටේ හිටපු අනිත් කෙල්ලො ටිකයි කොල්ලො ටිකයි ත් පුදුම උනා.

"Woah seriously ඔප්පා 😍 කවුද ඒ ලකී ගර්ල්???"
සෙනා ඇහුවෙ උඩ පැන පැන.

"ම්..... මේ...... මේ....... ජියා........"
කොල්ලා මූනත් රතු කරගෙන කිව්වා.

"ජියා ඔන්නි වාව් ඔප්පා. ඔයාගේ චොයිස් එක නං නියමයි හොඳේ 🤩"
සෙනාට නං ෆුල් හැපියක් ගහලා.

ලී නං ඇඹරෙනවා එකසිය ගානට.

"ආව්.... ආව්...... මෙයාගෙ ලැජ්ජාව 😄" ඒක දැකලා මෙලාට නං හිනා.

"අයියෝ ළමයි හිනා වෙන්න එපා අනේ, මට දැන් මේක එයාට විදිහක් කියන්න කෝ" ලී කිව්වේ මූන දෙක කරගෙන.

♡♡♡ High School Romance ♡♡♡ ( Completed ✅ )Where stories live. Discover now