ඔයා මේක කියවනවා කියන්නෙ ඔයා ජියෝන් ජන්ග්කුක් ගෙ ජීවිත කතාව ඔයත් දැනගන්නවා කියන එක.
ඇයි මම මේ කතාව ඔයාට කියන්නේ?
මේ ලෝකෙ හැමෝටම තමන්ගෙම කියලා කතාවක් තියෙනවා.ඉතින් ඒ කතා වලට මගේ කතාවේ අවසානය වගේ අවසානයක් ඒ කතාවලට වලට ලැබෙන්න ඕනි නැති නිසා.
මේ කතාව අහගෙන ඉන්නවත්,
කියවන්නවත් ඔයාට වෙලාවක් තියෙද කියන්න මම දන්නෙ නෑ.මට කවදාවත් ඕනේ උනේ නෑ කාටවත් මම ගැන කියන්න.මම වෙනුවෙන් වෙලාවක් වෙන් කරවගන්න. ඒත් මට මේක ඔයාලට කියලා යන්න ඕනි. මම මගේ ජීවිත කතාවේ අවසානයට ඇවිත් කියලා මට හිතෙනවා. මගේ කතාවේ අවසානේ කොහොම, මොන වගේ එකක් වෙයිද කියන්න මට ලොකු විශ්වාසයක් නෑ.ඒ අවසානෙ කොහොම වුනත් මම ඔයාලට මගේ කතාව කියන්නම්.එතකොට මම අවුරුදු දාසයක ළමයෙක්. අපේ ෆැමිලිඑක සතුටෙන් ඉදියා. මාම්,පපා කොච්චර සැර වුනත් එයාලත් එක්ක සතුටින් ඉන්න මට පුලුවන් වුනා.මොන දේ වුනත් ඒ මට ඇත්තටම ආදරේ කරන මිනිස්සු.
ඒත් මේ ලෝකෙ කවුරුත් දන්නේ නැති ලොකු ප්‍රශ්නයක් මට තිබුනා. සමහර විට ඔයාලට හිතෙයි මම ඒක කිව්වම මට තියෙන්නේ මානසික ලෙඩක් කියලා. ඔයාලා කොහොම හිතයිද කියන්න මම දන්නේ නෑ.
මට තිබුන ලොකුම ප්‍රශ්නෙ මගේ හිතේ තියෙන දේවල් කියන්න කවුරුත් මට හිටියෙ නැති එක. මම බය වුනා කාත් එක්කවත් මගේ හිතේ තියෙන දේවල් කියන්න. මම සාමාන්‍යයෙන් හැම තිස්සෙම හිනා වෙලා අනිත් අයට උදව් කරලා සතුටින් ඉන්න කෙනෙක්. ඒ වගේම මම ගොඩක් ටෝකටිව්. ඉතින් කවුරුත් මගේ හිතේ තියෙන ඩාක් සයිඩ් එක දැක්කේ නෑ.
කාලයක් මාත් එක්ක හිටපු හැමෝටම මාව ඕනි වුනේ එයාලට ඕනි දේ කරගන්නකම් විතරයි. ඒ වගේම සමහර අයට මාව ඕනි වුනා එයාලගේ කතාව අහන් ඉන්න, එයාලගේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න. මම ඒ හැමදේම කලේ ගොඩක් සතුටින්. ඒත් එයාලා එක්කෙනෙක්ටවත් මතක් වුනේ නෑ ඔයාට කොහොමද , ඔයාගෙ විස්තර මොනවද කියලා අහන්න. මම ඒ ගැන නොහිතා ඉන්න පුරුදු වුනා. ඒ මොකද කිව්වොත් මට ඕනෙ වුනේ මේ ලෝකෙ හැමෝම සතුටින් ඉන්නවා දකින්න. හැමදෙයක්ම සතුටින් ඉවර වෙනවා දකින්න. ඒක නිසා මම මුලු ලෝකෙ ඉස්සරහම සතුටින් හිනා වෙලා ඉන්නවා කියලා පෙන්නුවා. ඒ වගේම එයාලව හැමතිස්සෙම සතුටින් තියන්නත් මම ගොඩක් උත්සාහ කලා.
YOU ARE READING
𝐂𝐡𝐚𝐬𝐞 𝐓𝐡𝐞 𝐋𝐢𝐠𝐡𝐭 - 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 | 𝐎𝐧𝐞𝐬𝐡𝐨𝐭
Short StoryWhat does it feel like to be frustrated with everything ? Have you ever felt such a thing ? May be you don't, You don't ever feel, You don't ever feel the same as I do. It sounds like my heart is empty, It feel like I'm just a nuisance to everyone...