මම හිතනවා ඔයාලා මේක කියවයි කියලා.
සමහර වෙලාවට ඔයාලට හිතෙන්න ඇති ජන්ග්කුක් තනිකම නිසා ඇයි සුසයිඩ් කරගන්නෙ කියලා.ඒක එච්චර ලොකු දෙයක් ද කියලා.ඔව් ඒක ලොකු දෙයක් කතා කරන්න කවුරුත් නෑ ඉදියෙ එයාට හරියට..ඒ වගේම දෙවෙනි වතාවෙ සුසයිඩ් කරගන්න යනකොටත් එයා ජිමිනගෙන් ඈත් වෙලා තිබුනෙ..ඉතින් එයාට ලොකු තනිකමක් දැනුනු එක එච්චර ලොකු දෙයක්වත් පුදුම වෙන්න දෙයක්වත් නෙවේ.
තනිකම.
තනිකම ගොඩක් අයට දැනිලා තියනවා. මන් හිතන්නේ නෑ තනිකම කවදාවත් දැනුනේ නැති කෙනෙක් මේ ලෝකේ ඉන්නවා කියලා. අපි හැමෝම එක්තරා ආකාරයකට තනිකම දැනිලා තියනවා සහ අපි තනිකමින් විදවලා තියනවා. එක එක අයට දරාගන්න පුලුවන් හැකියාව වෙනස්. එක එක අයට තනිකම දැනෙන විදිහ වෙනස්. කෙනෙක්ට දැනෙන්න පුලුවන් තනිකම කියන්නේ ලොකු දෙයක් නෙවේ කියලා. ඔව්. තාවකාලිකව දැනෙන තනිකම ලොකු දෙයක් නෙවේ.ඒත් අපි හැමෝම දන්නවා ඕනෙම දෙයක උච්චතම අවස්තාවක් තියනවා කියලා. ඉතින් තනිකමෙත් උච්චතම අවස්තාවක් තියනවා සහ ඒකට පුලුවන් ජීවිතයක් නැති කරන සිතුවිලි තව කෙනෙක්ගේ හිතේ ඇති කරන්න.
තනිකම සහ තනිය කියන්නේ එකිනෙකට වෙනස් සංකල්ප දෙකක්. තනිය කියන්නේ අපි විසින්ම සමාජයෙන් ඈත් වෙලා ඉන්න එකට.අපි ඒ වෙලාවෙදි බලන්නේ අපි වටේ කවුරු හිටියත් එයාලගෙන් ඈත් වෙලා තනියම ඉන්න.ඒක අපි අපේ කැමැත්තෙන්ම කරන දෙයක්. තනිකම කියන්නේ අපිට දැනෙන දෙයක්.
කොච්චර කවුරු කොහොම අපි වටේ හිටියත් අපිට කවුරුත් නෑ වගේ දැනෙනවා නම් ඒක තමයි තනිකම කියන්නේ. ඒක අපි කැමැත්තෙන් කරන දෙයක් නෙවේ. අපිට තනිකමෙන් පැනලා යන්න ඕනේ උනත් සමහර වෙලාවට එහෙම කරන්න බැරි වෙනවා. අන්න ඒ වගේ අවස්තා වලදි තමයි තනිකම කියන දේ ලොකු දෙයක් වෙන තරමට නරක දෙයක් වෙන්නේ.
තනිකම ඕනෑවට වඩා කෙනෙක්ට දැනුනම එයා කරන්නේ පුලුවන් තරම් තනියම ඉන්න එක. ඔයාලට කියන්න පුලුවන් තනිකම තියන කෙනෙක් තනියම හිටියම කොහොමද තනිකම නැති කරගන්නේ කියලා. තනියම ඉන්න හන්දා නේද තනිකම ඇති වෙන්නේ කියලා. තනියම ඉන්න එක නැවැත්තුවා නම් තනිකම නැති වෙනවා නේද කියලා.
YOU ARE READING
𝐂𝐡𝐚𝐬𝐞 𝐓𝐡𝐞 𝐋𝐢𝐠𝐡𝐭 - 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 | 𝐎𝐧𝐞𝐬𝐡𝐨𝐭
Short StoryWhat does it feel like to be frustrated with everything ? Have you ever felt such a thing ? May be you don't, You don't ever feel, You don't ever feel the same as I do. It sounds like my heart is empty, It feel like I'm just a nuisance to everyone...