ජින් ඔප්පා දොර අරිනකොට අපි හැමෝම බලන් හිටියේ දොර දිහා..
"නෝවා!"
ලොකු කේක් එකකුත් අරගන ඉස්සරහින් හිටියේ නෝවා.. ඊට පිටිපස්සෙන් හිටියේ ඩේමනුයි මිසිස් සේහියි.. කට්ටියම මගේ මූන දිහා කන්න වගේ බැලුවා.. කුක්ලට් ගේ මූනට අබ අහුරක් දැම්මොත් පුපුරන සයිස්.. මං මුකුත් දන්නෑ කියලා අගවන්න ඕනි නිසා මං උරහිස් දෙක ඇකිලුවා..
"එන්න ඇතුල්ට"
ජින් ඔප්පා මූනේ හිනාවක් පුරෝගන කට්ටියව ඇතුලට ගත්‍තා..
"කව්ද මෙයාලට එන්න කියලා තියෙන්නෙ?"
හෝබි ඔප්පා නම්ජූන් ඔප්පා ගෙ කනට කොදුරනවා.. කෙදිරිල්ල කොච්චර හොදද කියනවනම් මටත් ඇහුනා කිව්ව එක..
"මමයි එන්න කිව්වෙ"
ජින් ඔප්පා හෝබි ඔප්පා දිහා අමුතු විදියට බලන ගමන් එහෙම කියනකොට හෝබි ඔප්පාගෙ මූන අදුරු උනා..
"අපි කොහොමත් එන්න හිටියෙ.. ඔටුන්න හිමි කුමාරයගේ උපන්දිනේ මට අමතක වෙන්නෑ.."
මිසිස් සේහි ජින් ඔප්පාගෙ අතක් අත් දෙකෙන්ම අල්ලගන්න ගමන් අපි දිහා බලාගන කිව්වා.. ජින් ඔප්පා ගෙ මූනෙ කවදාවත් නැති විදියෙ ලොකු හිනාවක් තියනවා..අපි හැමෝම හිටියේ කියන්න දෙයක් හිතන්න බැරුව..
"ඉයුන් ජෝ... ඔයා අද හරි ලස්සනයි!!"
ඩෙමන් මං දිහා බලලා එහෙම කිව්වාම මං ලැජ්ජාවෙන් හිනාවුනා.. ඒ එක්කම කුක්ලට් මගේ අත රිදෙන්න මිරිකුවා..මගේ මූනෙන් හිනාව අතුරුදහන් වෙලා යනකොට මං කුක්ලට් දිහා බලලා එරෙව්වත් එයා හිටියේ ඩේමන් දිහා බලාගන.. ඩේමනුත් කුක්ලට් දිහා බලාගන කට කොනකට හිනාවක් ගත්තා..
"හරි.. අපි කේක් එක කපමු එහෙනම්.."
ජින් ඔප්පා කට්ටියටම ඇහෙන්න එහෙම කියලා ටේබල් එක ගාවට ගියා..
"කේක් දෙකක් තියනවනේ හ්‍යුන්.. කෝකද කපන්නේ"
යුන්ගි ඔප්පා ඒකනම් ඇහුවේ නෝන්ඩියට වගේ.. ජින් ඔප්පාගෙ මූනේ අමනාපයක් ඇදුනත් යුන්ගි ඔප්පා දිගටම හිටියේ ජින් ඔප්පා දිහා බලාගන.. ඩේමන්ලා ආව එකට හැමෝම හිටියේ ටිකක් අමනාපෙන් කියලා මට තේරුනා..
YOU ARE READING
අග්නි✔️
Romance"මං දන්නෙ එක දෙයයි..කුක්ලට් කියන්නෙ ගෑණු වහ වැටෙන ජාතියෙ පිරිමියෙක්..."🔥