Chapter 09🔥

2.5K 513 43
                                    


අග්නි🔥

කැම්පස් එකේ study leave නිසා සති දෙකක්ම නිදහසේ ගෙදර ඉන්න පුලුවන් උනා.. නිදහස් කිව්වත් ඉතින් පාඩම් කරන්න ගත්තාම නම් ඇති නිදහසක් තිබ්බෙ නෑ.. කුක්ලට් නම් පාඩම් කරන්න තියා නෝට් එකක් අතින් වත් ඇල්ලුවෙ නෑ.. හැබැයි කවදාවත් මේ ගිනි කසයා විභාගයක් රිපීට් වෙලානම් නෑ.. කුරුලු මොලේ තමා මොලේ🔥

එදා කෑම මේසෙදි උන දෙයින් පස්සෙ දවස් දෙකක් යනකල්ම කුක්ලට් මාව මගඇරියා.. මමත් එයාව අපහසුතාවයට පත් කරන්න හැදුවෙ නෑ.. මට එහෙම උවමනාවක් ආවෙත් නෑ..ඒ හින්දා මාත් එයාට පේන මානෙ නොයිද ඉන්න පරිස්සම් උනා..

අදත් උදෙන්ම කට්ටිය නැගිටලා... මේ ගෙදර කොයිම වෙලාවකවත් නිශ්ශබ්දව තිබිලා නෑ.. හැමවෙලේම සද්ද.. මහපාන්දර ඇහැරිලා කාමරෙන් එලියට ආවත් අඩුම යුන්ගි ඔප්පා ගොරවන සද්දෙ හරි ඇහෙනවා..

මං හිමින් හිමින් පහලට ආවෙ මොනාහරි කන්න හිතාගන.. මාව දැකලා කුස්සියෙ හිටිය ඩාශා ඔන්නි හිනාවෙලා අත වැනුවා..

"ගුඩ් මෝනින් ඉයුන් ජෝ"

"ගුඩ් මෝනින් ඔන්නි.. මොනාද කන්න තියන්නෙ?"

"ම්ම්ම්.. මං තාම පෑන්කේක් නම් හදලා ඉවර නෑ...හුගක් බඩගිනි නම් දැනට මේ සීරියල් එක කන්න මං ටක්ගාලා පෑන්කේක් එක හදලා ඉවර කරන්නම්.."

"නෑ ඔන්නි හිමීට හදන්න.. මටඒ හැටි බඩ ගින්නක් නෑ.."

මං එහෙම කියලා ඔන්නි ගෙ එහාපැත්තට වෙලා පෑන්කේක් හදන දිහා බලාගන හිටියා..

"ඩාශා.. ඔය ටික ඉක්මනට ගේන්න.. නම්ජූන් හ්‍යුන් ට කට්ටිය එක්ක කතා කරන්න ඕනෙලු"

ජිමින් ඔප්පා එකපාරට කුස්සියට ඇවිත් එහෙම කියලා යන්න ගියා.. ජිමින් ඔප්පා ඒක කිව්වෙ සැරෙන් උනත් ඔන්නි ගෙ මූන සතුටට දිලිසෙනවා.. එයා ටක්ගාලා හදලා තිබ්බ පෑන්කේක් ටික ප්ලේට් එකට දාලා මේසෙන් ගිහින් තිබ්බා..

කට්ටියම කෑම කාලා ඉවර වෙලා බලාගන හිටියෙ නම්ජූන් ඔප්පා කියන්න හදන්නෙ මොකද්ද කියල..

"මේකයි.. මායි ජින් හ්‍යුනුයි යුන්ගි හ්‍යුනුයි හුගක් කතා කරල තමා මේ තීරනේ ගත්තෙ"

අග්නි✔️Tempat cerita menjadi hidup. Temukan sekarang