Part 1

669 121 18
                                    

"ටීචර් අම්මි ටීචර් අම්මි..."
"අනේ.... නැගිට්න්නකො..."

"මේ මොකද වෙනදට එලි වෙනකන නිදියන පොඩි එකා අද මටත් කලින් නැගිටලා."
"මොකද චූටි දූ මේ? නින්ද යන්නෙ නැද්ද? "

"නෑ නෑ ටිචර් අම්මි. අදනෙ මම ලොකු ඉස්කොලෙ යන මුල්ම දවසනේ. පරක්කු වෙන්න බෑ. ඉක්කමට ලෑස්ති වෙමුකෝ..."

"අයියෝ දෝණි තාම වෙලාව තියනවානේ... ටිචර් අම්මි එලාර්ම් එක තියලා තියෙන්න එන්න තව ටිකක් නිදා ගන්න."

බිත්ති ඔරලෝසුවේ වෙලාව පාන්දර 3.30 ලෙස දිස්විය. අලුත් පාසලකට යාමේ උද්යොගය විසින් චූටි දූගේ නින්ද හොරකම් කරගෙනය. මද වේලාවකට පසු රෝස පාට ඩෙටියෙකුත් තුරුල් කරන් චූටි දූ ආයෙම එයාගෙ සුරඟන හීන වල තනි විය.

කෙල්ලට තියෙන්නෙ අක්කාගෙ මූණමයි. චූටි දූගෙ මූණ වසා ගස් කෙස් රොදක් පසෙකට කරමින් මම සිතුවෙමි. "ටීචර් අම්මි" යන ආදර නාමයෙන් ඇමතූවත් ඇගේ මව වීමේ වාසනාව මට හිමි නොවීය. එනමුදු එම වාසනාව හිමි වූ මාගේ සොයුරියට "අම්මා" යන වචනය ඇසීමේ වාසනාව හිමි නොවීය. දෛවය කෙදිනද අපි බලාපොරොත්තු වූ දේවල් පමණක් හිමිකර දුන්නෙ?




















"මිස් මේන් ගේට් එක ළඟින් නේද බස්සවන්න ඕනෙ?"

"නැහැ නැහැ අපිව පිටිපස්සෙ ගේට් එක ළගට දාන්න"

"හරි මිස්"

එදා ඒ විසල් කලුපැහැ ගේට්ටු දොරවල් වලින් නික්ම වූයේ, දිවි ඇති තෙක් එම පාසලට නැවත පැමිණිමට නොලැබේවායි යන ප්‍රාර්ථනයද සහිතවයි.

"ගුරුවරයෙක්ගෙ මුල් පත්වීම ලබන තැන තමයි එයාගෙ ගුරු ජීවිතේට හුස්ම දෙන තැන" දිරා ගිය ඩෙස් පුටු ටිකක් ගාරාජ් කාමරේ තියාගෙන, අසළ නිවෙස් වල දරුවන්ට කවිබත යසුනරිගෙ කෙටි කතාවක් විචරය කරන්න උගන්නන අක්කාගෙ කටහඩ මට ඇසෙන්නට විය.

"ඒක ඇත්තක්ද අක්කෙ?"

ගුරු ජීවිතයට කෙසේ වෙතත් කිසිදු අරමුණක් නොමැතිව ගෙවුන මගේ ඒකාකාරී ජීවිතයට නැවතත් හුස්ම ගෙනාපු තැන මෙතන තමයි.

TORN PETALS [GL] ✔️Where stories live. Discover now