Part 2

402 101 5
                                    


"ටීචර් අම්මි ඔය තරම් ලස්සනට හිනා වෙනවා මම දැකලම නෑ... බලන්න පොටෝ එකත් ගොඩක් ලස්සනට ආවා. හැමදාම ඔහොමම හිනා වෙලා ඉන්නකො ටීචර් අම්මි..."

ඔයාගෙ ටීචර් අම්මිගෙ හිනාව එයත් එක්කම මැකිලා ගියා චූටි දොණි.

"හා හා දැන්වත් යමුකො අපි. ඔයාට තව අවුරුදු 6-7 ක්ම තියනවානෙ⁣ මේ ඉස්කෝලෙ ලස්සන බලන්න."

චූටි දෝණිගෙ නැවතත් මගේ අතෙහි එල්ලුණි.

"මේන් හෝල් එක තව දුරයිද අම්මි?"

"නැහැ දෝණි අර ඉස්සරහා 11 ශ්‍රේණිය කියලා ගහලා තියන බිල්ඩින්ග් එකට එහා පැත්තෙ තියෙන්නෙ"

"ඕහ්... 11-A, 11-B, 11-C... ඔක්කොම ක්ලාසස් හයක් තියනවානේ...

අලුත් පාසල ගැන දැනගැනීමේ ආසාවෙන් විවේකයන් නැතුව එහෙ මෙහෙ දුවන චූට් දූගෙ ඇස්, මේ පාසලට පැමිණි මුල් දිනවල උද්යෝගයෙන් එහෙ මෙහෙ දිව ගිය මාව සිහිකලේය.






"ශ්වේතා මිස්... ඔයා 11-C පන්තිය ගාවින් යනවා නම් සුනන්ද සර්ට කියලා මෙි ෆයිල් එක දීගෙන යන්න පුළුවන් ද?"

"හරි කෝ දෙන්න මැඩම්"












"මම තමුන්ට කී සැරයක් කියලා දීලා තියනවද මොඩ ප්‍රශ්න අහ අහ මගෙ පාඩමට ඩිස්ටර්බ් කරන්න එපා කියලා. අනිත් ළමයි අපූරුවට ඉන්නවා ඇයි ඔය ළමයට එහෙම බැරි?  කරුණාකරලා නිශ්ශබ්දව ඉන්නවා නැත්නම් පන්තියෙන් එළියට යනවා. ආයෙ මම නොකිව්වා කියන්න එපා... "

"ආ ශ්වේතා මිස් ඇතුළට එන්න.
"බලන්න මේ ළමයාගෙ වැඩ හින්දා මම මිස් ඇවිත් දොර ළග හිටන් ඉන්නවා දැක්කෙත් නැහැ. ඇත්තමයි පුදුම කරදරයක් මිස් මේ ළමයා නම්..."

" ආ ඒකට කමක් නෑ සර්. මම වැඩි වෙලාවක් හිටියෙ නැහැ. ම්ම්... සර් මුකුත් හිතන්නෙ නැතන්ම් මම දෙයක් කියන්නද?"

"ඔව් කියන්න"

"සර් ඒ ළමයට එහෙම බැනපු එක වැරදියි නේද? මටත් ඇහුනා එයා අහපු ප්‍රශ්නෙ. ඇත්තටම මම ගොඩක් පුදුම හිතුනා. මට ඔහොම දේවල් හිතුනෙ යුනිවර්සිටි තීසිස් එක කරන කාලේ... අවුරුදු 16 ක ළමයෙක්ට ඒ තරම් දුර හිතන්න පුළුවන් නම් එයා ගොඩක් බුද්ධිමත් කෙනෙක් සර්" කඳුළු පිරුනු ඇස් වලින් බිම බලා සිටින ඒ දැරිවි දෙස බලා මම කීවෙමි.

"දඩාං" සුනන්ද සර් එහි තිබූ විද්‍යාව ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයෙන් මේසයට වැරෙන් පහරක් එල්ල කලේ එයින් මට පහර දීමට නොහැකි වූ නිසාවෙන් දැයි මට හැගුණි.

"තමුන් එනවද අවුරුදු 22 ක් තිස්සෙ උගන්නන මට හරි වැරුද්ද කියලා දෙන්න. පුහ්... තාම පත්වීම හම්බෙලා සති දෙක තුනක් වත් නැහැ. එනවා මෙතන මට උපදෙස් දෙන්න. ආපු වැඩේ කර ගත්තා නම් මෙතනින් යන එකයි ඇත්තෙ. තව කාට හරිත් මම උගන්නන විදියෙ වැරදියි වගේ නම් මෙතනින් නැගිටලා යනවලා"

"සොරි සර්"

මුලු පන්තියක් ඉදිරියේ සිදු වූ ලැජ්ජාව හංගා ගැනීමට ක්‍රමටක් නොමැති වුවත්, ඇස් වලින් වැටෙන කදුලු හංගා ගැනීමට උවමනා වූ නිසාවෙන් හැකි තරම් ඉක්මනට එතනින් දිව යාමට සැරසුනෙමි. නමුත් මා මෙන්ම කදුලු සැගවීමට උත්සහ කරන තවත් දෑසක් එතන තනි කර දමා යාමට සිත් නොදුන් නිසාවෙන් ඇයටද මා සමඟ පැමිණිමට සන් කලෙමි.












______________________________________________________________________________________________

A/N: තව එක part එකක් තියනවා...

TORN PETALS [GL] ✔️Where stories live. Discover now