14 කොටස

1.7K 429 17
                                    

නපුරු හොබී 👿
Calling...

පිස්සුවෙන් වගේ දිගින් දිගටම රින්ග්ස් යන ෆෝන් එක දිහා මම බලන් හිටියේ හිස් බැල්මකින්..
හැම කෝල් එකකින්ම පස්සේ එක දිගට මැසේජ් පේලියක්.. මම ෆෝන් එක අතට අරගෙන හොබීගේ නම්බර් එක බ්ලොක් කරලා ෆෝන් එක ඇදට වීසි කරන ගමන් මේසෙට ඔලුව තියාගත්තා..

-" මට ඔයාට කියන්න තියෙන්නේ මෙච්චරයි බේනා.. හොබීගෙන් ඈත් වෙලා ඉන්න. එයා අම්මට කොච්චර වෛර කරනවද කියලා මම දන්නවා.. ඔයා එයාගේ දරුවෙක් කියලා දැනගත්තොත් හොබී පිස්සෙක් වේවි.. "

මිස්ට ජන්ග්ගේ වචන මගේ ඔලුවේ දෝංකාර දෙද්දී මම ආපහු මේසේ දිගඇරලා තිබුනු මගේ face your fear කියන පොත දිහා බැලුවා.. ඒකේ අන්තිම පිටුවේ 'හොබී' කියලා ලියලා තිබුනු තැන අලවලා තිබුනේ හොබීයි මමයි පාර්ක් එකේදී ගහපු ෆොටෝ එකක්..  ඒකේ යටින් හොබී රෝස පාට කොටුවක් ඇතුලේ සුදු පාටින් හාට් එකක් 💟 ඇදලා තිබුනා.. මගේ ඇස් වලින් ගලාගෙන ගියපු කදුලක් ටොක් ගාලා හාට් එක උඩට වැටිලා ඒක බොද වෙලා ගියා..

මිස්ට ජන්ග් පුටුවෙ වැටිලා ඉද්දිම මගේ පොතයි බඩු ටිකයි අරගෙන හොබීගේ ගෙදරින් ආවේ කොහොමද කියලවත් මට සිහියක් තිබුනේ නෑ.. එන්න කලින් මම මිස්ට ජන්ග් ගෙන් ඉල්ලුවේ එකම එක දෙයයි.. ඒ හොබීට මම එයාගේ නංගි කියන එක දැනගන්න ඉඩ දෙන්න එපා කියලා.. හොබී මට වෛර කරාවි.. එයාව එකපාරටම දාලා ගියාට.. ඒත් එයාට මාව මතක තියෙන්න ඕන එයා ආදරේ කරපු බේනා විදියට මිසක් එයාගේ සහෝදරිය විදියට නෙවෙයි..

ඉක්මනින් ගෙදර ඇවිත් ආච්චාම්මාත් එක්ක ඒ ලගම තිබුනු ආච්චාම්මාගේ යාලුවෙක්ගේ ගෙදර ආවේ හොබී මාව හොයයි කියලා හිතුනු නිසයි.. පැය ගානක් ආච්චාම්මා තුරුල් කරගෙන අඩලා අඩලම මගේ ඇස් වල කදුලුත් ඉවර වෙලයි තිබුනේ.. මගේ හිතට දැනුනේ හිස් බවක්.. ලස්සන වසන්තයකට පස්සේ ආව ලොකු නියගෙකින් මගේ ජීවිතේම ඉරි තලලා ගියා.. හොබීව දාලා මගේ තාත්තා එක්ක ආපු අම්මා ගැනවත්, මට බොරු කියපු තාත්තා ගැනවත් මට තවත් කල්පනා කරන්න ඕන උනේ නෑ.. මම ආයේ පොතේ තිබුනු හොබීගේ පින්තූරේ මගේ ඇගිලි වලින් හිමීට අතගෑවා..

💟 𝕃𝕖𝕥 𝕞𝕖 𝕝𝕠𝕧𝕖 𝕪𝕠𝕦 💟Où les histoires vivent. Découvrez maintenant