1st Poison

387 44 41
                                    

        #ʙᴏʀʀᴀᴄʜᴇʀᴏ
• 𝓘 𝓯𝓸𝓾𝓷𝓭 𝔂𝓮𝔀 𝓲𝓷 𝓶𝔂 𝓶𝓮𝓶𝓸𝓻𝔂 •

#1st #Poison

_____________________________

" කුමන දේ බලාපොරුත්තුවෙන් නුබ මේ රාජ්‍යයේ රැජිණ , රජුව , ඔටුන්න හිමි කුමරුගේ ජීවය බිලි ගත්තේද ඒ අමරණීය බව නුඹට හිමි වේ. නමුත් නුඹ ඔවුන්ව නැවත එක්කරන තෙක් මාගේ සීමාවෙන් ඔබ්බට යෑමට නොහැකි ලෙස මම සාප කරමි. ඔවුන්ව එක් කිරීමට ආත්ම ගණනක් ගෙවුණද නුඹ ඔවුන් වෙනුවෙන් මෙම වනාන්තරයෙහි මෙම ගුහාවෙහිම ජීවත් වෙයි. "

මරණයට බය වී අමරණීය කඩුවෙන් රාජ්‍යයේ රැජිණ රජුව ඔටුන්න හිමි කුමරුව සහ ඔවුන්ගේ පවුල , ආරක්ෂක භටයන්ව මරණයට පත් කල කිම් සොක් ජින් ඔහුගේ පියාගේ ඉස්සරහින් සිටියේ ඔලුව බිමට පාත් කරගෙනය.

අමරණීය කඩුව ආත්ම ගණනාවක් පුරාවට ඒ කාලයේ විසු පඬිවරුන් වෙත තිබෙන , අතීතයේ මිය ගිය පඬිවරුන්ගේ ඇටකටු මඟින් යාග මන්ත්‍ර දන්න බ්‍රාහ්මණයන් විසින් සාදන ලද බලවත් කඩුවකි.

කිම් සොක් ජින් ගේ අතෙහි තිබු අමරණීය කඩුව අතට ගත් සොක් ජින් ගේ පියා නැතහොත් රාජධානියේ පඬිවරයා,

" මෙම කඩුවෙහි අමරණීය බලය නැවත ලැබෙනුයේ නැවත රජුගේ ලේ වලින් පිරිසිදු වූ පසුවය. එසේම මෙම කඩුවෙන් ජීවය අහිමි කරන අවසන් පුද්ගලයා මාය. "

පඩිවරයා ඒ දිලිසෙන කඩුවෙන් ඔහුගේ බෙල්ල කපා ගත්තේය. ඔහුගේ ශරීරය එක තැනක බෙල්ල එක තැනය. ඒ මොහොතෙම මුලු ප්‍රදේශය අඳුරෙන් වැසි ගියේ පිහිය ද වසාගෙනය.

ආත්ම හතකට පසූව

_____________________________

" යා කුකි "

නයිට් ෂිෆ්ට් එකට වැඩ කරලා ජිනා දොරත් ඇරගෙන හති දදා කුකිගේ රූම් එකට සැපැත් වුණේ කුකියා බය වෙලා මහ පොලොවට උම්මා එකක් දෙද්දි

ජියොන් ජිනා වයස 28 ක කෙල්ලෙක්. අම්මා තාත්තා දෙන්නම බුසාන් වල ඉන්නේ. තමන්ගේ මල්ලි එක්ක ජිනා සෝල් වලට ආවේ හොස්පිටෙල් එකට යන්නත් ලෑස්ති වෙන්න. ජියොන් ජිනා ඩොක්ටර් කෙනෙක්.

" පාබෝ ඕමත් කෑගහනවද ?? "

ජියොන් ජන්ගුක්, ජිනාගේ එකම මල්ලියා . කොල්ලට වයස අවුරුදු විසි හතයි. ෆන් එකේ ජීවිතය ගෙවන කොල්ලෙක්.

ʙᴏʀʀᴀᴄʜᴇʀᴏ Where stories live. Discover now