3rd Poison

164 39 19
                                    

        #ʙᴏʀʀᴀᴄʜᴇʀᴏ
• 𝓘 𝓯𝓸𝓾𝓷𝓭 𝔂𝓮𝔀 𝓲𝓷 𝓶𝔂 𝓶𝓮𝓶𝓸𝓻𝔂 •

#3rd #Poison

______________________

නිදිමතේම නාගත්තු මින් යුන්ගි ඇඳත් හදලා ටැන්ජරින් ගෙඩියකුත් කටේ දාගෙන ෆෝන් එකයි වොලට් එකයි අරගෙන එලියට ආවා.

මින් යුන්ගි නාගෙන සාලෙට එද්දිත් මෙසේ උඩ අලුත් එලාම් ඔරලෝසුවක් තිබුණා. මින් යුන්ගිගේ කම්මැලිකම දන්න හින්දම නම්ජුන් සෝල් වලට යන හැම වෙලේම අලුත් ඔරලෝසුවක් ගෙනාවා.

" මොකද්ද මේ ?? "

මින් යුන්ගි ඔරලෝසුවක් කියලා දැන දැනම නම්ජුන්ගෙන් ඇහුවේ සෙකන්ඩ් වෙන්න බැරිකමට.

" ඈ හ්‍යුන්ග් ඇස් පේන්නැද්ද ?? "

" පේනවා පේනවා. "

" එහෙනම් ඕක කාමරේ ගිහින් තියන්න. "

" මට බෑ ආය යන්න. "

කම්මැලිකමේ උප්පත්තිය නම් ඒ මින් යුන්ගි .

" එහෙනම් මන් ගිහින් තියන්නම්."

නම්ජුන් මේසෙ උඩ තිබ්බ ඔරලෝසුව අරගෙන මේසේ ගාවින් අයින් වුණා.

" නම්ජුනා බඩගිනි නම් ඇවිත් උදව් කරනවා. "

කවදාවත් මින් යුන්ගි නම්ජුන් ගේ උයන්න උදව් ගන්නෑ. උයනවා කෙසේ වෙතත් වෙන දෙයක් වෙනවා කියලා මින් යුන්ගි දැනන් හිටියා.

" බොරුවට මාව අඬගහන්නෙපා හ්‍යුන්ග්.  "

මේ සහෝදරයා දෙන්නගේ වලිය මේ කපේට නම් ඉවර වෙන්නෑ.

මින් යුන්ගි රාමෙන් එක්ක බිත්තර හැදුවේ අද දවල්ට සෝල් වලට යන්න තියෙන නිසා.

" හ්‍යුන්ග් උයල ඉවර වුණහම කෝල් එකක් දෙන්න මන් වැඩ බලල එන්නම්. "

"නම්ජුන් ඇඳන් හිටපු ඇඳුමට උඩින් කෝට් එකක් දාගෙන එලියට ගියේ වැඩ බලන්න. "

මින් යුන්ගි රාමෙන් පැකට් දෙකක් කඩලා උයන්න ගත්තා. බිත්තර දෙකකුත් එහෙම්ම තැම්බුවා. තම්බපු බිත්තර දෙක කොටස් දෙකට කපලා. මෙසේ උඩට ගෙනත් තිබ්බේ නම්ජුන්ට කෝල් ගන්න ගමන්.

" නම්ජුනා එනවා "

" හරි හ්‍යුන්ග් "

මින් යුන්ගි නම්ජුන් එනකන් බලන් හිටියා. නම්ජුන් දොර වහන සද්දේ ඇහැද්දිම රාමෙන් ටිකක් කටට දාගත්තේ එයා නම්ජුන් එනකන් බලන් හිටියා කියලා පෙන්නගන්නැතුව. නම්ජුන් ඒ බව දන්නවා වුණත් මුකුත් නොකර කන්න ගත්තා.

ʙᴏʀʀᴀᴄʜᴇʀᴏ Where stories live. Discover now