Chapter 02

38 12 8
                                    

ඩ්‍රෘසිලා (Drusila)

"මොනවද බලනවා මේ ලියලා තියෙන්නේ මේවට සිංදුව පද පේලි කියලවත් කියන්න පුළුවන්ද?" මගේ boss උදේ පාන්දරම මගේ ඇඟට ගොඩ වුණා. "මේ වගේ කිසිම ටැලන්ට් එකක් නැති අයව අපිට හයර් කරන්න බැහැ." එයා දැඩි හඬකින් කිව්වා.

"ඒත් සර්.... මම" මට ගොත ගැහුනා.

"අහන්න ඩෘසිලා ඔයා තරුණයි. මං හිතනවා ඔයා වෙන තැනක රස්සාවක් හොයා ගත්තොතින් අපි දෙන්නටම හොඳයි කියලා." එයා ටිකක් මෘදු කටහඬකින් කිව්වේ මම අඬන්න වගේ හිටපු නිසා කියල මට තේරුනා.

නියමයි. අවුරුදු තුනක මහන්සියට මට ලැබුණු ප්‍රතිඵලය.. හහ්! හරිම ලොකු විහිලුවක් නේද? . මට ඕන වුනේ දක්ෂ song writer කෙනෙක් වෙන්න. ඒත් මට පේන දැන් එහි හීනෙට තිත තියන්න වෙලාව ඇවිත් වගේ.මම මගේ බඩු ටිකත් අරගෙන එතනින් එළියට ආවෙ දැන් ඊළඟට මොනවද කරන්නේ කියලා හිතමින්.
.
.
.
.
.
.
.

ඔහ් ෂිට් මම හොදටම පරක්කුයි. ඩැනී මාත් එක්ක තරහා වෙලාද දන්නේ නෑ. එහෙම උනොත් අද නම් මට එයාව ශේප් කර ගන්න එක ලේසි වෙන එකක් නෑ.

මම මගේ බඩු ටිකත් ඉක්මනට ගෙදරට දාලා Preeschool එක ගාවට ගියේ මගේ පුංචි angelව ඉක්මනට ගන්න ඕන නිසා. මට වුනු දේවල් එක්ක මම මෙහෙම හරි ඉන්නේ එයා නිසා. මගේ පුතා. ඩැනියල් ජැක්සන්. මගේ හැමදේම එයා. එයා නැත්තම් මගෙනුත් වැඩක් නැහැ.

හොදටම පරක්කුයි. එයා මාත් එක්ක තරහ වෙලාද දන්නෙ නැහැ. කමක් නැහැ බොම්බයිමොටයි එකක් අරන් දීලා එයාව ශේප් කරගන්න බැරි වෙන එකක් නැහැ. මම ඉක්මනටම අඩිය ඉක්මන් කරේ වැස්සකුත් අත ලගම එන බවක් පේන්න තිබුණ නිසා. ටැක්සියක යන්න තරම් සල්ලි මට මදි. ටැක්සි එකක ගියොතින් අපිට මේ මාසෙට කෑමවලට සල්ලි මදි වෙන්න පුළුවන්. අනික දැන් මාව රස්සාවෙනුත් කරානේ. අලුත් රස්සාවක් හම්බ වෙනකම් අපිට මේ සල්ලිවලින් තමයි යැපෙන්න වෙන්නේ

අද ගොඩක් හීතලයි. ඒ වගේම අහසත් කලු කරලා තිබුන නිසායි ගොඩක් වේකෙන් හමපු හුලග නිසයි මට කියන්න පුළුවන් වුණ එකම දේ ලොකු වැස්සක් එක්ක කුණාටුවක් අත ළඟ කියන එක. සීතල සුලග මගේ ඇග හරහා විනිවිද ගහින් ඉදිකටුවලින් සිය ගාණකින් එක පාර අනිනවා වගේ දැනෙද්දි මම තවතවත් මගේ කඩමාලු වුණ කෝට් එකට ගුලිවෙලා අඩිය ඉක්මන් කරේ කොහොමටවත්ම මම නිසා ඩැනීට තවත් බලන් ඉන්න දෙන්න ඕන වුනේ නැති නිසා.

මම යද්දි ඩැනී preeschool එකේ දොර ගාව හිටගෙන ඉන්නවා මම එනකම් බලාගෙන. එයයි තව පුංචි ගෑණු ලමයෙකුයි විතරයි ඉතුරු වෙලා හිටියේ. මට මං ගැනම ආවේ තරහක්. මම හොද අම්මා කෙනෙක් නෙවෙයි නේද?

මිසුත් මම එනවා දැකලා ඉක්මනට ගියේ අද සිකුරාදා නිසා එයාට ගෙදර යන්න කෝච්චිය අල්ල ගන්න ඕන නිසා. ඩැනී ගාව හිටපු පුංචි ගෑණු ලමයා..... මය එයාව මෙහෙම දාලා යන්න බැහැ මෙතන තනියම. එයා නිකම් හරියට පුංචි සුරංගනාවියක් වගේ. පල්ලියේ දේව මෙහෙයට යනකොට වහලේ හිටපු කහපාට කැරලි කාණ්ඩයක් තිබුණු දේවදූතයොන්ව එයා මට මතක් කරා. එයා ඇත්තටම ගොඩක් ලස්සනයි.

Pᴜᴛ A Lɪᴛᴛʟᴇ Lᴏᴠᴇ Oɴ Mᴇ 💫Where stories live. Discover now