ඔබ මා ගැන උනන්දුයිද?

29 4 8
                                    

මමයි සූ හෝයි දෙදෙනාම පංතියට ආවා.සීන් වූන්
මගේ දිහා බැලුවෙත් නැහැ.....
සුලු මොහොතකට පසු සූ හෝ මගේ කන ලගට ඇවිල්ලා රහසින් කිව්වා..." චෝ හී අද 4.00 අපි දෙන්නා පුස්තකාලයේ මුණ ගැහෙනවා නේද? කියලා. ...

මම "හ්ම්ම් "කියලා කිව්වා
පාසල් අවසන් වූ පසු වූ ජින් මගේ ලගට ඇවිල්ලා ඇහුවා...අද මොනාද? සී වූන් වෙලා තියෙන්නේ එයාට මොනා හරි ප්‍රශ්නයක්ද? කියලා....
මම කිව්වා එහෙම මොකුත් නැහැ........ඔයා සී වූන්ට කියනවද?මම අද සූ හෝ ව මුණගැහෙන්න පුස්තකාලයට යනවා කියලා.....

හරි... හරි මම කියන්නම් කියලා වූ ජින් කිව්වා....

මම පුස්තකාලයට යන විටත් සූ හෝ පොතක් කියව කියව හිටියේ.....මම එයාට සාමාන්‍ය ආකාරයට පාඩම් වැඩ ටික කියලා දුන්නා.....

විනාඩි 40 පසු
හරි..... අපි දැන් යමු ගෙදර කියලා මම කිව්වා.....සූහෝ කිව්වා මම ඔයාව ගෙදරට ඇරලවන්නම් කියලා....සූ හෝ මාව
ගෙදර ඇරලෙව්වා..

මම ගෙදරට ඇතුල්වෙනකොටම අයියා දුවගෙන ආවා....." ආ....දැන්ද? ඔයා ගෙදර එන්නේ......ඇයි මෙච්චර පරක්කු.....මම බය උනා.....

බය උනානම් මට කෝල් එකක් දාන්න තිබ්බනේ...ඔයා කොච්චර මට බැන්නත් මගේ ගැනත් පොඩි ආදරයක් තියෙනවනේ......"මම කිව්වා"
ඔව් ඉතින්....තමුසේ මගේ නංගිනේ....
මම අයියා ලගට ගියා අයියවා පොඩ්ඩක් බදාගන්න.."අම්මෝ තමුන් ලගින් එන දාඩිය ගද ගිහින් නා ගන්නවා.....කියලා අයියා කිව්වා......

පසුවදා උදෑසන

තවත් අලුත් දවසක්.....අපෝ..අද සෙනසුරාදා නේද ? අද පියානෝ පංති නේද?

මම ඉක්මනින් ලෑස්ති වී පන්තියට ආවා....මම එතකොට තමයි දැක්කේ සූ හොත් පියානෝ පංතියට සහබාගි වෙනවා කියලා......

චෝ හී...ඔයාත් පියානෝ පංතියට එනවද?කියලා සූහෝ ඇහුවා....

ඔව්....ඔයා කවදද? පංතියට සහබාගි වුනේ

මම ගිය සතියේ තමයි පංතියට ඇතුළත් වුනේ...

හා... එහෙමද??

පැය දෙකකට පසු පියනෝ පංතිය අවසන් විය." අපෝ අද හොදට ම වැස්ස නේද කුඩයක් ගෙනාවෙත් නැහැ....සී වූන්ට එන්න කියන්න ඕනේ මාව එක්ක යන්න....." හලෝ සීන් වූන් ඔයාට මගේ පියානෝ පංතිය ලගට එන්න පුළුවන්ද?

Make a wishWhere stories live. Discover now