Chapter 02 - ආදරෙන්

211 52 36
                                    

යුන්ගි සිතා මතා නොකීවත් එතෙක් වේලා සිතේම පමණක්ම වූ අදහස් තමන්ගෙ මුවින් එලියට ආවහම නම් ගැස්සිලා ගියේ එයාමයි.

"මම ඇයි ඒ වගේ දෙයක් කිව්වෙ..?" අනපේක්ෂිතව කියූ ඒ වචන ගැන යුන්ගි ලැජ්ජාවට පත්වෙලා.

මොහොතකට දෙදෙනා අතර ඇති වූ නිහැඩියාව දෙදෙනාවම අපහසුතාවයට පත් කරවන්න උනා.

"අහා. එහෙමද..? එහෙනම් මටත් ශුගාගෙ තාත්තා වෙන්න පුළුවන්ද..?" නිහඬතාව බිදිමින් සොක්ජින් විහිලුවට මෙන් එසේ පැවසුවත් ඔහුගෙ සිතේ වූයෙත් ඊට වඩා වෙනස් අදහසක් නොවෙයි.

"ආ... මේ..." යුන්ගිට කීමට වචන පවා අමතකව ගොසින්. ඒ වගේම ඔහුගේ සිතුවිලිත් ඔහුටම විශ්වාස කල නොහැකි තරමේ ඒවා බවට මේ සුලු මොහොත ඇතුලත පත්වෙලා. ඒ සොක්ජින්ගේ ප්‍රතික්ෂේප කල නොහැකි තරමේ පෞරුෂත්වය නිසාම මිස අන් දෙයක් නිසා නොවෙයි.

පූස් පැටවුන් සමග සිටින විට ඕනෑවටත් වඩා කඩවසම්ව පෙනෙන මේ තරුණයා යුන්ගිගෙ සිත සසල කර ඇති බව නම් මේ වන විට නොරහසක්. ඔහුගෙන් දැනෙන ආදරණීයත්වයත්, මුදු හදවතත් මේ වන විටත් යුන්ගිගේ හිතට ඔහුටත් නොතේරෙන හැගීමක් ඇති කර ඇති බව නම් ඒ මුහුණ දෙස බලන විට වැටහෙනවා.

"අපි දැන් නවතිමු..." යුන්ගි සිය දෑස් පුළුල් කරමින් පැවසුවේ සොක්ජින්ගේ අවදානය තමා වෙත යොමුකර ගනිමින්. එයින් පැවසුවේ ඔවුන් දෙදෙනාගෙ ගමනාන්තයට ළගා වුන බව පමණක්ම නම් නොවන වගත්, තමාගෙ නොසන්සුන් ඇවිද යාමේ අවසානය හා නොසන්සුන් ස්පන්දනයෙන් බැහැර වී නැවත හුස්ම ගන්නට හැකි බවත් ඉන් කියවුන බව යුන්ගි තමාටම පවසා ගත්තා. ඔව්, දැන් ඔහුට සන්සුන් විය හැකියි.

යුන්ගි ශුගා ලබා ගැනීම සදහා සොක්ජින් දෙස බැලූ නමුත් ශුගා හා සුරතල් වන ඔහු දකින විට යුන්ගි නැවතත් ගොළු වුනාක් මෙන් බලාසිටින්නට වුනා. ඔව්. ඔහු ශුගාට තාත්තෙක් වගේ තමයි. මේ වන විට යුන්ගිගෙ සිතේ ඇති එකම සිතුවිල්ලත් එයම පමණයි.

යුන්ගි හිස ගසා දමා සාමාන්‍ය අයුරින් කතා කීරීමට උත්සාහ දැරුවේ සිතේ වූ නුහුරු නුපුරුදු සිතුවිලි පලවා හරින්නට උත්සාහ කරමිනි.

LOVE WITH KITTENS | SINWhere stories live. Discover now