05

806 25 20
                                    

ඒ එක්කම සිංදුවේ තාලයට චූටි අයියා මාත් එක්ක දෙපැත්තට පැද්දුනේ කට්ටියගෙ හූ හඬ මැද්දෙ....
මං කොච්චර බය වෙලාද කියනවා නම් මාව වෙව්ලනවා මටම දැනෙනවා...
තත්පර ගානක් එහෙම අපි තාලෙට නටන්නැති...සමාවෙන්න...අපි නෙවෙයි...එයා....මං කලේ එයාගෙ රූකඩේ වගේ එයා කියන කරන විදිහට එහෙට මෙහෙට වෙච්ච එක....
කට්ටිය ඔක්කොම දැහැනකට සම වැදිලා වගේ මොකට බලන් ඉන්නවද මන්දා...
ඒ එක්කම හිතුවෙවත් නැති විදිහට චූටි අයියා මාත් එක්ක තාලෙට පැද්දෙන ගමන් එයාගෙ ඇස් දෙක වහගෙන මගේ නළල සිපගත්තෙ මං ගැසුසුණු පාරට මං අල්ලන් හිටපු එයාගෙ අතයි...උරහිසයි හයියෙන් මගෙ අතින් තවත් තද වෙද්දි...
එයාටත් මං ගැස්සුනා කියන එක තේරුණේ මගෙ අතින් එහෙම වෙච්ච නිසා කියලා නම් විශ්වාසයි...
එයා ටිකක් වෙලා මං දිහා බලාගෙනම ඉදලා සිංදුව ඉවර වෙනවත් එක්කම මාව බදාගත්තෙ කට්ටිය අත්පොලසන් දෙද්දි....

  " ජස්ට් අ ඇක්ට්..." එයා මාව බදාගෙන ඉද්දිම මගේ කණට කරලා එහෙම කිව්වම මං එයාගෙන් ඈත් වුනේ හිතේ ඇති වෙච්ච තරහටද දුකටද කියන්න මං දන්නෑ....

  ඒත් එක්කම මගේ ඔලුවට එක පාරට ආවෙ එයා කියපු කතාව...එයා මේ හැමදෙයක්ම කරන්නෙ මිනිස්සුන්ගෙ අවදානය හැමතිස්සෙම අපි දෙන්නගෙ පැත්තට තියන නිසා...
ඒක තේරුම් නොගන්න තරම් මං බබෙක් නෙවෙයි....
මට චූටි අයියා ගැන ඇති වුනේ ලොකු කල කිරීමක්...

මීඩියාස් වලිනුත් ඇවිත් අපිව වීඩියෝ කරන්න ගත්තෙ චූටි අයියා එයාගෙ මහලොකු රඟපෑම ඉදිරියටම කරන් යද්දි....
ඒ හැමවෙලාවෙම මටත් එයාගෙ රඟපෑමට එකතු වෙන්න වුනා...
මට මං ගැනම අනුකම්පාවක් දැනුනා කිව්වොත් හරි....
ඒත් මංම මගෙ හිත හදාගත්තෙ වෙන ඕන දේකට මූණ දෙනවා කියලා අධිෂ්ඨාන කරගන්න ගමන්...
මොකද දැන් ආපහු හැරෙන්න බෑ....කොහොමටවත් බෑ.... දැන් මං එයාගෙ නීත්‍යානුකූල බිරිඳ...එයා පිළිගන්න අකමැති වුනත්...
අපි දෙන්නට අපි දෙන්න ගැන කැමැත්තක් නැති වුනත් එයා මගේ නීත්‍යානුකූල ස්වාමිපුරුෂයා...
ඒ දේ මතක් කරගෙන මං ඉතිරි පැය ටිකත් ඉවසගෙන හිටියා....

අද දවස මගේ ජීවිතේ ලස්සන දවසක් නොවුනත්....මං අනිත් හැමෝම වෙනුවෙන් හිනා වෙන්න හිත හදාගත්තා....ඔව්... මගේ දෙමව්පියන් වෙනුවෙන්...මං කොහොමහරි මේ දේට මූන දෙනවා...
ටිකෙන් ටික අපි පිටත් වෙන වෙලාව ළං වුනත් මගේ හිතේ නම් කිසිම සතුටක් තිබ්බෙ නෑ...
වෙඩින් එක එක දවසකට ගන්න ප්ලෑන් කරලා තිබිලා තියෙන නිසා මේ රඟපෑම කරන්න ඕන පිට මිනිස්සු ඉස්සරහා අද විතරයි...ඒත් ඉස්සරහට එන හැම දවසක් ගානෙම පව්ලෙ අය ඉස්සරහා මේ විදිහට මම ඉන්න ඕන...

You've reached the end of published parts.

⏰ Last updated: Jun 09, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

AHAMBEN HIMI WU OYA - අහම්බෙන් හිමි වූ ඔයා SINHALA NOVELWhere stories live. Discover now