01

820 32 1
                                    

" චූටි දූ ලෑස්තිද....? " අම්මා දොරකඩ ඉදන් කෑගහනවා...

   " ඔව් අම්මා.....යමු...." මම තාම වේලිලා නැති කොණ්ඩෙ උඩට කරලා කට්ටක් ගහගෙන දුවන් ආවෙ අම්මා මාව හොයන් එන්න කලින්....

   " කොණ්ඩෙ බැඳගන්න තිබ්බනෙ කෙල්ලෙ...." තාත්‍තා කිව්වෙ නෝක්කාඩුවට....

   " තාම වේලිලා නෑනෙ තාත්‍තා....." මං එහෙම කියාගෙන පාරට දුවන් ආවෙ ඒ දෙන්නා තව මුකුත් කියලා මගෙ හිත වෙනස් කරන්න කලින්....

   ඒ දෙන්නත් මං දිහා බලලා මුකුත් නොකියම පාරට ආවෙ මගෙ හැටි දන්න නිසාමයි...

අපි ත්‍රීවිල් එකක නැගලා ආවෙ නැන්දලගෙ ගෙදරට...මාළිගාවක් වගේ ඒ ගෙදර...මං මේ ආපු පළවෙනි පාර.... ගෙට අඩිය තියනකොටම මං දැක්කෙ පඩිපෙලේ වාඩි වෙලා ඉන්න නැන්දව....හැබැයි මූණ නම් එච්චර හොඳ නෑ...

" අනේ දැන් අපේ නම්බුවට මොකද්ද වෙන්නෙ....දෙයියනේ......මගෙ කොල්ල කොහොමද දැන් රටට ලෝකෙට මූණ දෙන්නෙ...." නැන්දා අඬනවා මං අහගෙන....

   ඒ මගෙ නැන්දා...අපිට නැන්දලට තරම් සල්ලිබාගෙ නැති වුණත් අම්මයි මායි තාත්තයි නම්බුකාරව ජීවත් වුණා....
නැන්දල අපි එක්කනම් වැඩි ළෙංගතුකමක් තිබ්බෙ නෑ....
අපි සාමාන්‍ය මිනිස්සු නිසා වෙන්නැති...නැන්දලා ආශ්‍රය කලේ අපේ පරම්පරාවෙ හයිෆයි මිනිස්සු විතරයි...

  ආහ් කියන්න අමතක වුනානෙ....මම අදිති ශාවින්ද්‍යා දිවිසේකර.... සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ දෙවනි වසරෙ ශිෂ්‍යාවක්... අම්ම කියන විදිහට නම් එයා දැකපු ලස්සනම කෙල්ල මමලු....මගෙ අම්මට ඉතින් වෙන කවුරු ලස්සන වෙන්නද මං ඇරෙන්න.... මට වරලි කියලා කැම්පස් කාර්ඩ් එක වැටුනෙ දණහිසටත් පහළින් තිබ්බ උපතින්ම  දුඹුරු පාට කැරළි ගැහිච්ච මගෙ කොණ්ඩෙ නිසා....
මං ඉතින් හරි සරළ චරිතයක්.....
මගෙ තාත්තා කම්පැණි එකක සුපර්වයිසර් කෙනෙක්...අම්මා නම් ඉතින් ගෙදර ඉන්නෙ....
ඒ දෙන්නා තමා මට මගේ ජීවිතේම...

  අපි අද මේ ආවෙ හෙට තියන නැන්දගෙ පොඩි පුතාගෙ...නැත්තන් කියනව නම් ශ්‍රී ලංකන් ක්‍රිකට් ටීම් එකේ ඕල් රවුන්ඩර් ප්ලේයර් තුහින දුශේන් ආරියරත්නගෙ වෙඩින් එකට උදව් වෙන්න.....

AHAMBEN HIMI WU OYA - අහම්බෙන් හිමි වූ ඔයා SINHALA NOVELWhere stories live. Discover now