අදත් අනිත් දවස් වගේ සාමාන්‍ය එක දවසක්.ඒ දෙන්නටත් ඒක ඒ විදිහටම උනා.ජිමින්ට කොච්චර ඕන උනත් ඒ එකාකර දවස් විවිදාකාර කර ගන්න යුන්ගිට නම් ඕන උනේ හැම අතින්ම මහන්සි වෙලා වැඩ කරන්න.
පාක් ජිමින් සහ මින් යුන්ගි.අනිත් හැම කපල් එකක් වගේම දෙන්නත් සාමාන්‍ය යුවලක් උනා.
යුන්ගි එයාලා දෙන්න වෙනුවෙන් ගොඩක් මහන්සි වෙලා වැඩ කලත් ජිම්න් කැමති උනේ නැ යුන්ගි එච්චර මහන්සි වෙලා වැඩ කරනවට.ඊටත් වඩා ජිමින් බය උනා යුන්ගි මෙච්චර මහන්ස් වෙද්දි එයා අසනිප වෙයි කියලා.
ඒත් හිතනවාට පේනවාට වඩා තත්ත්වය වෙනස් උනා.
යුන්ගි තව තවත් වැඩියෙන් වැඩ කරන්න පටන් ගත්තා.
ඔහු නිවසේ සිටියේ හා ජිමින් සමග කාලය ගත කලේ ඉතාමත් අඩුවෙන්.
ඒ උනත් ජිමින් ඒ තත්ත්වය තෙරුම් ගත් බව හැමවෙලාවෙම යුන්ගිට කිව්වා.
" මට දැන් වෙලාවක් නැහැ.. "
" අපි වෙන දවසක එලියට යමුද? "
" මට ගොඩක් මහන්සී. "
" මන් දැන් නිදාගන්නවා. "
යුන්ගි ගෙදර ඉන්න වෙලාවට එයාගේ කටින් පිට උනා නම් පිටවුනේ ඔය වචන විතරයි.
මන් ඔයාට ආදරෙයි කියලා එහෙමත් නැත්නම් මට ඔයා නැතුව පාලුයි කියලා කිසිම වෙලාවක එයා කිව්වේ නැහැ.
ඔවුන් උදෙ අහාරය ගනිමින් සිටි අතර යුන්ගි ඉක්මනින් ආහාර ගනිමින් සිටියා.
" හියුන් අද අපි ඩේට් එකකට යමුද? පිස් ප්වීස් "
ජිමින් කටත් උල් කරගෙන බලාපොරොත්තු සුන් වූ හා දුක්බර හඩකින් කිව්වා.
" අද බැ ,මට අද වැඩ කරන්න තියනවා "
" ම්ම්ම්, Hyung I Love You "
ජිමින් පැවසූ අතර යුන්ගි ඊට කිසිම විදිහකින් ප්‍රතිචාරයක් දක්වන්නෙ නැතුව යන්න ගියා.
YOU ARE READING
𝐈 𝐌𝐈𝐒𝐒 𝐘𝐎𝐔 𝐇𝐘𝐔𝐍𝐆 | 𝐘𝐎𝐎𝐍𝐌𝐈𝐍 ✔︎
Fanfiction[ YOONMIN ] ජීවිතය හරිම කෙටියි. ඒක නිසා ඔයා ආදරේ කරන අයව මගඇරගන්න එපා. ඔයා ආදරේ කරන අයත් එක්ක කාලය ගත කරන්න. ❤️ ©aurora ▫️️