රන් අසිපත 🗡💫 - ☽ පළමු කොටස

1.9K 223 8
                                    

රන් අසිපත 🗡💫

🥀🌙 ..ඔබට විශ්වාසයිද ශ්වේත..
ඔබ වෙනුවෙන් පමණයි කාලන්..🌙🥀

පළවෙනි කොටස

               ________ ༒ _________

හිරු බැස ගිය මොහොතේ සිට මේ වනතුරු ඝන වනන්තරය මැද්දෙන් වේගයෙන් ඉදිරියට ඇඳෙන අසරුවෙකි. අසරුවාගේ දිසාවට වාසනාව කැරෙකෙනවා සේ මෙතරම් වේලාවක් බැබළෙමින් තිබු සඳත් තද කළු වළාකුළකින් වැසි ගියේ මුළු වනන්තරයම කෑලි කපන්න පුළුවන් ආකාරයේ ඝන අඳුරකට ඇදගෙන යමිනි.

ළාවට තැනින් තැන දිස්වෙන කණාමැදිරියන්ට අසරුවා කලේ සිතෙන් ශාප කරපු එක. රැහැයියන්ගේ ඝෝෂාවත්, බකමූණන්ගේ හූම් නාදයත් අශ්වයාගේ ලාඩම් පාද පොළවේ වැදි වේලූණ කොළවලින් එන සරබර ශබ්දය යටපත් කරේ සාමාන්‍ය මිනිසෙකුට නොහැකි ආකාරයේ වේගයකින් අසරුවා වනන්තර⁣ය තුළින් ඉදිරියට ඇදෙද්දි.

ඝන අඳුරටම ගැලපෙන ⁣අසරුවාගේ ශරීරයේ කාල වර්ණයත් ඒ හා සමානවම ඔහුගේ අශ්වයා⁣ගේ කාල වර්ණ ශරීරයත් ඔවුන් දෙදෙනාව අඳුරු කෑලැවටම මුසු කලේ කිසිඳු දෙපා සත්වෙයක්ට ඔවුන්ව නොපෙනී යවමින්.

කන්ද උඩරට රාජධානියේ සිට රජරට රාජධානිය දක්වා දිවෙන ගැණිය නොහැකි දුර ප්‍රමාණයකින් වැසී තිබෙන මේ ඝන වනන්තරය අසරුවාට තමගේ නිවස්නය හා සමානව හුරුපුරුදුයි.

'තමන්ගේ නිවස්නය.'

කෙතරම් දිනයකින් තමන් නිවස දැක නැද්ද. පුර පෝය සඳවල් තුනක්. ඔහුගේ කට කොනකට ලා සිනාවක් ආවේ තමන් නැවත තමන්ගේ සුපුරුදු නිවස්නයට ගමන් කරනවා  නේදැයි කියා දැනෙද්දි. නමුත් සිතේ කොනක සියුම් තැනකින් සියුම් වේදනාවක් ඔහුට දැනුනෙත් ඒ හා සමඟමයි.

ඒ ක්ෂණිකයකින් අසරුවාගේ මනසට ඇදී ආ රන්වන් පැහැ ගත් මුහුණක් නිසා. පුර පෝය සඳවල් තුනක් ගෙවෙනකන් තමන් සමඟ ගත කල ඒ රන්පැහැ සිරුරේ අයිතිකාරයාව. එයයි ඔහුගේ මනස සෙලවු කාරණාව.

තද කළු පැහැති අශ්වයා 'කාල' ට තමන්ගේ ස්වාමියාගේ යම් වෙනසක් තේරුණේ ඒත් සමඟමයි.

වේගයෙන් යමින් සිටි අසරුවාට දැණුනේ ගමනේ වේගය අඩු වෙනවා වගේ.

රන් අසිපත 🗡💫Où les histoires vivent. Découvrez maintenant