CHAPTER - 2

616 141 6
                                    

Rhythm of heart
Chapter 2


**** AFTER ONE YEAR ****

දියා ෆැනශන් ඩිසයිනර් කෙනෙක් විදියටත් ජිමින් බෑන්ක් මැනේජර් කෙනෙක් විදියටත් එයාලගේ ජොබ් කරන්න අරන් අවුරුද්දකටත් ලං වෙන්න ඇවිත්....

අවුරුද්දක් ඇතුලත වෙන්න බැරි මොනාද නේද.... යුනිවසිටි එකේ තනිකඩයා වෙලා හිටපු ටේ ආදරේ කරන්න ගෑනු ලමයෙකුත් හොයන්...

ඒකෙන් වාසිය ලැබුනේ ජිමින්ට ...මොකද කියනවනම් දියා එක්ක එලියට යද්දි දැන් ටේත් ජිමිනුයි දියයි එක්ක නොඑන එක...ජිමින් ඒකටනම් අර ගෑනු ලමයට පුදුමාකාර විදියට ස්තූති කලා....

" දියා ...ඇත්ත කියන්නකෝ මේක ලස්සනද....නැත්තන් අර කලු පාට එකද ලස්සන..."

" සුදු පාට එක හොදයි ඔයාට...ඒකට ඔයා කියුට් වගේම සෙක්සි...ඒක හොදයි..."

ජිමින් දැන් පැය දෙකක් තිස්සෙ ෆිටෝන් රූම් එකෙන් එලියට එනෝ ආයෙ යනෝ...දියත් පැය දෙකක් තිබ්බේ ජිමින්ට අරක හොදයි මේක හොදයි කිය කිය කට හොලවනෝ....

" යමු රින්ග්ස් බලන්න දියා ..."

" ජිමින්..අද නම් බෑ...හෙට යමු...හෙට හොදේ....බලන්න බබා අපේ වෙඩින් එකට මාසයක් විතර තියෙනෝ...ඔයා මාර විදියට එක්සයිට් වෙලානෙ..ඔය ඇදුම් තෝරන විදියට ඔයා බ්‍රයිඩ් කියලා මට හිතෙන්නෙ..."

" හ්...හදිස්සියි තමයි ඉතින්...ඔයා මගේ කරගන්න ඕනෙනේ ඉක්මනට...ඇයි ආස නෑ මගේ වෙන්න....ආ..ආ..."

" පාර්ක් ජිමිනී දියා ඉන්නවා මෙතන ...ඉතින් මාව ඔයාගේ කරගන්න...."

" බැහ්...මෙතන බෑ...මොනා උනත් මට ලැජ්ජාව බය කියලා දෙයක් තියෙනෝනේ...මෙතන බෑ ඒක නිසා...අනික ඔයාව එහෙම තියන්න බෑ දෙනෝදාහක් මැද්දේ..."

" ඒයි ජිමින්...කෑ ගහන්න එපා මෝඩයෝ...හිමින් කියවනවා....ඔයිට හොදයි ඔයා ඕක ස්පීකර් එකකින් කිව්වනම්...අයියො මිනිස්සුත් බලනෝ එනවා යන්න මෝඩ පැටියා...."

ජිමිනුයි දියයි ආදරේ කරන්න අරන් අවුරුදු පහක්...ඔව් ඉතින් දෙන්නා ආදරේ කරන්න අරන් තියෙන්නෙ හයිස්කූල් කාලෙ ඉදන්...හැබැයි දෙන්නගෙම දෙමව්පියො දන්නේ දෙන්නා ආදරේ කරන්න අරන් තාම අවුරුදු තුනයි කියලා....

දියා තාමත් බලන් ඉන්නේ එයාගේ එහා පැත්තේ කාර් එක ඩ්‍රය්වු කරන ජිමින් දිහා... ඕනිම කෙනෙක්ට දෙපාරක් හැරිලා බලන්න පුලුවන් විදියෙ රූපයක් ජිමින්ට තිබ්බා...

ඒ වගේම හයිස්කූල් කාලෙ ඉදන්ම ජිමින්ට කෙල්ලන්ගෙන් ලැබුන අවදානෙත් පොඩ්ඩක්වත් අඩු නෑ....ඒත් දියා හයිස්කූල් එකේ හැංගිලා වගේ හිටපු චරිතයක්...

හයිස්කූල් එකේ ඩ්‍රීම් බෝයි කවද හරි තමන්ගේ ජීවිතේ හැමදේම බෙදාගන්න සහකාරයා වේවි කියලා දියා හීනෙකින්වත් හිතුවේ නෑ .... දියා ජිමින්ට ආදරේ කලේත් ජිමින්ගෙ අවංක හදවත නිසා...

ජිමින් දියාගෙන් ආදරේද ඇහැව්ව තුන්වෙනි දවස ඒ... වෙනදා වගේම හයිස්කූල් එකෙන් පස්සෙ දියා කෙලින්ම ගියේ එයාගේ ගෙදරට...ඒත් එදා...

දියා පාර පනිනකොටම දියාව මෝටර් සයිකල් එකකට හැප්පෙන්න ගියේ...ඒත් හිතුවෙවත් නැති විදියට ජිමින් ඇවිත් දියාව තමන් ලගට ගත්තා...

එදා තමයි දියාට මුලින්ම ජිමින්ගේ හදවත කතා කරනෝ ඇහුනේ.... ජිමින් හොදටම යකා නැගලා වගේ දියාට බැන්නේ පාර බලන් යන්න බැරිද කියලා...ඒත් දියා තාමත් ජිමින්ව බදාගෙන එයාගේ හදවතේ වචන අහනවා...ඒ හද ගැස්මක් ගැස්මක් පාසා තිබ්බේ අහිමිවීමේ බය....

ජිමින් ගහපු හෝන් පාරක් නිසා තමයි දියා ආයෙමත් හොද සිහියට ආවේ...දියා තාමත් ජිමින් දිහා ඇස් ලොකු කරන් බලන් ඉන්නේ එයාගේ ඉස්සරහා ඉන්නෙ හීනයක්ද කියලා හිතන ගමන්...

දියා හිමීට ජිමින්ගේ මූන තමන්ගේ අත් දෙකට අරන් ජිමින්ගෙ තොල් වලට පොඩි හාදුවක් දුන්නේ ජිමිනුත් ඒ හාදුව විදිද්දි...

" ජිමින් පරිස්සමින් යන්න..."

" හ්ම්ම්ම්...පරිස්සමින් ඉන්න මැනික..."

දියා තාමත් බලන් හිටියේ ජිමින්ගෙ වාහනේ නොපෙනී යන දිහා...

" ආ..නෝනා ප්‍රේම කුරුල්ලා ඈතට පියෑඹුවා දැන් එන්න වැඩ තියෙනෝ.."

දියා එක්කම එකට වැඩ කරන ජෙනී ඇවිත් දියාව ඔෆිස් එකට ඇදගෙන ගියේ දියාට එක එක ඒවා කිය කිය විහිලු කරන ගමන්මයි

°
°
°
°
°

_VIKII_

RHYTHM OF HEART || PJM ✅Where stories live. Discover now