CHAPTER - 3

587 138 21
                                    

Rhythm of heart
Chapter 3

" ඒහ් මේ අපේ කොට ජිමිනමද...බලපන් කුකියා මේකප් වලට කරන්න පුලුවන් දේවල්..."

"යනවා යන්න ටේ ... මම උපතින්ම ලස්සනයි...මේ දැන් උනත් මට කෙල්ලො සීයක් හොයාගන්න පුලුවන්..."

" කුකී ,...මට මතක් කරන්න ජිමින් මේ කිව්ව එක දියාට කියන්න...හනිමූන් එකට කලින් කියන්න ඕනේ...."

" හා හ්‍යුන් ... දියා නූනට කියමු අනිවාරෙන්..."

ජිමින්ට කුකීව හම්බවුනේ එයා වැඩ කරන බෑන්ක් එකේදි...දෙන්නම වැඩ කරන්නෙ එකම බෑන්ක් එකේ නිසාම දෙන්නා ඉක්මනට යාලුවො උනා...

" උබලා දෙන්නා මගෙන් පලිගන්නවා නේ...උබලටත් ඒවිනේ එහෙම දවසක්...එතකන් ඉවසපන්..මම දෙන්නම් පොලිය පිටින්ම...."

ජිමින් ලෑස්ති වෙන්න ගත්ත වෙලාවෙ ඉදන් කුකියි ටේයි ජිමින්ට ලෝකෙ නැති දේවල් කිය කිය ජිමින්ව ලැජ්ජා කරනවා ...බලන්න වටිනවා...

පැය කීපයකට පස්සේ ජිමින් හිටියේ පල්ලියේ අල්තාරය ඉස්සරහා කෙනෙක් එනකන්.... පල්ලියේ ඉස්සරහා දොර ඇරුන ගමන් ජිමින්ගේ සුරංගනාවි එයාගේ තාත්තත් එක්ක අත් පටලවන් හිමින් හිමින් ජිමින් ඉන්න තැනග ආවා...

දියාගේ අත ජිමින්ට බාර දීපු ගමන් දියාගේ තාත්තා එතනින් ටිකක් එහාට වුනා....

වයිට් කරල් ෆුල් කිට් එකට ජිමින් ඇත්තටම කුමාරයෙක් වගේ ... දියාගෙත් වෙනසක් නෑ... වයිට් කරල වෙඩින් ෆ්‍රොක් එක දියාට හොදට මැච් වුන...සිම්පල් හෙයාස්ටයිල් එක දියාගේ චාම් ගතිය හොදින්ම ඉස්මතු කරලා පෙන්නුවා....

දියා ජිමින් දිහත් ජිමින් දියා දිහත් එක එල්ලෙ බලන් ඉන්නෙ දැන් නැතුවට දැන් ෆාදර් ඒ දෙන්නට කිස් කරන්න කියාවි කියලා ..දෙන්නට ඒ තරමට හදිස්සිය...

විනාඩි ගානකට පස්සෙ අන්තිමෙදි ෆාදර්ගෙ කටින් ඒ වචනෙ කියවුනා...ජිමින් දියාගේ තොල් වලට පොඩි හාදුවක් දුන්නා...මොනා වුනත් මෙතන දෙන්නගෙම වැඩිහිටියො ඉන්නවා...ඊටම හපන් හාන්න බලන් ඉන්න යාලුවෝ...

කිස් එක දුන්න ගමන් දියා ජිමින්ව බදාගෙන එයාගේ හදගැස්මේ හඩ ඇහැව්වා...බයවෙලා...

" ජිමිනී...හොදටම බය වෙලා නේද...ඇයි අපේ තාත්තා ගහාවි කියලා හිතුවද..."

" ඒකත් හේතුවක් බබා...ඔයාට පේනවද ටේ ගෙ මුනේ තිගෙන පජාති හිනාව...ශුවර් එකටම මුන් රැග් එකක් දෙන්න හදන්නේ...මොන වන්නමක් නටාවිද දන්නෙ නෑ..."

කිව්වා වගේම ජිමින්ගෙයි දියාගෙයි පරම උත්තරීතම යාලුවො ටික එයාලට ලස්සන රැග් එකක් රෙඩි කරලා ... වැඩි දෙයක් කරන්න තිබ්බේ නෑ ..

ජිමින්ට තිබ්බේ දියාවත් උස්සගෙන එයාලගෙ කාර් එකේ යතුර හොයන එක...වැඩේ කියන්නේ කාර් එකේ යතුර තිබ්බේ පිටි බාජනේක අනික තමයි ඒ පිටි බාජනේ යතුරු හුගක් තිබ්බා....

අන්තිමේ විනාඩි විස්සක විතර ජිමින්ගෙ නොසැලෙන කාය ශක්තියටයි උත්සාහෙටයි පිං සිද්ද වෙන්න එයාලට කාර් එකේ යතුර හොයාගත්තා...

එතකොට තමයි කාර් එකේ ලස්සන දැක්කේ එයාලා....කාර් එකේ පිටිපස්සේ එක එක ටින් බෙලෙක්ක එල්ලලා...... ජිමින් මාර අසරන බැල්මක් ටේ දිහාට දැම්මත් ටේගෙ මූනෙ තිබුනේ හරිම තෘප්තිමත් හිනාවක්...

ඊටම හපන් කුකියා...

" ජිමින් හ්‍යුන් එහෙනම් දැන් යන්න....අපි දිහා බලන් ඉන්නේ..."

.
.
.
.

පැය කීපෙක ගමනකින් පස්සෙ ජිමින්‍ටයි දියාටයි එයාලා බුක් කරපු හොටෙල් එකට එන්න පුලුවන් වුනා....රූම් එක හිතාගන්නවත් බැරි තරම් ලස්සනට ඩෙකරේට් කරලා තිබ්බා....එයාලගෙ රූම් එකේ බැල්කනි එකට ගියාම ලස්සනට මුහුද පේන්න තිබුනා....

තිබ්බ මහන්සියටම ඉක්මනට දියා වොශ් එකකුත් දාගෙන බැල්කනි එකට ආවේ ඉර බැහැගෙන යන හැටි බලන්න.... ජිමිනුත් ඉක්මනට වොශ් එකක් දාගෙන ආවම දැක්කෙ දියා බැල්කනි එකට වෙලා ඉන්නවා...

ජිමින් හිමින් ගිහින් පිටිපස්සෙන් දියාව බදාගත්තා....

" ඒයි...පිටිපස්සෙන් ඇවිත් බදාගත්තම බයවෙන්නකෝ... "

"යාහ්...මොකට බයවෙන්නද... මේ රූම් එකේදි මාව වෙන කවුරු බැක් හග් කරන්නද බබා .."

" ඒකත් ඇත්තනේ... දියා මොකෝ කියන්නෙ මගේ කරගන්නද ආ..."

" ජිමින්...මට තාමත් හීනයක් වගේ ඔයා මාව මැරි කරපු එක...අපි මෙහෙම ඉන්න එක... ඒ හැමදේම හීනයක් වගේ..."

" ඇයි එහෙම හිටන්නේ බබා...හීනයක් නෙමෙයි ඇත්තක් ... ඔයා මගේ...."

ජිමින් දියාව ආදරෙන් වැලදගත්තේ දියාට තවත් හොදට ජිමින්ගේ හද ගැස්ම ඇහෙන විදියට...

ඒ හද ගැස්ම තමයි දියාට හැමදාම මතක් කලේ ජිමින් එයා ලග ඉන්නවා කියලා...ඒ හදගැස්මෙන් තමයි දියාට ජිමින්ව දැනෙන්න සැලැස්සුවේ...

°
°
°
°
°

_Vikii_

RHYTHM OF HEART || PJM ✅Opowieści tętniące życiem. Odkryj je teraz