මනසින් අමතමි❤️‍🩹

287 45 138
                                    

ඔයාට මතකද..
මන් ඔයාට දවසක් කිව්වා..
මන්..
ජීවිතේ පුරාවටම ඔයාට ආදරේ කරනවා කියලා..

ඔයා හිනාවුනා..
මට ඒක කරන්න බෑ කියලා..
ඔයාගෙ හිත ඔයාට කිව්වා.. මන් එහෙම කරන්නෙ නෑ කියලා.. නේද..

ඉතින් එහෙමද..
ඔයාගෙ හිත ඔයාට කියන්නැති නේද..
මන් බොරුකාරියක් කියලා..
ඔයාටම විතරක් ආදරේ කරනවා කියපු මන් වෙන කෙනෙක්ට ආදරේ කලා කියලා..

ඇත්‍තටම..
මන් වෙන කෙනෙක්ට ආදරේ කලාද
ඔයා මගේ හිත පුරාම ඉද්දි..
මන් වෙන කෙනෙක්ට ආදරේ කලාද

මගේ හිතත් එක්ක තනිවෙච්ච වෙලාවක..
මගේ හිත මට කිව්වා..
මන් කලේ..
සමහර දේවල් නිසා වැරදි තීරණ ගනිපු එක විතරයි කියලා..
මන්..
ඇත්තටම ආදරේ කලේ ඔයාට විතරයි කියලා
තාමත් හිතන්නේ..
ඔයා ගැන විතරයි කියලා..

ඇත්ත..
මන් උත්සාහ කලා..
වෙන කෙනෙක්ට ආදරේ කරන්න..
ඔයාගෙන් තොර ලෝකයක් දකින්න..
ඔයා ගැන නොහිතා..
මට ආදරේ කරන කෙනෙක් ගැන හිතන්න
මට ආදරේ කෙනෙක්ට ආදරේ කරන්න
ඒත් අන්තිමට..
මන් ඒ හැමකෙනෙක්ගෙන්ම බලාපොරොත්තු උනේ ඔයාව..
ඒ කොතනකවත්ම..
ඔයා හිටියෙ නෑ ..
මොකද.. ඒ ඔයා නෙමෙයි නිසා..
මන් ඔයාට කොච්චර ආදරේ කලත්..
මට තරම් ඔයාව වෙන කෙනෙක්ට බලාගන්න බෑ කියලා දන්නවා උනත්..
මන් ඔයාට යන්න දුන්නා..
ඔයාගෙ සැනසීම මන් ළග නැති නිසා..
ඔයා නැතිවුනත්..
මන් තාමත් පරිස්සම් කරනවා
ඔයාගෙ ආදරේ.....

ඒත්..........
සමහර හේතු නිසා..
මන් ඔයාට දැනෙන්න දුන්නෙ නෑ නේද
මන් තරම් ඔයාට වෙන කව්රුවත්ම ආදරේ නෑ කියලා..
ඔයාව තරමට..
මට මාවවත් වටින්නෙ නෑ කියලා
මන් සැනසුනේම..සැනසෙන්නෙම....
ඔයාගෙ එක හිනාවක් නිසා කියලා

.....................❤️🌸❤️....................

සමහරවෙලාවට..
මන් මගෙන්ම අහන්න පුරුදුවෙලා..
ඔයා මට ආදරේ කරපු තරමට
මන් ඔයාට ආදරේ කලාද කියලා..
ඔයා මාව පරිස්සම් කලා වගේ
මන් ඔයාව පරිස්සමෙන් බලාගත්තද කියලා
ඔයා මගේ හෙවනැල්ල උනාට
මන් ඔයා එක්ක එහෙම රැදුනද කියලා

ඔයා මාව පරිස්සම් කලා වගේ..
මටත් ඕනි උනා ඔයාව පරිස්සමෙන් බලාගන්න
ඔයා මන් වෙනුවෙන් හිටියා වගේ..
මටත් ඕනි උනා ඔයාගෙ හෙවනැල්ල වෙලා ඉන්න
මේ හැමදේම..
මට මේ දැනෙන හැමදේම..
මන් ඔයා වෙනුවෙන් හැමදාම කරන
හැම ප්‍රාර්ථනාවක්ම..
මට ඔයාට කියන්න ඕනි උනා

මනසින් අමතමි❤️‍🩹  ✔️Where stories live. Discover now