1

1.2K 318 110
                                    

බස් එකක් කියන්නේ පොදු ප්‍රවාහන සේවයක්. මිනිස්සු ලේසියට පාසුවට වගේම තමන්ගේ ගමනාගමනයට ලේසි නිසා බස් එකෙන් ගමන් යනවා.

පරිසර දූෂණය අඩු නිසා මේ බස්වලින් ගමන් යන එක රජයෙන් අනුමත කරලයි තියෙන්නේ. පරිසරවේදීන් සහ සියලු දෙනා කියන්නේ බස් රථ වැනි පොදු ගමනාගමන ක්‍රම භාවිතයෙන් අපිට පරිසරය රැක ගන්න පුළුවන් කියලයි. 

ඒක ඇත්ත.

ඒ වගේම තමන්ගෙම කියලා වාහනයක් නැති මිනිස්සු බස්වලින් ලොකු ප්‍රයෝජනයක් ගන්නවා. 

පුද්ගලික අත්දැකීම මත මම යනු හැමදාම බස් එකේ යන එන පුද්ගලයෙක්. ඔය යන එන ගමන් වලදි මාවත් අතවරවලට ලක්වුණ අවස්ථා අනන්තයි ඉතින්. 

දවසක්දා මේ අමුතු ඇටයේ දාසය හැවිරිදි ගෑනු ළමයෙක් තමන් සල්ලි කීයක් හරි හම්බ කරගන්න ගිය රස්සාව ඉවර වෙලාව ඉවර වෙලා බස් රියකට නැගලා ගෙදර එන්න පිටත් වුණාලු. 

ඔය අමුතු ඇටයේ වෙන්නේ අමුතු වැඩනේ. 

වෙන රටවල්වල මිනිස්සු පොදු තැන්වලදී ගොඩක් පරිස්සම්. 

අමුතු ඇටය මේකේ අනික් පැත්ත.

අර කොන්දොස්තරයි රියදුරයි එකතු වෙලා මේ අසරණ ගෑනු ළමයව විනාස කරලා තියෙන්නේ ඇහිපිල්ලමක් ගහන තරම් ඉක්මනින්. -_-

තමන්ට උපත දුන්න අම්මා වගේම අනාගතේ අම්මා කෙනෙක් වෙන්න (ඒ ගෑනු ළමයා කැමති නම් අම්මා කෙනෙක් වෙන්න.) ඉන්න ළමයෙක්ව විනාස කරන ඇටයක් මේක. 

ඒ මිනිස්සුම තමයි වෙන මොකක් හරි වුණොත් වසර දෙදහස් පන්සීයක අතීතය ගැන කියවන් එන්නේ. 

ඉටි ගෙඩියේ වංසේ කබල් ගාන නිසා තමයි මේ සේරම.

අමුතු ඇටයේ වුණ එක සිද්ධියක් විතරයි ඒ. 

තවත් සිද්ධි තව ඉස්සරහට කියන්නම්. අද ඊයේක ඒවා විතරක් නෙවෙයි මම පරණ දේවලුත් මෙතන කියනවා. 

රට ගැන කැක්කුමක් තියෙන වුන් කියවයි. 

කියෙව්වේ නැතත් රටට ආදරේ අය මේකට මොනවා හරි කරයි. 

එහෙම නැති වුන් ගැන මට කියන්න තියෙන්නේ තොපි රටටත් සාපයක් කියලා. 

මේක අපේ රට. 

ඒ දූෂණය වුණේ අපි.

ඊළඟට විනාස වෙන්නේ ඔයා හෝ මම වෙන්න පුළුවන්. 

අපි තමයි හොඳටම කළේ!Where stories live. Discover now