ඡන්දේ දුන්නේ කාට වුණත් අන්තිමට අපිට වෙන්නේ මේ ටික තමයි. කවුරු ආවාත් හොඳටම කරලා අන්තිමට රට ආගාධෙට යනවා.
මේක මගේ අත්දැකීමක්. මම අම්මලගේ ගෙදර ගිය දවසේ කරන්ට් තිබ්බේ නෑ මුළු රෑම. ඒ අස්සේ ගෑස් එකත් ඉවර වුණා. කන්න හදාගන්න විදිහක් නැති නිසා දවල් ඉතුරු වුණ බත් එකට පොල් ගාලා කෑවා. පොල් ගාලා ඉවර වෙද්දි ඉටිපන්දමත් ඉවරයි.
අපේ කුඹුර තියෙන නිසා හාල් ටික හරි තියෙනවා කියන්න පුළුවන්. එහෙමවත් නැති මිනිස්සුන්ට තව ඉස්සරහට යන කල මොකක්ද?
ගොවීන්ට වවාගන්න පෝර නෑ. නුවර එළිය පැත්තේ ඉන්න ගොවියෝ කොහොම හරි වැව්වා කියමුකෝ... ඒ වැව්වට පස්සේ කොළඹ පැත්තට ප්රවාහනය කරන්න තෙල් නෑ.
නෑ කිය කිය ඉන්න එක විතරයි අපිට අන්තිමට ඉතුරු වුණේ. කොවිඩ් නිසා හිර වුණා මදිවට තව රටේ පාලකයෝ නිසා එක්ස්ට්රා හිර වෙනවා.
අපිට පන්සලේ පූජාවට නෙළුම් මල් පනහක් ගේන්න කිව්වා. අද අපි ගියා නෙළුම් මල් ඕඩර් කරන්න. එතන හිටපු කඩේ ගෑනු කෙනා කිව්වේ මල් තිබ්බට ගේන වාහනේට එන්න තෙල් නෑ කියලා. ගෙනාවොතින් දෙන්නම් කියලා ඒ ගෑනු කෙනා කිව්වේ.
තව ටික දවසකින් තෙල් නැති වුණහම බස් යන එක නතර වෙනවා. වැඩට යන මිනිස්සු, ඉස්කෝලේ යන ළමයි අන්ත අසරණ වෙනවා මේ නිසා. මම වුණත් සාමාන්යයෙන් පාවිච්චි කරන්නේ බස් එක. ඒක නිසා ඒකේ අමාරුව අපිට හොඳටම තේරෙනවා. 🙂
මම අඳුරන ඇන්ටි කෙනෙක් මේ දවස්වල ගෙදර ළමයින්ට කෑම ගෙනියන්නේ කඩෙන්. හවසට වැඩ කරන තැන කරන්ට් කපන නිසා එයාලට වැඩි වෙලාවක් වැඩ කරන්න වෙනවලු. ඒ වැඩ කරලා ගෙදර යද්දි ගෙදර කරන්ට් නැහැලු.
තවත් මනුස්සයෙක් කෝල් කළා. එයා ඉන්නේ රටේ නමගිය ඇමති කෙනෙක් ඉන්න පැත්තක. ඒ මනුස්සයා කිව්වේ එයාලා ඉන්න පැත්තට එක දවසක්වත් කරන්ට් කැපුවේ නෑ කියලා.
අන්තිමට බලන් යද්දි හැමතැනින්ම තැලිලා ප්රෝඩාවට ලක් වුණේ සාමාන්ය අපි නෙවෙයිද?
(තව විනාඩි හතකින් කරන්ට් කපන නිසා කේන්තියෙන් ඉන්න සසොරි. 🙂)
2022.02.28
07.08 pm