🌼1 කොටස🌼

7.4K 338 19
                                    

" මාව අතහැර යන්න "

" මාගේ ප්‍රාණය තිබෙනතෙක් නුබ වෙනුවෙන් ඉන්න බවට මන් නුබට එදින පොරොන්දු වුනා මගේ ....."

පුතා පුතා නැගිටින්න ලමයෝ අද ස්කූල් යන්නේ නැද්ද ආ මගේ චූටි හා පැටියෝ කො කො මගෙ හොර කොල්ලට ලොකු ටිපි ටිප් පැකට් එකක් අරන් දෙනවා ස්කූල් ඇරිලා එද්දී.

"යේ යේ මන් නැගිට්ටෝ අම්මියෝ ගුම් මොනින් මගේ අම්මියෝ මට ලොකූ ටිපි ටිප් පැකට් එකක් ඕනි 🥺 හරිද සුදු අම්මියෝ "

" මේ බලන්නකො මගේ අවුරුදු හයේ පොඩි කොල්ලා අම්මිට බටර් ගාන විදිහ කෝ කෝ යන් මුහුන සෝදන් කාලා ලස්සන ඇදුමක් ඇදන් ස්කූල් යමු "

" අම්මි මන් හීනයක් දැක්කලේ සුදු පාට දිගම දිග ලස්සන ඇදුමක් ඇදන් කොන්ඩෙ දිග ලොකූ පිහියක් අරන් ඉන්න කෙනෙක් "

" එහෙමද පුතා කෝ යමු දැන් "

" හා සුදු අම්මි මට ටිපි ටිපි ඕනි "

අම්මි මාව එක්කන් ගිහින් මුහුන සෝදලා ලස්සන රතු පාට ඇදුමක් අන්දලා කෑම කවලා . පොත් , පාට පෙට්ටි ඔක්කෝම මගේ බෑග් එකට දාලා ස්කූල් යන්න ලෑස්ති වුනා. අම්මි ගෙදර දොර වහලා මගේ අත අල්ලන් පාර දිගේ ඇවිදින් යද්දි...

කවුදෝ මන්දා ආන්ටි කෙනෙක් හයියෙන් අඩන සද්දයක් ආවා. අම්මි මාවත් එක්කන් පාර එහා පැත්තෙ තිබ්බ පාර්ක් එකේ පුටුවක් උඩ ඉදන් හිටිය ආන්ටි කෙනෙක් ලගට ගියා . ඒ ආන්ටිගේ ගවුමේ රතු පාට වතුර ගොඩාරියක් තිබ්බා .

අම්මි මට එතන ඉන්න කියලා ඒ ආන්ටි ලගට ගිහින් ඒ ආනිටිව අල්ලලා බැලුවා අම්මි කාටදෝ කෝල් කරලා ඒ ආන්ටිව බිමින් නිදි කරවලා මගේ ලගට ඇවිත් මගේ අම්මිගෙ බෑග් එක අරන් ගිහින් ඩොක්ටර් නලාව අරන් ආන්ටිව පරීක්ෂා කරා එතකොටම එතනට ඇම්බුලම්ස් එකක් ඇවිත් ආනිටිව දාගෙන අම්මි මාවත් වඩාන ඒකෙ නැගලා හොස්පිටල් එකට ගියා . අම්මි මාව නර්ත් ආන්ටි කෙනෙක් ලග තියලා කොයිදෝ ගියා මන් අම්මි එනකම් අම්මිගෙ ඩොක්ටර් රූම් එකේ කාටූන් එකක් බල බලා හිටියා .

ටික වෙලාවකින් එතනට ආපු අම්මි මාව වඩාන අර ආන්ටි හිටිය රූම් එකට එක්කන් ගියා . ඒ ආන්ටිගේ එහා පැත්තේ චූටි ඇදක චූටි සුදූ ලස්සන බබෙක් හිටියා අම්මි මාව ඒ බබා හිටිය ඇදට එහා පැත්තේ පුටුව උඩ තිබ්බා . ඒ ආන්ටි අම්ම්ට තැන්කූ කරා. මන් හිමිට අර ලස්සන චූටි බබා දිහා බැලුවා .

ඒ බබා මන් දිහා බලාන හිටියා මන් හිමිට ඒ චූටි බබාගේ අතින් ඇල්ලුවා ඒ බබා මගේ ඇගිල්ල අල්ල ගත්තනේ හයියෙන් මන් හිමිට බබාගෙ මූනට නැමිලා උම්මියක් දුන්නා ..

ඒ එක්කම අම්මි මාව ආයි වඩා ගන්න හැදුවා එත් අර බබා මගේ ඇගිල්ල අත ඇරියේ නෑ අම්මි මට හිනා වෙලා ඒ බබාගේ අත හිමිට අයින් කරා එතකොටම ඒ බබා මා දිහා බලාන හයියෙන් කෑ ගගහා ඇඩුවා අර ආන්ටි බබාව අතට අරන් අම්මි කුක්කූ දුන්නා අම්මි මාව වඩාන යන්න හදද්දි එතනට ආව නර්ත් ආන්ටි කෙනෙක් මේ බබා ඉපදුන වෙලාව අම්මිගෙන් ඇහුවා

" 1997/08/05 12.45 ට "කියලා අම්මි කියුවා අම්මි මාවත් එක්කන් එතනින් අම්මිගෙ ඩොක්ටර් රූම් එකට ගියා.....

මේ කතාව මගේ හිතේ ඇදුන කතාව මන් කතාවක් අකුරු කරන තුන්වන වතාව මේ . මේ කතාව මගේ හදවතින්ම YIZHAN වෙනුවෙන් ලියන දෙයක් මේ කොටස කියවද්දී නිකම් බොලද ලස්සනක් නැහැ කියලා හිතුනොත් මට සමාවෙන්න මොකද මන් මේ කතාව ලියන්න පටන් ගන්නේ පොඩි කොල්ලෙක් ජිවිතේ දකින විදිහට . මේ කතාව පටන් ගැන්මට වඩා අවසානය ගොඩක් වෙනස් වෙයි මේ කොටසෙදී සමහර තැන්වල මන් ඉගී දීලා තියේ ... කතාව ලස්සනද කැතද ? කියලා කියන්න මගේ වැරදි තියේ නම් ඒවත් කියන්න මන් හදා ගන්නම් 🤗

මන් ,
මනී 🥺❤🌼

🚫 පොරොන්දුව  🚫 Complete  Where stories live. Discover now