වැටියෙන් එහා

853 171 22
                                    

"මහ වැටියෙන් එහා වෙනස්ම පැත්තක්. පාරාදිසයක් බඳු නගරයක්, සල්ලාල තරුණයන්, වීදි වල හිඟා කන ගැහැණුන්, නැටුම්, ගැයුම්, රැඟුම් වැනි නොයෙක් විප්‍රකාර පිරුණ ලෝකයක්. අඳුර වැටුනම එ්ක තවත් වෙනස් පැත්තක් ගන්නවා. තැබෑරුමකට ගියොත් මිහිපිට යක්ෂයන් මුණ ගැසෙන්න හැකී. එ් තරමට බිය උපදවන සුළුයි." අඳුරු කුටියක හිඳගෙන ඉස්සර සීයා කියා දීපු කතා අතර තනිවෙලා හිටියෙ දැක්ක ගමන් වශීවෙන විදියෙ රුවක් තියෙන තරුණ කෙල්ලක්. බිම් මට්ටමේ ඉදන් අඩි 10 ක් විතර උඩින් තියෙන කවුළුවකින් අැරෙන්න අැතුලට වාතය එන්න වෙනත් තැනක් නැති තරම්. ටිකක් දුර ඉඳන් අාපු අඩි සද්දෙට කෙල්ල අැස් දෙක තද කරලා පියා ගන්න ගමන් අඳුරු කුටිය අැතුලෙ ගුලි ගැහුනෙ අැතිවුන බය නිසයි. අඩි සද්ද හිමීට ළං වුනේ හිතා ගන්න බැරි ඉක්මනින්. එ්ත් එක්කම යකඩ දොරේ අඟුලු විවර වුනේ කළු මාස්ක් දාගත්ත මිනිස්සු දෙන්නෙක් අැතුලට එනවත් එක්කම වගේ.

"අැහුනද නැගිටින්න"

අාපු දෙන්නගෙන් එක්කෙනෙක් ටිකක් රළු කටහඩකින් කිව්වා. එ් නිසාම කෙල්ල හිමීට ඔළුව උස්සනගමන් අැස් අැරියා. තියුණු අැස් තියෙන මනුස්සයා කෙල්ල ළඟට අැවිත් කෙල්ලව නැගිට්ටුවා.

"අනේ මට කරදර කරන්නෙපා. මන් ඔය කාටවත් කරදර කරලා නෑනෙ." කෙල්ල කතා කරේ බයෙන්. එ්කට දන්න කාලෙ ඉදන්ම කෙල්ල කඳු වැටියෙන් එහා නගරෙ මිනිස්සු ගැන අහලා තියෙන කතා එක හේතුවක් වුනා.

"බය වෙන්නෙපා. අපෙන් ඔයාට කරදරයක් නෑ. හැබැයි අපි කියන දේ අහලා අපිත් එක්ක ඔයාට එන්න වෙනවා." රළු කටහඬ තියෙන මනුස්සයා අාපහු කිව්වා. මාස්ක් දාලා නිසා කාගෙවත් මූණ බලාගන්න කෙල්ලට බැරි වුනා. අාපු මිනිස්සු දෙන්නගෙන් එක්කෙනෙක් ඉස්සරහෙන් යනකොට කෙල්ල පසුපසින් ගියා. හරියට කෙල්ල පැනල යයි කියලා හිතලා වගේ තියුණු අැස් තියෙන කෙනා ගියෙ කෙල්ලගෙ පිටිපස්සෙන්.

තුන්දෙනාම අඬ අඳුර විහිදිලා තිබ්බ උමගක් වගේ අෑතට විහිදිලා තියෙන මාර්ගයක් දිගේ අැවිදන් අාවෙ සෝපානයක් ලඟට. සෝපානෙ අැතුලට ගිහින් ටික වෙලාවකට පස්සෙ තුන්දෙනාම අාවෙ විශාල make up room එකකට. තුන්දෙනාවම දැකලා මැදි වයසෙ ගැහැණු කෙනෙක් තුන්දෙනාටම අාචාර කරා.

"මේ ඉන්නෙ අපේ අනාගත luna. මෙයාව ready කරලා තියන්න. හරියටම හවස 4ට අපි අාපහු එනවා."

"හරි මන් කරන්නම්." එ් කාන්තාව හිනා වෙලා උත්තර දුන්නට පස්සෙ අාපු දෙන්න පිටවෙලා ගියා.

"එන්න. මුලින්ම ඔයා wash දාලා ඉන්න."

"ඔයා කවුද? මන් මොකටද ඔයාලා කියන දේවල් කරන්න ඕනා. අනික luna කවුද? එතකොට අර අාව මිනිස්සු දෙන්නා?"

"ඔය හැමදේකටම ඉක්මනට උත්තර ලැබෙයි කෙල්ලෙ. එතකන් මන් කියන විදියට ඉන්න."

"මොකද්ද? එ්වා ඉදින් හඳේ තමයි." කෙල්ල කිව්වෙ ගැහැණු කෙනාව තඹේකට මායිම් නොකර

"හිතුවට වඩා මැඩම් හිතුවක්කාරයිනෙ." එයත් එ්කටම හරියන්න කට කොනින් හිනාවෙලා කිව්වා.

"මැඩම්ගෙ සීයා හොඳින් ඉන්න ඕනනම් මැඩම්ට කියනදේ අහන්න වෙයි. නැත්තන් අපේ අැල්ෆා ඔයාගෙ සීයව විනාස කරයි" තවදුරටත් ගැහැණු කෙනා කිව්වෙ කලින් හිනාවෙන්මයි.

"මගෙ සීයා!! ඔයාලා එ් වයසක මනුස්සයවත් එක්කන් අාවද? ඔහෙලනම් මහ යක්ෂයො." පිළිකුලෙන් කියපු කෙල්ල ගැහැණිය අතේ තිබුන අැඳුම් ටිකත් අතට අරගෙන ගියෙ washroom එක අැතුලට.

කෙල්ලගෙ reaction එකට කාන්තාව නිහඬවම ඉවසීමෙන් බලාගෙන හිටියෙ හිත අැතුලෙන් දුක්වෙන ගමන්.

_____________

ඔන්න දෙවනි චැපියත් දුන්නා. අදහස් කියාගෙන යන්න. love yooo💜💜💜💜

HEALER [COMPLETED]Where stories live. Discover now