අාගන්තුකයා

763 151 23
                                    

"ලූනා ලෑස්තිද?" හරියටම හතර වෙනකොට Make up room එකට අාව රළු කටහඩ තියෙන කෙනා අැහුවෙ මැදි වියේ ගැහැණියගෙන්.

"ඔව් මන් ඔන්න අමාරුවෙන් ලෑස්ති කරා. එයා පොඩිකාලෙ හිටිය අහිංසක ළමයා නෙමෙයි දරුවො. එයාට මන් දීපු කෑම ටික කෑවෙත් නෑ." ගැහැණිය කිව්වෙ වේදනාව මුසු කටහඬෙන්.

"එ්ක අැත්ත. හැමදේම අැල්ෆා බලාගනී.  බය නොවී ඉන්න. Auntiත් ඉක්මනට උත්සවේට එන්න."

"ම් හරි මාත් එන්නම්කො. ඉන්න මන් ලූනව එක්කන් එනකම්." ගැහැණිය ගිහින් අාපහු අාවෙ කෙල්ලවත් එක්කන් අැවිත් තරුණයට භාර දුන්නා.

"එහෙනම් ලූනා අපි යමු. අැල්ෆා බලන් ඉන්නවා."

"මොන අැල්ෆාද?"

"ගිහිල්ලම බලාගන්න."

කෙටියෙන් පිළිතුරු දීලා තරුණයා කෙල්ලත් එක්කගෙන අාවෙ ලස්සනට මල් වලින් සරසලා තියෙන ශාලාවකට. එ් වෙනකොටත් ගොඩක් දෙනා රැස් වෙලා හිටියා. මැද වේදිකාව උඩ හිටියෙ ගොඩක් කඩවසම් තරුණයෙක්. සුදු shirt එකට උඩින් කළු coat එක දාලා කොණ්ඩෙත් තමන්ටම ගැලපෙන විදියට හදලා තිබුන තරුණයගෙ තිබුනෙ තේජස් පෙනුමක් වගේම savage look එකක්. රැස් වෙලා හිටපු හැමෝගෙම පේන්න තිබුනෙ සතුට පිරුණු මුහුණු. රළු කටහඬ තියෙන කෙනා කෙල්ලව එක්කගෙන ප්‍රධාන දොරටුවෙන් අැතුලට එද්දි හැමෝම වගේ ඕනකමින් බැලුවෙ කෙල්ල දිහා. 

සෝ යන්ග් බිම ගෑවෙන සුදු ගවුම අැදලා මිහිපිට දෙවඟනක් වගේ ලස්සනට දිස්වුනා. එ්ත් කෙල්ලගෙ මූණෙනම් කිසිම සතුටක් තිබ්බෙ නෑ. එ් වෙනුවට බිය කෙල්ලව වෙලාගෙන තිබුනා.

"ලූනා යන්න අැල්ෆා ගාවට" ළඟ හිටපු තරුණයා එහෙම කිව්වත් කෙල්ල කොල්ලා දිහාට හෙළුවෙ ප්‍රශ්ණාර්ථ බැල්මක්.

"අර stage එකේ හිටගෙන ඉන්නෙ handsome කොල්ලෙක්. අන්න එයා ගාවට යන්න." වෙන්නෙ මොනවද කියලා තේරම්ගන්න බැරිවුනත් කෙල්ල ගියෙ සීයව මතක් වෙලා. හිමීට අඩිය තියන ගමන් රතු පලස මතින් කෙල්ල අැවිදගෙන ගියෙ වේදිකාවෙ ඉන්න කඩවසම් කොල්ලා ගාවට. කෙල්ල ළං වෙනකම් ඉඳල එක අතක් කෙල්ලගෙ ඉන වටේට දාලා කොල්ලා කෙල්ලව තමන් ලඟට ගත්තෙ "අාරම්භ කරන්න" කියලා කියන ගමන්. කොල්ලගෙ අතකට හිරවෙලා සෝ යන්ග් හිටියෙ ගොඩක් බයෙන් වගේම අපහසුවෙන්. අැල්ෆාගෙ නියෝගෙත් එක්කම ඉස්සරහට අාව වැඩිහිටියෙක් ප්‍රධානම අංගය පටන්ගත්තා.

HEALER [COMPLETED]Where stories live. Discover now