Bicycle

83 18 0
                                    

RM ගේ නිදහස 

ලොව ජනප්‍රිය කොරියානු පොප් සංගීත කන්ඩායම BTS හි නායක RM සිය නවතම රැප් ගීතය මීට සුලු මොහොතකට පෙර මුදා හැරියා..ඔහුගෙන් සම්පූර්ණයෙන් රැප් ගීතයක් බලාපොරොත්තු උනත් මෙවර ඔහු අප වෙත ලබාදුන්නෙ ඉතාම සෞමය තනුවකින් යුත් ගීතයක්..එහි සුවිශේෂ ම කාරනය නම් අපට ඔහුගේ ඉතා ගැඹුරු සන්සුන් ගායනාවක් අහන්නට , රසවිදින්නට අවස්ථාව ලැබීමයි..ගීතය පලමු වතාවට අහන විට ඕනෑම අයෙක් ට ඉතාම නිදහස් හා සන්සුන් මනෝභාවයන් ලැබෙනවා..ඉතින් ගීතයේ පද ගැන මගේ අදහස හා රසවින්දනය මේ විදියට අකුරු කරන්න හිතුවා..

(RM ට අනුව ඔහු මේ ගීතය පුරාවට කැටි කරල තියෙන්නෙ බයිසිකල් පදින විට ඔහු විදිබ හැගීම...ඉතින් ඒ හැගීම අපිට විදින්න ඔහු ආරාදනා කරනවා)

ගීතයේ සිංහල පද පරිවර්තනය 

(මෙය හුදෙක් ස්වයංක්‍රීයව කල පරිවර්තනයක් නොව..මා විසින් අර්තය විමසා කල පරිවර්තනය කි)

මා නොපෙනෙනා නුඹට මුහුණ ලා

දෙපයින් සිට ගනිමි

සෑමදිනකම මෙන්

සැලෙනා සෙන්ටිමීටර කිහිපයක් දුරින්.

ගීතයේ පද ඉතාම සරල නමුත් ඉන් දෙන පනිවිඩය ඉතාම සංකීර්ණ යි.. "නිදහස"

එය ගීතයේ තේමාවයි..ගීය ආරම්භයේම ඔහු කියනවා ඔහු තරමක දුරින් ඉන්නා අයෙක් ගැන..ඔහු දෙපයින් සිට ගත්තත් ඔහුට ඒ පුදගලයා ටිකක් සෙන්ටිමීටර කිහිපයක් දුරයි..ඒ වෙන කවුරුත් නෙවෙ නිදහස..

මට මේ Bass හඩ පහත හෙලන්නට අවැසියි

මගේ හදවතට දැනටමත් සති අන්තයේ සැහැල්ලුව දැනෙයි

විවෘත කාර් හෝ විවෘත බාර් හෝ මා නොදකිමි

මිනිසුන්ගේ හදවත් දූපතක් මෙන් පාවෙමින් තිබේ

කවදාවත් නොපැමිනෙන රාත්‍රියක

අප නිමවූ නොපෙනී ගිය තැනට

මා ක්සිතිජය හරහා ඇවිදිමි , පෙරලෙමි

වේගයෙන් වැයෙන Bass හඩ පහත හෙලමින් ඔහුගේ හදවතට දැනෙන සති අන්තයේ සැහැල්ලුව / නිදහස ඔහුට  විදීමට අවශ්‍යයි..මිනිස්සු ඔහේ පාවෙමින් ජීවත් වෙන හැටි ඔහු දකිනවා..නමුත් ඔහුට නිදහසේ ක්තිජයට ඇවිදින්න , ඔවුන් නිමවූ නොපෙනී ගිය තැනට පෙරෙමින් යන්න (වේදිකාව යැයි අනුමාන කරමි) කවදාවත් හැබෑ නොවන රාත්‍රියක් වෙලා..

අපි දුකින් නම් , 

සුළග අපේ දෙපා මත වද්දමින්

අපි අපේ බයිසිකල් පදිමු

නිදහසේ අපේ දෑත් දිග හරිමින්

අපි අපේ බයිසිකල් පදිමු 

ඒ වේදනාව , දුක නැති කරන්න ඔහු අපූරු යෝජනාවක් ගෙනෙනවා..ඒ බයිසිකලය..අපි දන්නා පරිදි RM පෞද්ගලික ව බයිසිකල් පදින්න කැමති කෙනෙක්..ඉතින් ඔහු කියනවා ඔහුගෙ දෙපා මත සුලග වද්දමින් නිදහසේ දෑත් දිගු කරමින් බයිසිකල් පදිමු කියල..ඔහුට අවශ්‍ය ඒ දැනෙන නිදහස විදින්න.

සමහර වෙලාවට 

බයිසිකල් රෝදයක් මෙන් රෝල් වෙන්නට ඉඩ හරින්න

මට දහවලට කුඩා ආහාරයක් හමු වුනා

මට දැනෙනවා මම මේ සුලු මොහොතෙ

ජීවත් වන බවක්

රෝද දෙකක් මත

මෙය පෞද්ගලික දිවා සිහිනයක්

සත්‍යයේ සුව විදිමින් 

එය තව දුරටත් සිහිනයක් නොවේ

ඔබ කුමන හැගීමකින් සිටියත් 

එය ගැටලුවක් නොවේ

සත්‍ය ලෙසම වටිනා දේ 

අදෘශ්‍යමාන යි

කුරුල්ලෙකු මෙන් 

ඔබේ දෙපා ඉහලට ඔසවන්න

සුලගේ තාලයට පැද්දෙමින්

දූපතක් මෙන් අපි පාවෙමු

ඔව් ඔබට හඩන්නට පුලුවන්

ඔබ සතුටින් සිටින විට මෙන්ම

දුකින් සිටින විටත්

බයිසිකලයක රෝද වගේ නිදහසේ රෝල් වෙලා යන්න ඔහු හීන දකිනවා..ඒ සුලු මොහොතක ඔහුට දැනෙන්නෙ ඔහු ජීවත් වෙනවා කියල..ඔහු සිතනවා වටිනා දේවල් අදෘශ්‍යමාන යි කියල..හරියට නිදහස වගේ..අපිට පේන්නෙ නෑ..ඒත් අපිට ගොඩක් වටිනවා..හරියට කුරුල්ලෙක් වගේ අහසේ නිදහසේ ඉගිලෙනවා වගේ..බයිසිකලයක් මත දෙපා මෙහෙයවීම ඔහු දකින ඔහුගේ ම හීනයක්..ඔහු කියනවා අපිට දුකජ් දැනුනම නිදහසේ අඩන්නලු , සතුටක් දැනුනමත් ඒක නිදහසේ විදින්නලු..

මේ ගීතය පුරාවටම ඔහු ගයන්නෙ නිදහස හා සැහැල්ලුව කොයි තරම් වටිනවද කියල..ඒ වගේම ජීවිතයට මහා ලොකු දේවල් ඕන නෑ..කුඩා දෙයකින් අපිට සැහැල්ලුවෙන් ජීවත් වෙන්නට පුලුවන් කියල..හරියට බයිසිකලයක සුලගේ පහස විදිමින් ගමන් කරනවා වගේ…

ඇත්තටම මේක බයිසිකලයක් පදින ගමන් අහන්න හොදම ගීතයක්..

ගීතය තාම ඇහුවෙ තැත්තන් මෙතනින් අහන්න…

https://youtu.be/6uq3P7zeYyU

ශෙහා 💜️

Ode of Bangtan (BTS ගීත විචාර)Where stories live. Discover now