chapter 13

1.1K 203 27
                                    

Hobi pov:- ඒ ඒ කටහඩ එන්නෙ කොහෙන්ද....මේ පැත්තෙන් නේද..මම අනිත් අයව දාල දුවල ගියේ ඒ කටහඩ ආපු පැත්තට. මම ආවෙ වෙද කුටියකට...ඇතුලට ගිය මට දැකගන්න ලැබුනෙ ගොඩක් අමාරුවෙන් ඇදේ හාන්සි වෙලා ඉන්න එයාව.එයාගෙ ඇස් පිය වෙලා..ලාවට කෙදිරි ගානව...වෙදදුරු කෙනෙකුයි ටේයි එකතු වෙලා එයාට බෙහෙත් දානව...තව කෙනෙක් පැත්තට වෙලා හැම දේම දුකින් බලන් ඉන්නව. මම එයාව දකින පලවෙනි පාර මෙහෙම වෙයි කියල හිතුවෙ නෑ...මගේ පපුව ගොඩක් රිදෙන්න ගත්ත..ඔව් මට එයාගෙ වේදනාව දැනෙනව .මම එයා ලගට හෙමින් ගිහින් එයාගෙ එක අතක් අල්ලගත්ත...එයත් මගේ අත තද කරල අල්ලගත්ත...'මම වෙනුවෙන් ඉක්මනට සනීප වෙන්න'. මම එයාට හිතින් කිව්ව...

??:-" කවුද ඔයා..ඇයි ඔයා සූහොගෙ අත අල්ලගෙන ඉන්නෙ?"

Tae:-" oh,hobi...ඔයා මොකද කරන්නෙ?"

Hobi:-" එයාට මොකද උනේ ටේ?"

??:-" මෙයා ඔයාගෙ mate ද?"

Hobi:-" ඔව්..ඒත් මම එයාව මෙහෙම දකින්න හිතුවෙ නෑ...කවුද එයාට මෙහෙම කරේ...කියනව කවුද මේක කරේ...මම ඒකව මරනව..."

Tae:-" හරි හරි කෑ ගහන්න එපා දැන්..මේ ඉන්නෙ minho.මෙයා ඔයාට උන දේ කියාවි. මමයි වෙදදුරුයි එයාව කොහොම හරි සනීප කරන්නම්. දැන් ඔයා යන්න "

Minho:-" එහෙනම් එන්න hobi යමු"

Minho ,හොබීව එක්කගෙන එතනින් එලියට ගියා.

Hobi:-" මොකක්ද උනේ කියල කියනවද?"

Minho:-" මෙහෙමයි, අපිට mengyo ගෙ හමුදාව පහර දුන්න.

Hobi:-" මොකක් ඔයාල මොකටද එහාට ගියෙ?මීට කලින් එහෙ ගියපු කවුරුත්ම ජීවතුන් අතර නෑ...කවුද ඔයාලව යැව්වෙ? "

Minho:-" පොඩ්ඩක් ඉවසන්න. මෙහෙමයි උනේ.මමයි සූහොයි ටේයි කියන්නෙ ඉස්සර හොදම යාලුවො...ඒත් අපි මුදල් වලට තිබුන කෑදර කමට මේ රාජ්‍යයෙ රහසිතග තොරතුරු ඩෙන්මක් රාජ්‍යයට විකිණුව. ඒකට අපි දෙන්නව ජීවිතාන්තය දක්වාම සිර දඩුවමට ලක්වුනා....

Hobi:-" ඒත් ඔයාල මේ ඉන්නෙ?"

Minho:-" ඔව්,ඔයා කියන්න දෙන්නෙ නෑනෙ.ටේගෙයි අපෙයි යාලුකම එතනින් නැවතුනා.එයා අපි දෙන්නට Wuxian රජුගෙන් සමාව අරන් දෙන්න හැදුවත් බැරිඋනා.ඊට පස්සෙ අවුරුදු පහක් ගියාම මරණ දඩුවමට නියම උන හිරකාරයො ඔක්කොම කුමාරයගෙ ක්‍රිඩාංගනයට ගෙන්වුවා.ඒ ගෙන්වුවෙ මකර පුහුණුවට. අන්තිමට ඉතුරු වෙන දෙන්නට විශේෂ කාර්යයක් තියෙනව කියල ටේ කිව්ව.අපි දෙන්න අන්තිමට ඉතුරු උනා...ඇත්තටම අපි දෙන්නටම ඒ වෙලාවෙ තේරුණා ටේ අපිව හිතලම බේරුව වගේ.එයා අපි දෙන්නට පවරපු කාර්යය තමයි Mengyo මොකද කරන්නෙ කියල බලන එක.අපි දෙන්නව එයාගෙ පුද්ගලික ඔත්තුකාරයො විදියට පත් කරල එයා මේ සලකුණ අපිට දුන්න.

Love Through The Space.....Where stories live. Discover now