MY PRECIOUS BABY

1.3K 249 47
                                    

ඒ දෙන්නා අඳුරගෙන දැන් අවුරුද්දකුත් ගිහිල්ලා. ඔව් අද තේකුක් දෙන්නගේ වෙඩින් එක දවස.

ඔම්මා....................

ඔම්මා මගේ ටයි එක කෝ................

අයියෝ ඔම්මා කලිසම හිරයිනේ............

අනේ ඔම්මා.......

මගේ මේස් එක නෑනේ...............

අරගොල්ලෝ හොටෙල් එකට ගිහිල්ලත් ඇති.....................

ඔම්මා............බඩගිනියි..

ඔම්මා කෝ රින්ග් එක.............

ඔම්මලා දෙන්නටම සැනසීමක් නෑ මේ දෙන්නගේ වැඩ හින්දා. දෙන්නම එකයි. මේස්, ටයි, සපත්තු ගේ හැමතැනම දාලා තියලා දැන් ඉතින් පණදාගෙන හොයනවා.

IN CHOI HOUSE

MINA: තේතේ, ලමයෝ.........ඉක්මන් කරන්න. කුකී ඇවිල්ලත් ඇති.

TAE: අයියෝ නෑ ඔම්මා.....කුකී මට මැසේජ් එකක් දැම්මා. එයත් තාම ගෙදරලු.

මිනා තේ දිහාම බලාගෙන හිටියා ටික වෙලාවක්.

TAE: ඇයි ඔම්මා ?

තේ ඇහුවේ මිනා එයා දිහා ඇස් දෙක අහකට ගන්නේ නැතුව බලාගෙන ඉන්න හින්දා.

MINA: මගේ මැණික....මට මතක් වෙන්නේ ඔයාව මේ ලෝකෙට ගෙනාපු දවස. ඔයාගේ ඔම්මගේ බඩෙන් ඔයාව අරගෙන මගේ අත් දෙකෙන්මයි මම හේදුවේ. ඊට පස්සේ ඔම්මට දෙන්න කලින් මමයි ඔයාව මුලින්ම අත් දෙකට ගත්තේ. මං ඔයාව බිහිනොකලට ඔයා මගේම දරුවා වගේ තමා මෙච්චර කල් හිටියේ. මට හරිම සතුටුයි.....ඔයා....

මිනාට ඉතුරු ටික කියන්න හම්බ වුණේ නැත්තේ තේ එයාව ගොඩක් තද කරලා බදාගත්තු හින්දා.

TAE: මං දන්නවා ඔම්මා. මාව බිහිකරපු ඔම්මට මාව එපා කියලා මාව ලමා නිවාසෙකට දැම්මා. ඒත් ඔයා.....මගේ ඇත්තම ඔම්මා නොවුනට මට ආදරේ කලේ මගේම ඔම්මා වගේ. මටත් ගොඩක් සතුටුයි ඔම්මා. මොකද මට ඔම්මා වගේ කෙනෙක්ව හම්බවෙච්ච එක.

MINA: අනේ මැණික...........

මිනා තේව බදාගත්තේ එයාගේ හිතේ තේ ගැන තිබුණු ආදරේ තවත් වැඩිවෙද්දි. තේ එයාගෙම දරුවෙක් නොවුනට එයා තේට ආදරේ කලේ එයාගෙම දරුවෙක්ට වගේ. ටික වෙලාවක් මෙහෙම ඉඳලා එයාලා දෙපැත්තට වුණේ වෙඩින් එකට යන්න පරක්කු වෙන හින්දා.

DADDY JK - TAEKOOK SHORT STORY [Completed]✅Where stories live. Discover now