Miracle 💫

616 127 92
                                    

" Shittttt.....!!!! "

හැමදාම දකින සුපුරුදු හීනය නිසා Xiao zhan කෑ ගහගෙන ඇහැරුනේ වෙනදා වගේමය්. චාන් ඒ හීනෙට....... ඒ කෙනාට...... කොච්චර කැමති වුනත් දැන් ඒ හැමදෙයක්ම එයාට වදයක් වෙලා. චාන්ගෙ යටි හිත කොච්චර අරගක කලත් එයාගෙ උඩු හිතට ඕනෙ වුනා හැබෑ ලෝකෙ ජීවත් වෙන්න. කවදහරි තමන්ගෙ ආදරවන්තයා හම්බවෙන්නත් කලින් හීනෙන් පේන එක.....!!!!! චාන්ට ඕනෙ වුනා චිත්‍රපටිවල විතරක් වෙන හැබෑ ලෝකෙ නොවෙන හැමදේම අතාරින්න. ඒත් එයා කැමති වුනත් අකමැති වුනත් එයාට ඒ දේම හීනෙන් පෙවුනා. මොකද දෛවය වෙනස් කරන්න කාටවත් බැරි නිසා.

" විකාරයක්.......!!!!! ඇත්තටම විකාරයක්..... ආය්ශ්......."

චාන් නිදි ඇදේ ඉදගෙනම ඔලුව බදාගෙන කෑ ගැහුවෙ එයා මේ දේවල්වලින් හොදටම වෙහෙසට පත් වෙලා හිටිය නිසා. හැම රෑකම හීනෙන් එකම කෙනෙක්ව පේන එක.... ඒ කෙනා ඇවිත් ආදරෙන් තමාව වැළදගන්න එක...... ඒත් ඒ කෙනාගෙ මූණ හරියට නොපෙනෙන එක..... චාන් මේ දේවල්වලින් ඕනවටත් වඩා පීඩාවට පත් වෙලය් හිටියෙ.

ඉක්මනට පිරිසිදු වුන චාන් ලෑස්ති වුනේ යුනිවසිටි යන්න. පිරිසිදු වෙන වෙලාවෙත්, යුනිවසිටියට යන අතරමගදිත්, යුනිවසිටි එකේදිත්.... චාන්ගෙ ඔලුවෙ වැඩ කලේ එකම එක දෙයක් විතරය්.

ඒ කෙනා කවුද......???

චාන්ට දැනුනෙ එයාගෙ ජීවිතේම උඩු යටිකුරු වෙලා වගෙය්. කරන්න දාහක් වැඩ... හිතන්න දාහක් දේවල්.... මොන තරම් වැදගත් දේවල් තිබුනත් චාන්ගෙ හිතේ හොල්මන් කලේ ඒ කෙනා. කවුරුත් නොදන්න... චාන්ගෙ හදවත විතරක් අඳුනන ඒ ආදරණීය කෙනා.

චාන්ට හැමදාම රෑට අමුතු විදියෙ හීන පේන්න අරන් දැන් මාස කීපයක් වෙනාවා. අමුතු හීන කිව්වට එයාට හැමදාම පෙනුනෙ එකම හීනයක්. කෙනෙක් ඇවිත් ආදරෙන් තමන්ගෙ ඔලුව අත ගාලා ආදරණීය විදියට වැළදගන්නවා හැමදාම චාන් හීනෙන් දැක්කා. ඒත් කවදාවත් ඒ කෙනා කවුද.... කොය් වගේද කියලා චාන්ට පැහැදිලි වුනේ නැහැ. එයා දැනුන එකම දේ වුනේ වැලදගැනීමෙදි හිතට දැනෙන ආදරණීය හෑගිම් එක්ක එයාගෙන් දැනෙන උණුසුම විතරය්. හීනයක් වුනත් ඒ හැගීම් අඩු නැතුව චාන්ට ලැබුනා...... දැනුනා...... කව්ද කියලා නොදැක්කත් අඩු නැතුව ලැබෙන ඒ හැඟීම්වලට තමන්ටත් හොරා එයා බැඳිලා තිබුනා. චාන්ගෙ හිත නිතරම ප්‍රශ්න කලා.... තමන්ට හීනෙන් පේන කෙනා හැබෑ ලෝකෙ ජීවත් වෙන කෙනෙක්ද කියලා චාන් නිතරම කල්පනා කලා.

Miracle... 💫 (Yizhan - Completed )Where stories live. Discover now