"ජන්ග්කුක්..බලාගෙන.."මට ඇහුණෙ කවුරුහරි කෑ ගහන සද්දෙ..ඒ කවුද කියලාවත් බලන්න වෙලාවක් තිබුණෙ නෑ..හිතන්නත් කලින් වේගෙන් ආපු මොකක් හරි දෙයක වැදුණ මාව විසිවෙලා ගිහින් පාර මැදට වැටුණා..මට දැනුනෙ ඇඟ පොඩි වෙලා යනවා වගේ වේදනාවක්..අතක්වත් හොල්ලගන්න මට බැරි වුණා..මට දැනුනා මගෙ නළල දිගේ උණුසුම් දියරයක් ගලන් යනවා..
"ජන්ග්කුක්...ඇස් පියාගන්න එපා..ඔහොම ඉන්න.."මාව වටකරගත්ත හියොන්ලා එහෙම කියනවා මට ඇහුණා..ඒත් ඒ කටහඬවල් ජින් හියොන්ගෙද,නම්ජුන් හියොන්ගෙද,යුන්ගි හියොන්ද එහෙමත් නැත්නම් හෝසොක් හියොන්,ටේයොන් හියොන්,ජිමිනි හියොන්ගෙද කියලා මට වෙන් කරගන්න පුළුවන් කමක් තිබ්බෙ නෑ...
මම දැක්කෙ අඩක් පියවුණු මගෙ ඇස්වලින් පේන නිල්ම නිල් පාට අහස..වලාකුළු පිරිලා..
මට මැරෙන්න බෑ..මම ජීවත් වෙන්න ඕනෙ..මගෙ පවුල වෙනුවෙන්..මගෙ හියොන්ලා වෙනුවෙන්..
මං මගේ ඇස් ඇරගෙන ඉන්න උපරිම උත්සහා කළා..ඒත් මගෙ ඇස් පියවිලා වටේම අඳුරු වෙලා ගියෙ මං දරාගෙන හිටිය ශක්තිය බිංදුවටම වැටෙද්දි..
***********
මං හිටියෙ කළුපාට ලෝකෙක තනිවෙලා වගේ..මගෙ ඔම්මා,අප්පා,හියොන්ලාගෙ කටහඬවල් මට ඇහුණට මට ඒ කිසිම දේකට ප්රතිචාර දක්වන්න පුළුවන් කමක් තිබ්බෙ නෑ..ඒත් මට තවත් මෙහෙම ඉන්න්නබෑ..මං උපරිම වැර යොදලා ඇස් ඇරියා..සම්පූර්ණයෙන්ම නැතත් මට යම් තරමකට ඇස් ඇරගන්න පුළුවන් වුණා..
"ජන්ග්කුක්..පුතා ඔයා නැගිට්ටද?දැන් කොහොමද?මාව ඇහෙනවද?"ඔම්මාගෙ කටහඬ..ඔම්මා මං ගාව ඉන්නවා..ඔම්මාව දකින්නෙ ගොඩ කාලෙකින්..මං ඔළුව වැනුවා..
"ජන්ග්කුකා..ඇති යන්තම්..මං ඩොක්ටර්ව එක්කගෙන එන්නම්.."නම්ජුන් හියොන්?එයත් මං ගාව ඉන්නවා..ඊළඟ මොහොතෙදි මට හියොන්ලා හැමෝගෙම කටහඬවල් ඇහුණා..මට ඒ හැමෝමව එකපාර බදාගන්න ඕනෙ වුණා..ඒත් මට මගෙ කකුලට කිසි දෙයක් දැනුනෙ නෑ..මට මගෙ අත් හොල්ලන්න පුළුවන්..මගෙ වම් කකුලත් හොල්ලන්න පුළුවන්..ඒත්..මට මගෙ දකුණු කකුල හොල්ලන්න බෑ..මං ඔම්මා දිහා බැලුවා..
YOU ARE READING
Autumn Leaves | Jungkook Centric | Completed
Fanfictionතවත් තියෙනවා හිතේ පොතේ ඉඩ.. මෙතෙක් ලියූ කිවිඳියම පතා.. -2021.09.01-