15

4K 501 216
                                    

එකපාරට එතනට ආ ශොනාල් අයියා මුලින්ම ස්නෝපිගේ බෙල්ලෙන් අල්ලං ඇදගෙන ගිහින් ලග තිබුනු ගහකට හිර කලා. ස්නෝපි හුස්ම සොයා අයදිද්දි අනෙක් දෙදෙනා තම වනචර ක්‍රියාව නවතා බිම දිගේ ඇදෙමින් පසෙකට වුනා.

එවෙලේම නග්නව මඩේ වැතිර සිටි මගේ ශරීරයට කවුරුන්ගේ හෝ ස්පර්ශයක් දැනුනා...ඒ තැනැත්තා මාව ඔහුගේ තුරුලට ගත්තා... බෙල්ලත් දනිසුත් අතර තිබූ බැමිද ඒ තැනැත්තා අතින් ලිහුනා. මගේ ඇගේ තිබුනු වේදනාවට ඒ සීතල අත් ඔසුවක් වුනා. කොච්චර වේදනාවක් තිබුනත් මම ඔලුව උස්සා බැලුවේ හුරු පුරුදු ස්පර්ශයේ හිමිකරු ඔහුමද යන්න සැක නෑර දැනගන්න.

ඔව්... ඒ එයා... තීක්ශන අයියා😖 එයා මගේ ඇස් දෙක දිහා කෙලින් බැලුවේ නෑ. අඩුම මගේ හිදාවවත් බැලුවේ නෑ. එයාගෙ මූනෙන් දිස් වුනේ පසුතැවීමක්... කණගාටුවක්... වේදනාවක්... කේන්තියක්...මේ හැමදේම කැටි වුනු යමක්. ඔහුගේ ජැකට් එකෙන් මාව ආවරනය කල ඔහු ක්ශනිකයෙන් මාව ඔහුගේ තුරුලේ සගවගත්තා. මට ඔහුවත්, ඔහුට මාවත් නොපෙනෙන තරමටම...🥺

මද වෙලාවක් අයියා කිසිම සද්දයක් නොකර එලෙසම හිටයත් ඔහුගේ හුස්ම වැටීමේ වේගය, වෙව්ලන් අත්, ඔහුගේ හිතේ තිබුනු දුක වේදනාව මට මනාව ප්‍රකාශ කරා.ටික මොහොතකින් ඔලුව ඉස්සුවත් ඔහු මාව ඔහුගේ අත් අතර තබාගෙනම බිම ඇන තියාන උන්නා.

"ශොනාල්... අත අරින්න... වැඩක් නෑ... වෙන්න තියන හැමදේම උනාට පස්සේ මිනී මැරුවත් වැඩක් නෑ... ශෝනා... අහපං... කොල්ලෝ... මං කියනදේ අහපං...අත ඇරපං..."

ඒ වන විටත් ස්නෝපිව පොලවෙන් අඩියකට වඩා උස්සං ඔහුගේ බෙල්ල මිරිකන් හිටි ශොනාල් අයියා හිටියේ වියරුවෙන්. තීක්ශන අයියාගෙ පලමු,  දෙවෙනි විධානයෙන්වත් ඔහුව මෙල්ල කරගන්න බැරි වුනා. ඒත් අනීතිමේදී ස්නෝපි ශෝනාල් අයියාගෙ ග්‍රහනයෙන් නිදහස ලැබුනා. බිමට ඇදගෙන වැටුනු ස්නෝපි ඔහුගේ දෑතින්ම ගෙල බදාගෙන හුස්ම හොයන්න වෙර දැරුවා...

ශොනාල් අයියාගෙ වෛරය පිරුනු රතු වුනු ඇස් මගේ බයාදු ඇස් වල ගැටුනා.මගේ මූණ දිහා එක් වරක් බැලු ඔහු තීක්ශන අයියාගෙ ඇස් දිහාව මදවෙලාවක් බලං හිටියා. ඊලගට සිදු වුනේ නැවත හැරුනු ශොනාල් අයියාගෙ රලු පහරවල් වලින් අර වනචරයෝ තුන් දෙනාට බැට කන්න. බිම වැටී හිටි ස්නෝපි ශෝනාල් අයියාගෙ පා පහරවල් වල වේදනාවෙන් මොරදුන්නේ නහයෙන් කටින් ලේ පෙරමින්. මේ කිසි දෙයක් නොවලක්වා මාව තුරුල් කරන් හිටි තීක්ශන අයියාගේ ඇස් දිහාව දෙවෙනි වතාවට මම බැලුවේ ඒ මොහොතේ.

༺ℌ𝔢 𝔠𝔞𝔫 𝔰𝔩𝔢𝔢𝔭 𝔴𝔦𝔱𝔥 𝔞𝔫𝔶𝔬𝔫𝔢࿐🍂(completed)Where stories live. Discover now