අවසාන දිගහැරුම

634 101 24
                                    

“ලන් චන්!”


මාහට ඔහුව ස්මරණය විය.
ඔහුගේ රුව පැහැදිලි නොවූ නමුත් මාහට ඔහුව ස්වල්ප වශයෙන් සිහියට නැගුණි. ඒ සමගම සඳුන් මුසු සුවඳක් ද මනසට නැගුණි. එය තරමක් අමුතු විය.

‘ඔහු මන්ද එලෙස බලා සිටින්නේ? වසර දහසයක්?’

“ඔහු සෑම රැයකම විමසුම් තනුව වයන බවටයි ආරංචි.” මෝ ශුවාන්යු එක් කළේ ය.

මද වේලාවක කල්පනාවක නිමග්නව සිටීමෙන් අනතුරුව මම ඔහුගේ ආයාචනය සඳහා අනුමැතිය පළ කළෙමි.

ඔහු ප්‍රීතියෙන් පිනා ගිය අතර මාහට නොනවත්වා ස්තුති කරන්නට විය. ඔහු අදාළ මන්ත්‍ර කර්මය සම්පූර්ණ කර තම සිරුරෙන් ඉවත්ව ගියේ මාහට ඊට පිවිසීමට මග සලසමිනි.

මම ඔහුගේ සිරුර තුළට ඇතුළු වුණෙමි. මා එලෙස ඔහුගේ සිරුරට ඇතුළු වත්ම දැනුණු දරුණු වේදනාව සිරුර පුරාම පැතිරයන්නට විය. එම වේදනාව මාගේ ආත්මය පළුදු කරන්නාක් මෙන් දැනුණ ද මම එය විඳ දරාගත්තෙමි.

ක්‍රමයෙන් වේදනාව පහව යන්නට විය.  
මාගේ දෑස්වලට බර ගතියක් දැනුණි. අවට පරිසරය අතිශයින් ඝෝෂාකාරී විය. වසර දහසයක්, ඔහුගේ වදන්වලට අනුව, නිහඬව ජීවත් ව එක්වරම ඝෝෂාකාරී ලොවකට ඇද දැමීම තුළින් මම පීඩනයකට ලක්වීමි. මාගේ නව සිරුර වේදනාවෙන් ඇදුම් කන්නට වූ අතර මගේ නැහැයට රුධිර ගන්ධයක් දැනුණි.

ටිකෙන් ටික මා හට මාගේ පෙර ජීවිතයේ මතකයන් සිහි වූ අතර මම ඒවාහි දුක්ඛිතභාවයෙන් පීඩිත වීමි. නමුත් එම හැඟුම් පසෙකලා මාගේ නව ජීවිතයට මුහුණ දීම උදෙසා අදිටන් කරගත්තෙමි.
මම අසීරුවෙන් දෑස් විවර කළෙමි.

ආලෝකයට දෑස් හුරු කරගැනීම සඳහා කිහිපවරක් ඇසිපිය සැලුවෙමි. මා සම්පූර්ණයෙන් නෙත් විවර කොට අවට දෙස බැල්මක් හෙළුවෙමි. මා නෙත් මා සිටි කුටිය වටා යොමු කළ මා දුටුවේ විවිධ අක්ෂරවලින් යුතු තලිස්මන රාශියක් එහි එල්ලා තිබෙව අන්දමයි. මා සිටි ස්ථානයට පහළින් රුධිරයෙන් අඳින ලද චක්‍රයක් වූ අතර එය අඳුරු මායා කර්මයන් සඳහා යොදා ගන්නා ආකාරයේ එකක් විය.
කාමරය වටා ඇති දේවල් කෙරෙහි අවධානය යොමු කරමින් සිටි මාහට ඈතින් පියවර හඬක් ඇසුණි. කිසිවක් සිතා ගැනීමට පෙර එක්වරම මා සිටි කුටියේ ද්වාරය විවර වූයේ මහ හඬක් නගමිනි.
.................................................

මා දැන් සිට මෝ ශුවාන්යුගේ දිවියට හුරු විය යුතු ය.      
                                                    

ඔහු (Completed)Where stories live. Discover now