" ටේටේ.. ඔයා ඉන්නවද. ටේ "
ජිමින් පාලු ශාලාව අවට ටේහියුන්ව හෙව්වත් එයාට කිසිම කෙනෙක්ව පෙනුනෙ නෑ. ජිමින් තවත් එහාට යද්දි කවුරු හරි එයාව ටී ශර්ට් එකෙන් ඇදල අරගෙන බිත්තියක් පැත්තට තල්ලු කලා. බිත්තියෙ වැදුනු පාරට දැනුනු වේදනව නිසා ජිමින්ගෙ ඇස් වල කඳුලු පිරුණත් එයා ඉක්මනටම ඔලුව උස්සල බැලුවෙ එයාව තල්ලු කලේ කවුද කියල.
" ඕහෝ... පාර්ක් ජිමින්... මන් ඔයාව මුණ ගැහෙන්න මග බලාගෙන හිටියා "
ටිකක් උස මහත කෙනෙක් ජිමින්ගෙ ඉස්සරහට ඇවිත් එහෙම කියද්දි ජිමින් සැකයෙන් එයාගෙ මූණ දිහා බැලුවෙ හුරු පුරුදු බවක් දැනුනු නිසා. හිටපු කෙනාව අඳුර ගත්තු ගමන් ජිමින්ගෙ ඇස් පුදුමෙන් ලොකු වෙනවත් එක්කම කායි ගැන තරහින් ඇස් රතු වෙලා අත් ගුලි උනා.
ජිමින් කේන්තියෙන් බලන් හිටියෙ තමන්ට හයි ස්කූල් එකේදි කරදර කරපු කරදර කාරයො සේරම තමන්ගෙ ඉස්සරහ තමන්ට හිනාවෙවී ඉන්න දිහා.
" තමුන්ල. ආපහු ආවද. මේ පාර කායි අඩුයි වගේ. ද්රෝහියා "
කායිව මතක් වෙද්දි දැනුනු තරහව නිසා ජිමින් ජැක්සන්ව මගෑරල වෙන පැත්තක් බලාගත්තා.
" තමුන් නිසා මට නැති උනේ මොනවද දන්නවද ? තමුන් එදා අපි ගැන කම්ප්ලේන් කරපු නිසා මගෙ කොලේජ් ගමන නැවතුනා. අප්පා මාව බල්ලෙක් ගානට දැම්ම. ඒ වගේම මට කායිවත් නැති උනා "
ජිමින්ගෙ ලඟට ආපු ජැක්සන් ජිමින්ගෙ කම්මුල් දෙපැත්ත එයාගෙ ඇඟිලි වලින් තෙරපන ගමන් තරහින් කියාගෙන ගියා.
ජිමින්ගෙන් බය උනු මූණක් බලාපොරොත්තු උනත් එදා වගේම ජිමින් කිසිම බයක් නැතුව බලාගෙන හිටියා. ජිමින්ගෙ මේ බය නැති ඇස් දෙක ජැක්සන්ව තවත් තරහින් පිරෙව්වා. ජිමින්ව අතෑරපු ජැක්සන් ජිමින්ගෙ මූණට අත මිටි කරල පාරක් ගැහුවෙ ජිමින් වේදනාවෙන් පුරවලා. කම්මුලකට වැදුනු පාර නිසා ජිමින්ගෙ කටින් ලේකිකාවක් ආවත් ජිමින් වේදනාව දරාගෙන ආයෙමත් ජැක්සන් දිහා බැලුවා.
" තමුන්ට මේ කොන්ද පන නැති වැඩ වලින් ආඩම්බරයක් දැනෙනවද "
කට ඇතුලෙ එකතු උනු ලේ ගොඩක් කෙලත් එක්ක එලියට දාන ගමන් ජිමින් ඇහුවම ජැක්සන්ගෙ තරහ තව දෙගුණයක් , නෑ ඊටත් වැඩියෙන් වැඩි උනා.
YOU ARE READING
MY WORLD MY ANGEL ⚘✨│ onhold│
Losoweමේක කියවන්න එපා. බාගයක් ලියල නවත්තල තියෙන්නෙ. අන්පබ්ලිශ් කරන්න ලෝබ නිසා කරන්නෙ නෑ. කියවන්න එපා 🚫🚫