Unknown pov
කාර්යබහුල ගොඩනැගිල්ලක කවුද හිතන්නේ නිස්කලංක කාමරයක් තියෙන්න පුළුවන් කියලා විශ්වාස කරන්න අමාරුයි නේද ඒත් ඒක වෙන්න පුළුවන්. තමන්ගේ ජීවිතේ අන්තිම දවස කවුද කැමති දුකින් ගෙවන්න. ඉතින් මාත් ආසයි මගේ ජීවිතේ අන්තිම දවස මගේ පවුලේ සාමාජිකයන් එක්ක ගත කරන්න. ඒත් මන් කියලා මොන කරන්න ද එයාලා මාව දාලා ගිහින් ගොඩක් කල්
.................................................
Choi minhee pov
"මින්හා"
මන් ගැස්සිලා බැලුවේ මගේ හොදම යාළුවා කතා කරපු නිසා කිම් යුරා. එයා මන් දිහා බලලා පොඩි හිනවක් මුනට ගත්ත නිසාත් මෙයට කොහොමත් දවසකට දහ පාරක්වත් මගේ නම කියන්න ඕනේ නිසාත් මාත් එයට ආයෙත් චූටි හිනාවක් දාලා මන් කර කර හිටපු වැකරන්න ජනේලෙන් එළියේ බැලුවා. හැමදාම වගේ අදත් එයා ඉන්නවා basketball court එකේ. එයා එකට ගොඩක් දක්ෂයි එයාව පරද්දන්න තරම් කෙනෙක් නම් තමා අපේ ඉස්කෝලෙ නෑ කියන එක තමා මන් විශ්වාස කරේ. එයා ඒ තරම් දක්ශයි. කොටට කපලා තියෙන කළු පාට කොන්ඩේ, දාඩිය නාල හිටියත් එකෙනුත් එයාට අමුතුම ලස්සනක් ගෙනාවා. එයා දිහා බලන හැම වෙලේම මන් මගේ ලෝකේ අතරමං උන එක තමා උනේ.
කොහොමහරි ඉස්කෝලෙ ඉවර වෙලා මන් වෙනදා වගේම පයින්ම ගෙදර යන්න පිටත් උනේ අපේ ගෙදර මේ ලග තියෙන නිසා. පැය භගයකටත් කලින් මන් මගේ මාළිගාවක් වගේ තියෙන ගේ ඉස්සරහා. ඔව් මන් පෝසත් පවුලක එකම දුව. එකම දුව කිව්වට මට අයියා කෙනෙක් හිටියා ඒත් දැන් එයා නෑ. එයා චෝයි යොන්දෝ. මට වඩා අවුරුදු තුනක් ලොකුයි. දැන් අවුරුදු දෙකකට කලින් මේ ගෙදර ගොඩක් සතුට පිරුණු තැනක්. ඒත් ඒක මුසල දවසක් නිසා නැති වෙලා ගියා. එදා තමා මන් මේ ලෝකේ තනි උන දවස. තනිකම කියන්නේ මොකද්ද කියලා මට වැඩියෙන්ම දැනුන දවස. කොහොමින් කොහොමහරි මන් ගේ ඇතුලට ගිහින් වෙනදා වගේම තියෙන දෙයක් හදාගෙන කාලා නින්දට යන්න කලින් රෑ වෙලා balcony එකට ගිහින් තරු දිහා බලන් හිටියා එක දැන් මට පුරුද්දක් වෙලා.
Next day at school
අදත් එයා වෙනදා ඉන්න තැනම ඉන්නවා ඒත් එයා තනියෙන් එයාගේ team membersla නෑ අද එයත් එක්ක. අවුරුද්දක් වගේ කාලයක් තිස්සේ එයා දිහා බලන් ඉදලා දැන් මට එයාගේ මූනේ තියෙන හැඟීම් හොදින් තේරුම් ගන්න පුළුවන්. එයා අද දුකින් ඒත් ඇයි ? ඔයා ඒ ප්රශ්නේ ඔයගෙන්ම අහලා වැඩක් මින්හා එයාගෙන් ම තමා අහන්න ඕනේ ඒත් ඒක කොහොම කරන්නද. එයා ඔයාව දන්නේවත් නෑනේ. ඔයා දන්නවා උනාට. කමක් නෑ මින්හා බොරුවට තමන්ගේ හිත රිද්ද ගන්නේ නැතුව ඔය ඔයාගේ ගමන යන්න.
YOU ARE READING
NOT MINE
Fanfictionආධුනිකයෙක් වගේ මගේ ජීවිතයට ඇතුළු උන නුඹ මගේ මුළු ජීවිතයම උනා කිසිදා නොසිතූ ලෙසට ඔබ මගේ මිතුරෙකු වුණා මගේ සිත නුඹ ගැන සිතුවට නුබේ සිත මගෙන් දුරකට යොමුවූනා